ලංකාවේ නරයන්ගේ නරකාදිය Must See
කොළඹ නගරයේ බොහෝ හෝටල පිසින ආහාරවල ක්ෂුද්‍ර ජීවීන් සිටින බව කොළඹ මහ නගර සභාව පවසනවා. මේ අහාරවල ඔය කියන සත්තු නැති වුණොත් තමයි ඒක ප්‍රවෘත්තියක් වෙන්නේ. කොළඹ නගරයේ විතරක් නෙවෙයි පිට පළාත්වල, ප්‍රධාන නගරවල පවත්වා ගෙන යන හෝටල පිසින ආහාරවල තත්ත්වයත් ඕකම තමයි. මේ වගේ කතා හැම තිස්සෙම ප්රවෘත්ති හරහා අහන්න ලැබෙනවා. ආහාර ගැන විතරක් නෙවෙයි,කොළඹ හා අනෙක් ප්‍රධාන නගරවල තිබෙන හොටලවල පිටිපස්සට පොඩ්ඩක් එබිලා බැලුවොත් නරකාදිය නරඹන්න පුළුවනි.
ඒ නරකාදියේ බත් ,මාලු, එළවළු උයන හැටිත් නරඹන්න පුළුවනි.
මම මේ ළඟදී දැක්ක සිද්ධියක් කියන්නම්. ගිය සතියේ මම යාපනයේ දින හතරක සංචාරයක් කළා. ඒ යන අතරවාරයේ රටේ ප්‍රධාන නගරයක පිහිටි සිංහල භෝජන ශාලාවකට ගොඩ වැදුනේ උදේට කෑම ටිකක් කන්න. මගේ ප්‍රියතම ආහාරය පාන් සහ පරිප්පු නිසා ඒක ඇණවුම් කරලා වේටර් කෙනෙක්ගෙන් අහගෙන පිටිපස්සට ගියා වැසිකිළිය හොයා ගෙන. කුණු මෝලක තියෙන දුගඳ හෝටලේ පිටිපස්සේ අඩුවක් නැහැ. මැස්සෝ ලක්ෂ ගණනින් කෑලි කැපූ කුකුල් මස් තොගයක වසා සිටියේ ඒවා උස්ස ගෙන යන්න වගේ.
ඒ අසලින්ම ගලා යන කානුවට මගේ ඇස් ගියේ වස ගඳ නිසා. අප්පච්චියේ...ඒක කානුවක් නෙවෙයි, අසූචි ගෙනයන නළයක් වගේ. කළු පාට වතුරේ මදුරු පණුවන් කෝටි ගණන් නළියනවා. ඒ හෝටලේ ඩෙංගු, මැලේරියා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වගේ. හෝටලයේ ඉදිරිපස ඉහළ ලස්සන් බෝඩ් එකක් ගහලා තිබුණට පිටිපස්ස අපායක් වගේ. චිරි,චිරි ගාන මඩ වතුර පාග ගෙන මම වැසිකිළියට එබුණා. දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ! වැසිකිලයේ පෝච්චිය උඩ වාඩි වෙලා මනුස්සයෙක් ඉස්සන්ගේ බෙලි කඩ, කඩා බිමට දමනවා. බිම ඉස්සෝ කිලෝ එකක් විතර තිබුණා. මම කිව්වා “ මට වැසිකිලියට යන්න ඕනේ” කියලා. මේ මනුස්සයා නැගිටලා එළියට ආවා. ඉස්සෝ ටික බිම. මම ආපහු හැරිලා ආවා. මෙන්න මේ විදිහට තමයි සමහර හෝටල අපිට කෑම හදන්නේ. මේ ආකාරයට පිසූ මස්, මාංශ පුංචි තැටිවල බහා ළූණු, මාලු මිරිස් කරලක් ලස්සනට තබා, වීදුරු කබඩ්වල තියා ඇත්තේ ඒ තරම් රසවත්,ප්‍රණීත, පිරිසිඳු ආහාරයක් මුළු ලෝකයෙම නැහැ වගේ. මේවා කන මිනිස්සුන්ට හැදෙන ලෙඩ දොස්තරලටවත් හොයා ගන්න බැහැ.
ළඟදී මට තවත් අපූරු ප්‍රවෘත්තියක් ‘ලක්බිම’ ජාඇල වාර්තාකාර ප්‍රසංග පෙරේරා මහතා අතටම ගෙනැල්ලා දුන්නා. ඒකට මම දැම්ම හෙඩිම තමයි ‘පොලිස් කොත්තු.’ පොලිස් කොත්තු අද රටේ බොහෝ හෝටල විසින් පොලිස් නිලධාරින් වෙනුවෙන්ම නිෂ්පාදනය කරන ආහාරයක්. මුළු දවසෙම මිනිස්සු කාලා ඉතිරි කරන කොත්තු රොටී කෑලි, පිඟන්වල ඉතුරු වෙන සුන්බුන් ඔක්කොම මේ හෝටල්කාරයෝ වෙනම තැටියකට එකතු කරලා තියනවා. රෑ කාලේ මාර්ග මුර සංචාරයේ යෙදෙන පොලිස් නිලධාරින් මේ හෝටලවලට ගොඩ වදින්නේ මොනවා හරි කාලා, ප්ලේන්ටියක් බීලා යන්න. බොහෝ පොලිස් නිලධාරින් මේ ආහාරවලට මුදල් ගෙවන්නේ නැහැ. ඒ නිලධාරින් වෙනුවෙන් ‘පොලිස්’ කොත්තුව නිෂ්පාදනය වෙනවා. මුළු දවසෙම ඉතුරු වෙන සුන්බුන් ආයෙත් පාරක් රත් කළ තැටියට දාලා, තෙල් ටිකක්, බිත්තරයක් කඩා දමලා කොත්තුව ගහනවා. ඊට පස්සේ උණු උණුවෙම කොත්තුව මේසයට යවනවා. පොලිස් නිලධාරින් ඒක කාලා, ප්ලේන්ටියකුත් බීලා යන්න යනවා. කතරගම පළාතේ ගියාම පබාහෝ දෙනා ආප්ප,කොත්තු කන්න නගරයේ තිබෙන කඩවලට ගොඩ වදිනවා. ඒ කඩවල හදන්නේ “පරෙයි කොත්තු” කියලා මට කිව්වේ ‘ලක්බිම’ කතරගම වාර්තාකාර කේ.ඩී.දේවප්‍රිය මහත්මයා. සමහර බැතිමත්තු පරෙයියෝ ගෙනල්ලා කතරගමදී නිදහස් කරනවා. මේ පරෙවියන්ට යන්න එන්න තැනක් නැහැ. ඒ නිසා උන් දහස් ගණන් ගොඩනැගිලි වහලවල ලගිනවා. ඒවායෙම පැටව් ගහනවා. ඒ නිසා පරෙයියෝ හිඟයක් කතරගමට නැහැ. රෑ කාලේ මේ වහල අස්සේ බඩගාන සමහරු පරෙයියෝ සිය ගණන් අල්ලලා මරලා මේ කඩවලට ගෙනැල්ලා දෙනවා. ‘චිකන් කොත්තු’වලට දමන්නේ පරෙයි මස්. පරෙයි මස් දාලා, කෑලි කපපු රොටී, එළවළු දමලා හොඳට ගහලා බැතිමතුන්ට කන්න දෙනවා. මේ කොත්තු කන කවුරුන්වත් දන්නේ නැහැ තමන් කන්නේ ‘චිකන්’ කොත්තු නෙවෙයි, ‘පරෙයි’ කොත්තු කියලා.
ඉතින් මේ විදිහේ අපිරිසිදු, අපරාධ කරන හොටල්කාරයින් අල්ලන්න නිසි වැඩ පිළිවෙලක් ඒ සඳහා නැති නගර සභාවකට පුළුවන්ද? මගේ උත්තර ‘බැහැ’. මොකද..? ඒකට උවමනා කරන සැලසුම්, පිරිස් බලය සහ මුදල් කිසිම නගර සභාවකට නැහැ. නමුත් මේ වැඩේ අනිවාර්යයෙන්ම සිදුකළ යුතුයි. අපේ රටේ මිනිසුන්ට රසවත් ආහාර වේලක් කොළඹ හෝ වෙනත් නගරයක තියෙන හෝටලයකින් කන්න කිසිම දවසක ලැබෙන්නේ නැහැ. ශීතකරණවල සති ගණන් තබා තියෙන පිසූ ආහාර යළි, යළිත් රත් කරමින් මිනිසුන්ට අලෙවි කරන කූට මුදලාලිලා ඉන්න රටක මේ වැරැදි නවත්වන්න දැඩි දඬුවම් ගෙනෙන්න ඕනේ. ගහන්න ඕනේ දඩ රුපියල් ලක්ෂ ගණන්වලින්. එක හොර මුදලාලියෙක්ට ඒ වගේ දඩයක් ගැහුවොත් හොර හෝටල් මුදලාලිලා සීයක් හමාරක් හැදේවි. නැත්නම් ඉතින් ‘අපිරිසිඳු ආහාර විකුණන හෝටල වටලනවා’ කියන කතාව ප්‍රවෘත්තියකුත් නෙවෙයිනේ !
Source : Lackbima
ත්රෙඅඩ් එක එල නම් සලකල යන්නකෝ

Last edited:

toilet eke padiya uda thiyagena kema uyanne! kakkussiye beti pirila

මහජන සවුක්ය පරික්ශකොයො කියලා ජතියක් ඉන්නෙ මොකටද මංදා