ලංකාවේ ටෙලිවිශන් වල HD 4K ප්‍රෝඩාවේ ඇත්ත මෙන්&

chanakatec

Active member
  • Aug 23, 2016
    246
    119
    43
    දකුණ
    ලංකාවේ ටෙලිවිශන් වල HD 4K ප්‍රෝඩාවේ ඇත්ත මෙන්&

    මේ දිනවල බොහෝ දෙනා සියත TV නාලිකාව 4K ULTRA HD තත්වයෙන් බැලීම ගැන කතා කරන නිසා මෙය ලිවීමට සිතුණි.
    අද 4K UHD වැනි දරුණු තත්වෙකට ගිය මේ HD බොරුව අපේ රටේ නාලිකාවලට බෝ කිරීම ආරම්භ කළේ හිරු Tv නාලිකාවයි. එතැන් පටන් එම බොරුවේ විකාශනය මෙසේ විය.

    1. හිරු TV – ආරම්භයේදී HD, ඒත් දැන් Hd ready කියයි.

    2. TV1 – එක්වරම තිරයේ වම් පැත්තෙන් HD ready ලෙස පෙන්වීම අරඹන ලදි.

    3. ITN – FULL HD වෙනවා කියා දැවැන්ත ප්‍රචාරණක්ද සහිතව උත්සවයක් තියා අවසානයේ මැදිරිය පමණක් Full HD Ready වූ බව පවසන ලදි.

    4. උදයම් Tv – ලංකාවේ ප්‍රථම HD දමිළ නාලිකාව කියා උදම් ඇනූ මෙම නාලිකාවද දැන් සාමාන්‍ය නාලිකාවක් ලෙස ඇරඹී ඇත.

    5. සියත Tv- හරියට තවම රට පුරා විකාශනයවත් නොමැතිව ලොකුම බොරුව කළ නාලිකාව වෙමින් 4K ULTRA HD කියමින් උදම් අනා අවසානයේ රටටම විහිළුවක් විය. 4K UHD යන්න තිරයේ එක් පසෙක ලේබලයකට පමණක්ම සීමා වූ සාමාන්‍ය SD නාලිකාවක්ම විය. එකම වෙනස වූයේ 13 වැනිදා සිට දර්ශන අනුපාතය නම් 16:9 වීමයි.

    දැන් බලමු ලංකාවෙ 4K Ultra HD බලන්න පුළුවන්ද කියලා,
    තව දෙයක් 4K UHD වගේම Full HD, HD වැනි ඕනෑම තාක්ෂණයකින් යුත් නාලිකාවක් නැරඹීමට නම් ප්‍රථමයෙන්ම අපි ළඟ තියෙන රූපවාහිනී යන්ත්‍ර ඒම තාක්ෂණයන්ට ප්‍රතිචාර දක්වන ඒවා වෙන්න ඕන.
    හරි දැන් පටන් ගමු.

    මුලින්ම රටේ බහුතරයක් සාමාන්‍ය ජනතාව රූපවාහිනී නරඹන UHF ක්‍රමය ගමු. UHF විකාශනය සඳහා ලංකාවේ තවමත් භාවිතා වන්නේ Analog විකාශන ක්‍රමයයි. බලයට පත්වන ආණ්ඩු මෙම Analog ක්‍රමය Digital කිරීමට කිසිම උනන්දුවක් නොදැක්වීම නිසා කෙන්යාව වැනි රටවල් පවා Digital Tv සහිතව රූපවාහිනී තාක්ෂණයෙන් ලංකාවට වඩා ඉහළින් සිටී.
    මේ නිසා වර්තමානයේ සිටිමින් සාමාන්‍ය ඇන්ටෙනාවෙන් ලංකාවේ 4K UHD නැරඹීම ගැන කතා කිරීමම පවා තනිකර විහිළුවකි. මිය යාමට පෙර හෝ HD තාක්ෂණයෙන් යුත් නාලිකාවක්වත් නැරඹීමට හැකි වීමට නම් මුලින්ම දැනට පවතින Analog ක්‍රමය DVB – T2 හො ISDB – T යන කුමන Digital විකාශන ක්‍රමයකට පත්විය යුතුය. එතෙක් ඒ ගැන කතා කිරීමත් කාලය අපතේ යැවීමකි.

    මීළඟට දැනට ලංකාවේ පවතින Dialog TV, Dish TV වැනි චන්ද්‍රිකා මූලික කරගත් DTH ගැන බලමු.
    අපිට ආසන්න ඉන්දියාවේ, නේපාලයේ මෙවැනි සැටලයිට් සේවා හරහා 4K නාලිකා ලබාදීම සිදු කරයි. එහෙත් ලංකාවේ දැනට පවතින කිසිඳු මෙවැනි සේවා සපයන්නෙකු 4K නාලිකාවක් තම ග්‍රාහකයින්ට ලබා දීමේ හැකියාවකින් යුක්ත නොවේ. එනම් මෙවැනි සැටලයිට් සේවා ඔස්සේ 4K නාලිකා නැරඹීමට නම් ප්‍රථමයෙන් අප සතු Decoder එක HEVC හෙවත් High Efficiency Video Coding තාක්ෂණයෙන් යුත් එකක් වීම අනිවාර්ය වේ. අනෙක් කරුණ වන්නේ 4K නාලිකා සඳහා වැඩි Bandwith එකක් අවශ්‍ය නිසා දැනට මෙම DTH සේවා ඔබට ලබාදෙන Full HD නාලිකා කිහිපකට යන ඉඩ එක 4K නාලිකාවක් ලබාදීම සඳහා යන බැවින් සාපේක්ෂව ඔවුන්ට මෙය අලාභ ක්‍රමයකි. තම ලාභය ගැනම නිතරම සිතන ලංකාවේ DTH සේවා වල ක්‍රියා කලාපය බලන විට මෙම සේවා හරහාද දැන්ම 4K නාලිකා නැරඹීම බොරුවකි.
    එබැවින් ලංකාවේ තවමත් මෙම DTH සේවා ඔස්සේ අද වන විට උපරිම වශයෙන් ලබාදිය හැක්කේ FULL HD නාලිකාය.

    PEO TV හි භාවිතා වන IPTV තාක්ෂණයෙන් වුවද 4K UHD නැරඹීමට නම් HEVC තාක්ෂණයෙන් යුත් STB උපාංග අනිවාර්යෙන් අවශ්‍ය වනු ඇති සේම විකාශන ක්‍රම පවා 4K වලට සරිලන සේ වෙනස් කළ යුතු වේ. එම නිසා PEO TV වලින් වුවද 4K බැලීමට දැනට නොහැකිය.

    ඒ අනුව පවතින තත්වය අනුව අවසන් යථාර්තය වන්නේ ලංකාවේ 4K UHD නාලිකා විකාශනය ගැන කතා කිරීම පවා තනිකරම විහිළුවකි. එනම් 4K UHD නාලිකාවක් රූපවාහිනියකින් නැරඹීමේ කිසිඳු ක්‍රමයක් ලංකාවේ නැත. එය වෙබ් විකාශනයකටම පමණක් සීමා කිරීමට සිදුවේ.
    Digital Broadcasting නැති නිසා කොහොමත් HD වත් දීමට නොහැකි UHF පැත්තකින් තබමු.
    එහෙත් මින් පසු ඉදිරියටවත් ජනතාවට බොරු කියමින් ලොකු ලොකු තාක්ෂණයන් ලාංඡන හා නාමයන්ට පමණක් සීමා නොකර දැනට ලංකාවේ ප්‍රේක්ෂකයින්ට Dialog, Dish, PEO වැනි සේවා ඔස්සේ හෝ ලබා දිය හැකි HD තත්වයෙන්වත් තම නාලිකා ලබා දීමට පියවර ගන්නේ නම් එය ඉතා ඵලදායී කටයුත්තකි. නැතිනම් තවදුරටත් නාලිකා ප්‍රේක්ෂකයින්ට විහිළුවක්ම පමණි.

    උපුටාගැනීම-(C) Lahiru Ranaweera @ FM & TV Sri Lanka
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    නිකන් දෙන අස්සයගෙ දත් ගනින්නෙ මොකටද බං😷
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    lankawe television kiyannema prodawak thamai ban. ape gedara lanka channel ekak balala over 15yrs wenawa
     
    • Wow
    Reactions: Ultron

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    තනි බොරුව යන්නේ ඔය ඇඩ් වල ලංකාවේ ගොඩක් චැනල් වල කාම ආදි කලේ තාක්සනය පාවිච්චි වෙන්නේ. රේඩියෝ නම් තාම ඇනලොග්. ගොඩක් වෙලාවට studio backbone එකේ වෙනස් කම් පෙන්නනවා ලොකු දේවල් කියලා. transmitting link එකට ආවට පස්සේ ඉතින් පරණ ඇනලොග්ම තමා. සියත නම් 4k කැමරා විතරද කොහෙද දාලා තියෙන්නේ. මෙලෝ රහක් නැහැ. studio complex එකක් 4k යනවා කියන්නේ කෝටි ගානක වැඩක්. සියතටනම් එච්චර coverage එකක් වත් නැතුව ඒ වගේ වැඩකට ඉතින් යනවා කියන්නේ තනිකර බොරු වැඩක්. හැබයි කළු සල්ලි සුදු කරගන්නනම් හොඳ වැඩක්. බොරු බිල් ටිකක් පෙන්නලා ගොඩ දාගන්න ඇති.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    තනි බොරුව යන්නේ ඔය ඇඩ් වල ලංකාවේ ගොඩක් චැනල් වල කාම ආදි කලේ තාක්සනය පාවිච්චි වෙන්නේ. රේඩියෝ නම් තාම ඇනලොග්. ගොඩක් වෙලාවට studio backbone එකේ වෙනස් කම් පෙන්නනවා ලොකු දේවල් කියලා. transmitting link එකට ආවට පස්සේ ඉතින් පරණ ඇනලොග්ම තමා. සියත නම් 4k කැමරා විතරද කොහෙද දාලා තියෙන්නේ. මෙලෝ රහක් නැහැ. studio complex එකක් 4k යනවා කියන්නේ කෝටි ගානක වැඩක්. සියතටනම් එච්චර coverage එකක් වත් නැතුව ඒ වගේ වැඩකට ඉතින් යනවා කියන්නේ තනිකර බොරු වැඩක්. හැබයි කළු සල්ලි සුදු කරගන්නනම් හොඳ වැඩක්. බොරු බිල් ටිකක් පෙන්නලා ගොඩ දාගන්න ඇති.

    hiru , derana karanne kalu salli sudu karana eka kiyala parliament eke kathawak thibuna, owaya aththa naththa danne @erozan @2osama @nicjosh83 thamai
     
    • Dislike
    Reactions: 2osama

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    hiru , derana karanne kalu salli sudu karana eka kiyala parliament eke kathawak thibuna, owaya aththa naththa danne @erozan @2osama @nicjosh83 thamai
    කොහොමත් බඩු පට්ට ගනන් බන්. decoder 1 ක් ලක්ෂ පහක් විතර වෙනවා. encoder එකක් ලක්ෂ 40ක් විතර වෙනවා. link එකට වෙනම ගෙවන්න හරි බඩු ගන්න හරි වෙනවා. TRC එකට ලක්ෂ දහයකට වැඩිය ගෙවන්න වෙනවා අවුරුද්දට. වැනල් වැඩි වෙන්න වැඩි පුර ගෙවන්න වෙනවා. ලොගු group වල නම් තියන් ඉන්නේ බදු අඩු කර ගන්න. හිරු දෙරන එහෙම සෑහෙන්න වියදම් කලා. හැබයි කවරේජ් එක හැදුවා. studio complex එකක් හදන්නත් කෝටි ගානක් යනවා. ඒත් දැනට studio complex එකක් තියනවානම් මගේ ප්‍රමුඛතාවය දෙන්නේ කවරේජ් එක හදන්න. license ප්‍රශ්න එන්න පුළුවන් ඒත් පහුගිය කාලේ කොල්ලටයි බල්ලටයි සෑහෙන්න ලයිසන් දුන්නා. අනිත් අය කළු සල්ලි සුදු කරනවා ඇති. රජයේ නාලිකායි බෞද්ද ඒව්වයි ඇරුනම තියන හැම එකක්ම. ඒත් අර වාගේ අලි බොරුවක් කලේ සියත විතරයි. අනිත් හැමේම කවරේජ් එක තියන හින්දා backbone එක develop පාරක් දැන්මා විතරයි. අඩුම ගානේ වෙබ් stream එකවත් වෙනස් උනේ නැහැනේ. ඒකයි මම කියන්නේ බොරු බිල් වලින් හොඳ ගානක් සුදු කර ගන්න ඇති කියලා.
     
    • Like
    Reactions: SLK_sri

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Who watches TV these days? People must stay away from TV as possible they can. Sri Lankan TV channels are chaotic.