ලංකාවේ නරයන්ගේ නරකාදිය Must See

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ලංකාවේ නරයන්ගේ නරකාදිය Must See

    කොළඹ නගරයේ බොහෝ හෝටල පිසින ආහාරවල ක්ෂුද්‍ර ජීවීන් සිටින බව කොළඹ මහ නගර සභාව පවසනවා. මේ අහාරවල ඔය කියන සත්තු නැති වුණොත් තමයි ඒක ප්‍රවෘත්තියක් වෙන්නේ. කොළඹ නගරයේ විතරක් නෙවෙයි පිට පළාත්වල, ප්‍රධාන නගරවල පවත්වා ගෙන යන හෝටල පිසින ආහාරවල තත්ත්වයත් ඕකම තමයි. මේ වගේ කතා හැම තිස්සෙම ප්‍රවෘත්ති හරහා අහන්න ලැබෙනවා. ආහාර ගැන විතරක් නෙවෙයි,කොළඹ හා අනෙක් ප්‍රධාන නගරවල තිබෙන හොටලවල පිටිපස්සට පොඩ්ඩක් එබිලා බැලුවොත් නරකාදිය නරඹන්න පුළුවනි.
    ඒ නරකාදියේ බත් ,මාලු, එළවළු උයන හැටිත් නරඹන්න පුළුවනි.

    6354191.jpg


    13MN_DIRTY_KITCHEN_1143711f.jpg


    24BGPELEAD_1153883f.jpg


    මම මේ ළඟදී දැක්ක සිද්ධියක් කියන්නම්. ගිය සතියේ මම යාපනයේ දින හතරක සංචාරයක් කළා. ඒ යන අතරවාරයේ රටේ ප්‍රධාන නගරයක පිහිටි සිංහල භෝජන ශාලාවකට ගොඩ වැදුනේ උදේට කෑම ටිකක් කන්න. මගේ ප්‍රියතම ආහාරය පාන් සහ පරිප්පු නිසා ඒක ඇණවුම් කරලා වේටර් කෙනෙක්ගෙන් අහගෙන පිටිපස්සට ගියා වැසිකිළිය හොයා ගෙන. කුණු මෝලක ති‍යෙන දුගඳ හෝටලේ පිටිපස්සේ අඩුවක් නැහැ. මැස්සෝ ලක්ෂ ගණනින් කෑලි කැපූ කුකුල් මස් තොගයක වසා සිටියේ ඒවා උස්ස ගෙන යන්න වගේ.

    B8MWM7.jpg


    ඒ අසලින්ම ගලා යන කානුවට මගේ ඇස් ගියේ වස ගඳ නිසා. අප්පච්චියේ...ඒක කානුවක් නෙවෙයි, අසූචි ගෙනයන නළයක් වගේ. කළු පාට වතුරේ මදුරු පණුවන් කෝටි ගණන් නළියනවා. ඒ හෝටලේ ඩෙංගු, මැලේරියා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වගේ. හෝටලයේ ඉදිරිපස ඉහළ ලස්සන් බෝඩ් එකක් ගහලා තිබුණට පිටිපස්ස අපායක් වගේ. චිරි,චිරි ගාන මඩ වතුර පාග ගෙන මම වැසිකිළියට එබුණා. දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ! වැසිකිලයේ පෝච්චිය උඩ වාඩි වෙලා මනුස්සයෙක් ඉස්සන්ගේ බෙලි කඩ, කඩා බිමට දමනවා. බිම ඉස්සෝ කිලෝ එකක් විතර තිබුණා. මම කිව්වා “ මට වැසිකිලියට යන්න ඕනේ” කියලා. මේ මනුස්සයා නැගිටලා එළියට ආවා. ඉස්සෝ ටික බිම. මම ආපහු හැරිලා ආවා. මෙන්න මේ විදිහට තමයි සමහර හෝටල අපිට කෑම හදන්නේ. මේ ආකාරයට පිසූ මස්, මාංශ පුංචි තැටිවල බහා ළූණු, මාලු මිරිස් කරලක් ලස්සනට තබා, වීදුරු කබඩ්වල තියා ඇත්තේ ඒ තරම් රසවත්,ප්‍රණීත, පිරිසිඳු ආහාරයක් මුළු ලෝකයෙම නැහැ වගේ. මේවා කන මිනිස්සුන්ට හැදෙන ලෙඩ දොස්තරලටවත් හොයා ගන්න බැහැ.


    Kama-3.jpg


    ළඟදී මට තවත් අපූරු ප්‍රවෘත්තියක් ‘ලක්බිම’ ජාඇල වාර්තාකාර ප්‍රසංග පෙරේරා මහතා අතටම ගෙනැල්ලා දුන්නා. ඒකට මම දැම්ම හෙඩිම තමයි ‘පොලිස් කොත්තු.’ පොලිස් කොත්තු අද රටේ බොහෝ හෝටල විසින් පොලිස් නිලධාරින් වෙනුවෙන්ම නිෂ්පාදනය කරන ආහාරයක්. මුළු දවසෙම මිනිස්සු කාලා ඉතිරි කරන කොත්තු රොටී කෑලි, පිඟන්වල ඉතුරු වෙන සුන්බුන් ඔක්කොම මේ හෝටල්කාරයෝ වෙනම තැටියකට එකතු කරලා තියනවා. රෑ කාලේ මාර්ග මුර සංචාරයේ යෙදෙන පොලිස් නිලධාරින් මේ හෝටලවලට ගොඩ වදින්නේ මොනවා හරි කාලා, ප්ලේන්ටියක් බීලා යන්න. බොහෝ පොලිස් නිලධාරින් මේ ආහාරවලට මුදල් ‍ ගෙවන්නේ නැහැ. ඒ නිලධාරින් වෙනුවෙන් ‘පොලිස්’ කොත්තුව නිෂ්පාදනය වෙනවා. මුළු දවසෙම ඉතුරු වෙන සුන්බුන් ආයෙත් පාරක් රත් කළ තැටියට‍ දාලා, තෙල් ටිකක්, බිත්තරයක් කඩා දමලා කොත්තුව ගහනවා. ඊට පස්සේ උණු උණුවෙම කොත්තුව මේසයට යවනවා. පොලිස් නිලධාරින් ඒක කාලා, ප්ලේන්ටියකුත් බීලා යන්න යනවා. කතරගම පළාතේ ගියාම පබාහෝ දෙනා ආප්ප,කොත්තු කන්න නගරයේ තිබෙන කඩවලට ගොඩ වදිනවා. ඒ කඩවල හදන්නේ “පරෙයි කොත්තු” කියලා මට කිව්වේ ‘ලක්බිම’ කතරගම වාර්තාකාර කේ.ඩී.දේවප්‍රිය මහත්මයා. සමහර බැතිමත්තු පරෙයියෝ ගෙනල්ලා කතරගමදී නිදහස් කරනවා. මේ පරෙවියන්ට යන්න එන්න තැනක් නැහැ. ඒ නිසා උන් දහස් ගණන් ගොඩනැගිලි වහලවල ලගිනවා. ඒවායෙම පැටව් ගහනවා. ඒ නිසා පරෙයියෝ හිඟයක් කතරගමට නැහැ. රෑ කාලේ මේ වහල අස්සේ බඩගාන සමහරු පරෙයියෝ සිය ගණන් අල්ලලා මරලා මේ කඩවලට ගෙනැල්ලා දෙනවා. ‘චිකන් කොත්තු’වලට දමන්නේ පරෙයි මස්. පරෙයි මස් දාලා, කෑලි කපපු රොටී, එළවළු දමලා හොඳට ගහලා බැතිමතුන්ට කන්න දෙනවා. මේ කොත්තු කන කවුරුන්වත් දන්නේ නැහැ තමන් කන්නේ ‘චිකන්’ කොත්තු නෙවෙයි, ‘පරෙයි’ කොත්තු කියලා.

    priyani-kottu-roti.jpg


    ඉතින් මේ විදිහේ අපිරිසිදු, අපරාධ කරන හොටල්කාරයින් අල්ලන්න නිසි වැඩ පිළිවෙලක් ඒ සඳහා නැති නගර සභාවකට පුළුවන්ද? මගේ උත්තර ‘බැහැ’. මොකද..? ඒකට උවමනා කරන සැලසුම්, පිරිස් බලය සහ මුදල් කිසිම නගර සභාවකට නැහැ. නමුත් මේ වැඩේ අනිවාර්‍යයෙන්ම සිදුකළ යුතුයි. අපේ රටේ මිනිසුන්ට රසවත් ආහාර වේලක් කොළඹ හෝ වෙනත් නගරයක තියෙන හෝටලයකින් කන්න කිසිම දවසක ලැබෙන්නේ නැහැ. ශීතකරණවල සති ගණන් තබා තියෙන පිසූ ආහාර යළි, යළිත් රත් කරමින් මිනිසුන්ට අලෙවි කරන කූට මුදලාලිලා ඉන්න රටක මේ වැරැදි නවත්වන්න දැඩි දඬුවම් ගෙනෙන්න ඕනේ. ගහන්න ඕ‍නේ දඩ රුපියල් ලක්ෂ ගණන්වලින්. එක හොර මුදලාලියෙක්ට ඒ වගේ දඩයක් ගැහුවොත් හොර හෝටල් මුදලාලිලා සීයක් හමාරක් හැදේවි. නැත්නම් ඉතින් ‘අපිරිසිඳු ආහාර විකුණන හෝටල වටලනවා’ කියන කතාව ප්‍රවෘත්තියකුත් නෙවෙයිනේ !

    Source : Lackbima

    ත්රෙඅඩ් එක එල නම් සලකල යන්නකෝ
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මුන්ට හෙන ගහන්න එපායෑ බං.. මමත් දවසක් කොටුව පැත්තෙ කරක් ගහද්දි මාත් එක්ක ගිය බුවා කඩේකට ඇදන් ගියා.. ෂොට් ඊට්ස් වගයක් අරන් සෝස් නැද්ද කියල ඇහුව.. ඌ ඇතුලට ගිහින් සෝස් එකක් ගෙනත් දුන්න සෝස් එන්නේ නෑ ඒකෙන් ගල් වෙලා.. ඌ කට්ටක් ගෙනත් විදල දෙනව දැන් හරි කියල.. ඇදල අරින්න හිතුන මූනට ඒක.. තවත් සිද්දිමන්ට් එකක් දැක්ක.. කඩයක් ලග දවසක් වාහනේ නැවැත්තුව.. ඒ කඩේ ඉස්සරහ සුපිරි කියන්නෙ.. බිමට බත් දාගෙන කත හැකි තත්වෙ.. ඒත් අපි නවත්තපු ස්පොට් එකට යාන්තමට හිලකින් වගේ පේනව කඩේ පිටිපස්ස.. අම්මට සිරි කඩේ පිගන් හෝදන්න කෑම හදන්න ගන්න වතුර බේසමක් තියනව.. එතනම පොඩි එකෙක් ව හිටෝලා නාවනව..
    මහ කාලකන්නි බං.. නම් දරපු ස්පොට් එකකින් නැතුව කන්න හොද නෑ බං ජරාව..:baffled::baffled::baffled:
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    kotuwa millers building eke (hospital street eka gawaa thiyana)loku MUSLIM kema kadeth oya wage apaayak!:growl: toilet eke padiya uda thiyagena kema uyanne! kakkussiye beti pirila:baffled:
     

    Aselak

    Member
    May 31, 2012
    829
    301
    0
    aththa kathawa ! api sallith deela ikmanata marenawa !! sorry rep denna rawumak yannalu.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හැම තැනම් ඔහොම තමයි බන් :dull: මහජන සවුක්‍ය පරික්ශකොයො කියලා ජතියක් ඉන්නෙ මොකටද මංදා:oo: