ලංකාවේ නෝමල් වෙලා තියෙන ගොන් දේවල් මොනවද?

ලංකාවේ නෝමල් වෙලා තියෙන ගොන් දේවල් මොනවද?

  • කන කෑම ජාති. මස් මාළු අඩුවෙන් කන එක. බත් කන්දක් ගහගෙන කන එක.

    Votes: 147 58.8%
  • ගිනි රස්නේ දිග කලිසන් ඇඳගෙන යාමේ පුරුද්ද. ඔෆිස් වලට නෙමෙයි නිකන් එලියට ගියත්.

    Votes: 100 40.0%
  • හොඳම ඉස්කොලා වලට පොරකාලා ලමයව දාගෙන ඊටපස්සේ පන්ති තොගේකට ලමයව යවන එක

    Votes: 137 54.8%
  • සිංහල හොඳට දන්න සිංහලු හොටෙල් එකකට ගියාම සිංහල වේටර් එක්ක ඉංග්‍රීසියෙන් කතා කිරීම

    Votes: 134 53.6%
  • 25-30-35 වෙනකොට කසාද බන්දලා ළමයි හදන්න ඕන කියල තියෙන පිළිගැනීම

    Votes: 116 46.4%
  • පූජක පක්ෂයට අමුතු තැනක් දීලා තියෙන එක.

    Votes: 123 49.2%
  • බස් මොඩිෆයි කරලා කුජීත බස් සින්දු දාගෙන යන එක. ඒවාට වෙනම ෆෑන් බේස් එකක් තියෙන එක.

    Votes: 191 76.4%
  • හන්දියක් හන්දියක් ගානේ සද්දෙට ලවුඩ්ස්පිකර් වලින් සින්දු දාගෙන ගෝෂා කරන එක

    Votes: 139 55.6%
  • සිංහලු හොඳට අඳුරන්නේ නැති උන්ගෙන් පවා පුද්ගලික ප්‍රශ්න අහන එක.

    Votes: 134 53.6%
  • සෙට් පිටින් ට්‍රිප් යාම. තනිව, කපල් විදියට නැතුව කොල්ලෝ , නෑදැයෝ සෙට්, නැත්තන් ගමම එක්ක ට්‍රිප් යාම

    Votes: 78 31.2%

  • Total voters
    250

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,881
    3,075
    113
    colombo
    පොලිසියෙන් වැඩක් කරගන්න ඕනේ නම් පගාව දෙන්න වෙන එක
    ගංජා අයිස් කුඩු සිගරට් ගානට සමාන වෙලා තිබීම
    පොලිසියට ගිහින් ඊ හෝරාව අල්ලලා දෙන්න වීම
    නමට 119 තිබීම
    ටකරම් ලෑල්ලට චන්දය දීම

    රජයේ උපාදියක් නම් ආණ්ඩුවේ ජොබ් එකක් ලැබිය යුතු මතය
    හැම චන්දෙකදිම රට බේරගන්න අන්තිම අවස්තාව පැමිණීම

    ඕක තමයි බන් අපේ රට කවදාවත් දියුණු වෙන්නේ නැත්තේ. තමුන්ගේ වැඩක් බලාගන්නේ නැතුව අනික් එවුන්ගේ රෙද්ද හොයන්න යනවා. මම ටිකක් පරක්කු වෙලා කසාද බැන්දේ. ඒ බදිනකන් දෙමව්පියන්ගේ වටේ පිටේ ඉන්න නෑදෑයෝ යාළුවෝ පුදුම විදියට ඕප දූප හෙව්වේ. එක ගෑණු කෙනෙක් හිටියා හෙන අමාරුවක් තිබුනේ. අන්තිමට ඒ ගෑණිගේ දුව බැඳලා වෙඩින් ඇල්බම් එක එන්නත් කලින් ඩිවෝස්(උනදේ හොඳයි කියනවා නෙවෙයි) ඒත් මේ ගෑණි එක එක ඒවා කියන එක අතහැරියේ නැහැ. හෙනම කුහකයෝ.
    කියෙන්ද බැන්දේ
    ------ Post added on Sep 17, 2023 at 6:38 AM
     
    • Like
    Reactions: sami_boy

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,963
    1
    6,828
    113
    ලංකාවෙ ගොං දේවල් කියල නූලක් දාල තමං ලංකාවෙ නෙවෙ තමං radical කියල කියන එක
     
    • Like
    Reactions: Thiefx

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    ම් ලිස්ට් එකේ තියෙන ගොඩක් දේවල් තම තමුන්ගෙ කැමැත්ත අකමැත්ත අනුව තීරණය වෙන දේවල්...
    මුලු රටටම හානියක් වෙන දේවල් ඔය වගේ නෝමල් දේවල් වෙන එක තමයි අවුල...

    කඳු උඩ චෛත්‍ය හදනව වගේ දේවල්..
    ට්‍රැවල් කරනව කියල, ඕෆ්රෝඩ් වාහන, බයික් අරන් ගිහින් සංවේදී පරිසර පද්ධති වනසන එක...