ලංකාවේ පාතාල කතා

May 30, 2014
413
110
0
ලංකාවේ පාතාල කතා

11659430_812399975534024_3626689948597905536_n.jpg



ගෝනවල සුනිල්ගෙන් පටන් ගෙන සොත්ති උපාලි, වම්බොට්ටා, ධම්මික අමරසිංහ,
බැදදගානෙ සංජීව, ඕල්කට්, ෆාජි, පොට්ට නෞෆර්, ආනමාලු ඉමිටියාස්, චින්තක අමරසිංහ , කලු අජිත්, මොරටු සමන්, දෙමටගොඩ කමල්, කිඹුලා ඇලේ ගුණා, තෙල් බාලා , ප්‍රින්ස් කොලම් , ධනුශ්ක , නේවි රුවන්, නේවි අසංක, කරාටෙ ධම්මික, අයිස් මංජු, නෙලුවේ ප්‍රියන්ත, නෙලුවේ ප්‍රියන්ත , කඩුවෙල වසන්ත, ආමි රොෂාන් , උස කුමාර ආදි 70 , 80 , 90 දශක හා පසුගිය දශකයෙ මුල් භාගයෙ පාතාල
ලොව හෙල්ලු බොහොමයක් අද වන විට මිය ගොස් ඇත. සමහරුන් අතුරුදන් වී ඇත.
සමහරුන් හිරගෙදර සිය ජීවතයෙ අවසාන කාලය ගත කරයි.

පාතාල ලොව ගෝඩ් ෆාදර් කිරුල දිනු නාවල නිහාල් හට සිදු වූ දෙය ඔවුන්ගෙ සගයන්ද නොදනි නමුත් නාවල නිහාල් සමග ෆේස්ටු ෆේස් හැප්පුණු එකම පුද්ගලයා අශෝක. අශෝක නාවල නිහාල්ට මූණට කීවා මරනවා කියලා. ඒකට නාවල නිහාල් තක්බීර් වෙලා හිටියෙ. නාවල නිහාල් ජීවිතය බේරගන්න අන්තිමේදී නතර වුණේ ඉතාලියේ නාපොලි නුවරය.

නාවල නිහාල්ටවත් ඔළුව නැමුවෙ නැති කවුද මේ පාමංකඩ පොඩි අශෝක..
ඇත්තෙන්ම පාමංකඩ පොඩි අශෝක පාතාල චරිතයක්ද?
එසේ නොවේනම් අශෝකගේ විශේෂත්වය කුමක්ද?

පාමංකඩ පොඩි අශෝක කොයි වගේ කෙනෙක්ද?

අශෝක කියන්නේ පතාල ලොකේ එදා මෙදා තුර බිහි නොවෙච්ච චරිතයක්. අපිත් හොඳ වැඩකාරයෝ දැක්කා. ඒත් අශෝක වගේ මිනිහෙක්ව දැක්කේ නැහැ. පාතාලේ කප්පම් ගන්න, කුලියට මිනී මරන අයට විරුද්ධව ආයුධ අතට ගත්ත කෙනෙක්. කොටින්ම කියනවානම් උම්බලකඩ කෑල්ලක්වත් කාපු නැති කෙනෙක්. ඒ කාලේ පාතාලේ කවුරුත් අශෝකට බයවෙලා හිටියේ. ඒ කාලේ පාමංකඩ පොඩි අශෝකගේ නම මුළු ලංකාවම දැනගෙන හිටියා. ඒත් පුද්ගලයා කවුද කියලා දන්නෙ නැහැ

එක එක කට්ටිය, එක එක ප්‍රශ්න විසදගන්න අශෝක ළඟට ආවා. චණ්ඩියෙක් බලෙන් නංගිව දූෂණය කළාම සමහර අයියා හරි මල්ලි හරි අශෝකට ඇවිල්ලා කියනවා. අශෝකට ඒවා වාවන්නේ නැහැ. අශෝක හරි සංවේදී මනුස්සයෙක්. අන්තිමේදී අශෝක උන්ට විරුද්ධව ගේමට බැස්සා. චණ්ඩිකමෙන්, ගේම් ගහපු කැත වැඩ කරපු ඔක්කොටම අශෝක පනිෂ්මන්ට් දුන්නා. ඒ කාලෙ පාතාල නායකයෝ ගොඩාක් අශෝකට බයවෙලා හිටියේ.

ඇයි නාවල නිහාල් මරන්න අශෝක උත්සාහ කළේ..?

කොල්ලන්ගෙ අතට ආයුධ දීලා මංකොල්ලකෑම්, කප්පම් ගැනීම්, සංස්කෘතියක් එක්ක පාතාල මාෆියාව නිර්මාණය කළේ නාවල නිහාල්. හැදෙන පරපුර ඒ තත්ත්වයට ඇදලා දැම්ම නිසා අශෝක නාවල නිහාල් එක්ක හිටියේ බද්ධ වෛරයෙන්. දවසක් මාදින්නාගොඩ සුගතුයි, අශෝකයි නාවල නිහාල් මරන්න නුගේගොඩ හන්දියේ රැකලා හිටියා. ඒත් එදා නාවල නිහාල් එක්ක කාරකේ ගියේ අශෝක අඳුනන කෙනෙක්. එයා පොලිසියේ ඉ.ධ්. මහත්තයෙක්. මුලින්ම කාරකෙන් බැස්සේ එයා. අශෝකට එයාව දැකලා පුදුම හිතුණා. සුගත්ට හිමින් කිව්වා අපි මෙතැනින් යමු කියලා. නැත්නම් එදා නාවල නිහාල්ව අනිවාර්යයෙන් මරනවා.

පාමංකඩ පොඩි අශෝක දෙල්කඳ උසාවි සංකීර්ණයේදී ඝාතනය උනේ දහසක් දෙනාගෙ ඇස් වලට කදුලු එක් කරමින්.

විජය කුමාරණතුංගගෙන් පස්සේ මම දැක්ක වැඩිම සෙනඟ හිටියේ පාමංකඩ පොඩි අශෝකට. මුළු කිරුළපන, නාරාහේන්පිට පුරාම ඩබල් ඩබල් තොරණ ගැහුවේ. මැරුවාද, මැරුණාද කියලා. ඇන්ටන් ජෝන්ලා ඒ සිරාට, මේ සිරාට සින්දු ගැහැව්වා. ගහන්න ඕන මිනිහට ගැහැව්වේ නැහැ.

මරණෙට ආපු කට්ටිය අශෝකගෙ ගේ දැකලා පුදුම හිතුණා. එයා හිටියේ පාමංකඩ අලුවලවත්තේ ලෑලි ගහපු ගෙයක. හැබැයි ඒ කාලේ බිල්ඩින් 60-70 ගහන්න පුළුවන් බලයක් අශෝකට තිබ්බා. ඒත් අශෝක ඒ බලෙන් අයුතු ප්‍රයෝජන ගත්තේ නැහැ. කිරුළපනේ දහ දෙනෙක්ගෙන් ඇහුවොත් අශෝක ගැන දහදෙනාම හොඳ කියයි. අශෝක කියන්නේ ඒ වගේ පුදුම රත්‍රන් හදවතක් තිබ්බ චරිතයක්.

දැන් සිතිය යුත්තෙ ලංකාවෙ පාතාල ලෝකයෙ අනාගතය කුමන අයුරින් දරුණු විය හැකිද යන්නයි.පොලොන්නරුවෙ පොඩි විජේලා ,
මරදානෙ චොප්පෙලා , අග්ගොන චන්දරේලාල සොත්ති උපාලිලා ඉතා දරුණුය. ගමක් බිය කරගෙන සිටි චන්ඩිගෙන්
පැවතගෙන ආ සංස්කෘතිය පාතාලය බවට පත් වී මුලු රටටම පිළිලයක් විය.කඩු , ඩප්පි ඉතා ඉක්මනින් තුවක්කු, බෝම්බ විය. ජාවරම් වලින්
පෝෂණය වීමට තැත දැරු පාතලය මෙන් නොව පසු කලෙක බලයට පාතලයේ ලොක්කන් සටන් කලේය. කසිප්පු නොදීම් නිසා කලහ කර
ගැනීමට ගිය කැලණියේ ඩයස් , හෝටලයක් නිසා මැරුම් කෑ ඉතාලි ජගත් එවාට හොද උදාහරණය. පාතාලයට ජාතිවාදයද සම්බන්ධ වුණි.
සුදාකරන්ගෙන් දෙමල පාතාලයක් ඇරඹුණි. එය ඉවසාගත නොහැකිව කුඩු නූර් , ෆාජි ,ආනමාලු ඉමිටියාස් මුස්ලිම් පාතාලයක් ඇතිකර දෙමල
පාතාලය විනාශ කලේය. මුස්ලිම් පාතලය අවසානය සිදු වූයේ ප්‍රින්ස් කොලම්ගෙන් ඇරඹි සිංහල පාතාලය හේතුවෙනි.

මොරටු සමන් දැන් මොරටුවේ නැත. මොරටු සමන්ගෙ ඉතාම සමීප පාතාලෙ සාමාජිකයෙකු වූ " සුදු මල්ලි " දැන් ඉතාලියෙ ජීවත් වේ.
ඔහු ඉතාලි කාන්තවාක් විවාහ කරගෙන සිටියි. දැන් මොරටුවට සමන් නැති අඩුව පිරිමහන්නට ලසන්ත නැමත්තෙකු කුරුමාණම් අල්ලයි.ගංජා හා
මත්කුඩු ඔහුගේ ජාවාරමයි.රත්මලානෙ එකල පාතාලයෙ සිටි කෙරුමෙකු වූයෙ උස කුමාර නැමැත්තායි.දෙහිවල ජගත් ඝාතනය කරමින් කරලියට
පැමිණි ඔහුත් පොලිසියට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ගොස් මැරුම් කෑවේය. දැන් මත්කුඩු ජාවරම සමගින් රත්මලානට පාතාල සංස්කෘතිය
නැවත බෝ කිරිමට උත්සහ කරන්නෙ කුඩු රාජාය.

බොරැල්ලෙ ඔල්කට් කුරුණෑගලදී මිය ගියේය. ඔහුගෙ මාමා තම නෑදෑ පුතුගෙ හා දමිත නැමති ඕල්කට්ගේ සමීපතමයාගෙ පුරසාරම් දොඩමින්
ඉතාලියෙ ජීවත් වේ. කුඩු නිලංග , කිතුල්වත්තෙ හාමු මෙන්ම අම්මාන් නැමැත්තන් දැන් බොරැල්ලේ සිට පාතාල ලොව අකුරු කියවමින්
සිටියි.භාරත ලක්ෂ්මන් මහතාගෙ ඝාතනයෙන් තවත් පාතාලයන් ගැන තතු හෙලි වෙති . බස් චූටිගෙ ගෝලයෙකි වන වැල්ලම්පිටියෙ හැරිසන්
ඉතා ඉක්මනින් පාතාල ලොව ඉහලට යන චරිතයක් බවට පත්ව ඇත. කරාටෙ ධම්මික අතුරුදහන් වුවත් ඔහුගේ ගෝලයන් වූ පාන් අනුර ,
මංජු , තිලංක, කුඩු ගැමුණු , දිනහේවා, නොන්ඩි අජිත් මේ අතරින් ප්‍රධානය.

ෆාජිගෙ සෙවන යටතේ මාලිගාවත්තෙ රජ කල මාමස්මිටත් වැඩ වැරදෙයි. ඒ ජලාශ පාරෙ චිප්පේද කුඩු ජාවරම රැගෙන කොලඹට පැමිණ
ඇති නිසාය.ඔහු අවි ජාවාරමද සිදු කරයි.බ්ලුමැන්ඩල්හී ප්‍රින්ස් කොලම්ට අවසානය ලගා වුයේ ශ්‍රිලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වූ තරගයක් නරඹන
අතරතුරේදිය.බ්ලුමැන්ඩල්හි සංජිව තවමත් බන්ධනාගාරයේය. මට්ටක්කුලියෙ ගල් සම්පත් හා නුවන්ලා පාතල ලොව අදුරට දැන් හුරුවෙමින් පවති.
කොම්පඥ්ඥවීදියෙ මැක්සිත් එසේමය. අංගොඩ දාබරේ , බිත්තර චමින්ද , සිංහපුර දීප්ත තවත් පිරිසකි.

කඩුවෙල වසන්ත මිය ගියත් කඩුවෙල වාසල තවමත් පාතල ලොව සැගවූ චරිතයක් ලෙස ජීවත්වේ.මිනී 35කටත් අධික සංඛයාවකට
වගකිවයුතු නදුන් නැමැත්තා දරුණු පාතාල නායකයා සිටින්නේ ඉතාලියේය.
ඔහු ඉතාලියේ ඉතා සාමකාමි ජීවිතයක් ගතකරන අතර
ඉතාලි ශ්‍රි ලාංකිකයන් විසින් පවත්වන උත්සහ වලට පවා සහභාගිවේ. ෆේස්බුක් වෙබ් අඩවියේ පවා සිටියි. එහෙත් ඔහු කවුද කියා හරියටම
දන්නෙ ඔහුත් සමග සාද වලට සහභාගිවන පිරිස සහ ඔහුව ලගින් ඇසුරු කරන තරුණ පිරිසයි.මාතර සුමිත් , දෙවුන්දර චමත් , උනාකූරුවේ ශාන්ත ,
මාතර සෙල්ල , මදුශ් , තරුදු , බද්දේගම ප්‍රසන්න , බාබර් රංග , චමින්ද දැන් දැන් දකුණේ පාතාලයට අත පොවා ඇත. රත්ගම මදුර විදේශ
ගතව සිටියත් ඔහුගෙ කටයුතු මෙහෙය වීමට බුස්සේ ලලිත් සිටී.

මොවුන් සියල්ලගේම ප්‍රධාන ජාවරම මත්කුඩුය. එමෙන්ම කුලි මිනීමරුවන් මෙන කටයුතු කරන අතර කප්පම් ගැනීමද සිදුකරයි. අනාගතයේදීත් සොත්ති උපාලිලා බිහිවිය හැකි නිසා එය නැවත්වීමට දැන්ම පටන් කටයතු කල යුතුය.

නොසැලෙයි
දිවි මකුළු ඇස නොසැලෙයි
නළියයි
අඳුන් දිවි නිය පහුර නළියයි
උකුසු ඇසට නොපෙනී
මහා කළු වෘකයා ගොදුර ඉව අල්ලයි
මොන නීතියද මේ
මිනිස් වනාන්තරේ

සඳ එළියේ
දිව්‍ය ලෝකෙන් පාවී
කුණු කසළ වැටි වැටී
නිවි නිවී යයි ගිනිදැල් අපායේ
කුවේරයා ලිස්සා ගිහින් පාතාලේ

විනිසුරු අසුනේ
සත් පුරුෂ ප්‍රාණේ
කළු රෙද්දෙන් ඔතලා
අපරාධය හෝ ඝාතකයා හෝ
විනිවිද නොපෙනේ

නීති පොතේ ඉන්ද්‍රජාලේ
ඝාතකයා - මිනීමරන්නේ - තිරිසනා
විනිසුරුවා - නඩු අසන්නේ - මිනිසා
මුනිවරයා - සමාව දෙන්නේ - දෙවියෝ



updating......
 
Last edited:

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇයි බන් උබට අමතක වුනාද ඉස්කෝලේ නිවාඩු කාලෙට හැදෙන පාතාලේ? එකත් සෑහෙන්න දරුණුයි අප්‍රේල් අගෝස්තු දෙසැම්බර් මාස වල..:yes:
     
    May 30, 2014
    413
    110
    0
    15614_812400132200675_3097809304869084072_n.jpg



    රටටම විස බෙදන සර්ප පැටවු.

    අතීතයේ කසිප්පු ටිකක්‌ බීගෙන කඩු, ටියුබ් ලයිට්‌, යකඩ පොලු ගෙන ගමේ රජකළ ආරිලා, පාලලා, ඇලෝසියස්‌ලා සහ උක්‌කුවලා වැනි ගං චණ්‌ඩින්ගේ යුගය මෙරට පාදඩ සංස්‌කෘතියේ ආරම්භය ලෙස අද ඉතිහාසයට එක්‌ව තිබෙන්නකි.

    එම ඉතිහාසයේදී මෙකී ගං චණ්‌ඩින් කළේ කසිප්පු හෝ ගංජා ටිකක්‌ විකුණමින් තමන්ගේ ආදායම සරි කර ගන්නා අතරේ තමන්ට එරෙහිව ගමේ කිසිවකු හෝ නැගී සිටියහොත් ඔහුට අතපය කැඩෙන්නට ප්‍රහාරයක්‌ එල්ල කර චණ්‌ඩි කමින් ගම වැනසීම විය.

    එහිදී එම පාදඩයන්ගේ ශාපය බලපෑවේ ගං චණ්‌ඩියා ජීවත් වූ ගමට පමණකි. නමුත් නින්දිත ලෙස සිදු කෙරුණු මිනිස්‌ ඝාතන, ස්‌ත්‍රී දූෂණ කොල්ල කෑම් ආදී නරුම දේ මගින් එකී යුගයේදී ගම හෝ සමාජය ඔත්පල නොවීය.

    එහෙත් කාලයත් සමග ගමේ රජ කළ මෙකී ගං චණ්‌ඩින්ගේ යුගය නිමාවට පත්කරමින් පසුකලෙක කරලියට ආවෝ නගරන්කාරයෝ වූහ.

    මෙසේ නගරන්කාරයන් කරලියට පැමිණීමත් සමග ගං චණ්‌ඩින්ගෙන් සිදු වූවාට වඩා වැඩි පීඩනයක්‌ මෙරට සාමාන්‍ය ජන සමාජය වෙත දැනෙන්නට වූයේ නගරන්කාරයන් කළ කී දැ ගමේ චණ්‌ඩින්ගේ වැඩවලට වඩා ඉදිරියෙන් තිබූ බැවිනි.

    මීට දශක තුන හතරක ඉතිහාසයට අයත් චීනා, චොප්පේ, දිගා පියදාස, හාබර් මාටින්, අග්ගොන චන්දරේලා ආදීනA මෙරට පාදඩ සංස්‌කෘතියේ ඔටුනු දරා සිටි යුගය දෙස විමසා බැලීමේදී එය මැනවින් පැහැදිලි වන්නකි.

    ගමේ චණ්‌ඩියා අත වූ කඩුව සහ පොල්ල වෙනුවට ගල්කටස්‌ එක, ඩප්පිය මාමයිට්‌ කුප්පිය නගරන්කාරයෝ අත වූහ. ඔවුහු එකී අවි මගින් ගං චණ්‌ඩියාට එහා ගිය සමාජ විරෝධී නරුම දේ බොහෝ කළහ. මිනිසුන් උපයා ගත් දේ කොල්ල කෑවේය. එහිදී ඉඳ හිට මිනිස්‌ ඝාතනද සිදු කරන්නට විය.

    අතීතයේ මෙසේ ගං චණ්‌ඩින්ගෙන් ඇරඹී දෙවන අධියරේදී නගරන්කාරයන් ඔස්‌සේ ඔඩු දුවමින් මෙරට සාමාන්‍ය ජනසමාජයට වින කළා වූ මෙකී පාදඩ සංස්‌කෘතිය අද වන විට නතර වී තිබෙන මානය කුමක්‌ද?

    ගෝනවල සුනිල්ලාගේ සිට තුන්වන පරම්පරාවක්‌ ඔස්‌සේ පැමිණ සොත්ති උපාලි, තුම්මුල්ලේ පද්මේ, කොම්පඤ්ඤවීදියේ ඩේලු, නාවල නිහාල්, නොයෙල් අමරසිංහ වැන්නන් තුළින් අධිපෝෂණය වූ එය අද ඇත්තේ කුප්‍රකට පාතාල ලෝකය නමින් සියල්ල වනසන මහා ගිනි කන්දක්‌ සේ මෙරට ජනසමාජය තුළ නිධන්ගතවය.

    මෙසේ අතීත පාදඩ සංස්‌කෘතිය පාතාලය ලෙස වැඩි වර්ධනය වීමේ කතාවේදී අනිවාර්යයෙන්ම පිළිකුලෙන් යුතුව සිහිපත් කළ යුතු පාර්ශ්ව කිහිපයක්‌ද වේ.

    ඉන් පළමු වැන්න වන්නේ තිස්‌ වසරක්‌ පුරාවට මේ බිම වනසා අභාවයට ගිය ප්‍රභාකරන්ගේ එල්ටීටීඊය ය. ඊළඟට ඇඟිල්ල දිගු කිරීමට සිදු වන්නේ 1977 බලයට පැමිණ ලාම්පු-කළගෙඩි හරහා අසීමිත බලයක්‌ ගෙන 17 වසරක්‌ මේ රට කරවූ එක්‌සත් ජාතික පක්‍ෂයේ ඡේ.ආර්. ජයවර්ධන සහ ප්‍රේමදාස රජයන් වෙතය.

    එසේ කීමට සිදුව ඇත්තේ සියල්ල මර්දනයෙන් යටපත් කිරීමේ කලාව තුළ හිඳමින් බයිසිකල් ෙච්න් එකේ සිට නවීන ගිනි අවි දක්‌වා අතට ගෙන සිටි නරුමයන් වටකරගෙන ජයවර්ධන සහ ප්‍රේමදාස රජයන් සිය ගමන ගිය සර්පයන්ට කිරි පෙවීමේ න්‍යාය පිළිබඳ අතීතය සාක්‍ෂි දරන බැවිනි.

    එම කෙටි අතීතයේ ජයවර්ධන සහ ප්‍රේමදාස රජයන්හි මර්දනයට පිළියම් ලෙස නිස්‌සාර ගමනක්‌ යමින් රටට නාඳුනන තුවක්‌කු සංස්‌කෘතිය හඳුන්වා දුන්නා වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ප්‍රධාන ජනතා විමුක්‌ති පෙරමුණටද අපේ පිළිකුල් සහගත සිහි කිරීමෙන් ගැලවී යා නොහැකිය.

    ඡේ. ආර් ජයවර්ධන රජයෙන් රටට දායාද කෙරුණු විධායක ජනපති ක්‍රමයත් සමග සියල්ල උඩු යටිකුරු කරමින් ජනපති පොදු සමාවක්‌ (සුනිල් සමාව) මත හිරෙන් නිදහස්‌ව යන ගෝනවල සුනිල්ගේ සිට සොත්ති උපාලිලා, තුම්මුල්ලේ පද්මෙලා, නාවල නිහාල්ලා ඔටුනු දැරූ නින්දිත පාතාලය රට තුළ දරුණු ලෙස හිස ඔසවන්නේ 1987-88 සමයේ ජනතා විමුක්‌ති පෙරමුණ ගිය නිස්‌සාර ගමනේ ප්‍රතිඵලයක්‌ ලෙසින් බව මෙහිදී අමුතුවෙන් කිව යුතු නැත.

    මේ සමගම සිදුවූ තවත් සුවිශේෂී දෙයක්‌ද විය. ඒ අතීතයේ කසිප්පු වඩිය ජීවිකාව කරගත් ගමේ චණ්‌ඩියාගේ භූමිකාව පාතාලයා දක්‌වා වර්ධනය වීමත් සමග පාතාලයා කසිප්පු වඩිය වෙනුවට රට වනසන මත්කුඩු ජාවාරම සිය ජීවිකාව කර ගැනීමය.

    ඉනුත් නොනැවතුන මෙකී නරුමයන් අතැති අවිබලය සමග කුලී මිනිස්‌ ඝාතන, කප්පම් ගැනීම, මහා පරිමාණ කොල්ලකෑම් ආදිය අවශේෂ ව්‍යාපාරයන් කර ගන්නා අතරේ ගණිකා ව්‍යාපාරය ආදියටද නැඹුරු වෙමින් ස්‌ත්‍රී දූෂණවලද යෙදුනේ ගත කරන ෆන් ජීවිතයට අතුරුපස සොයන්නාක්‌ මෙනි.

    ජයවර්ධන රජය වක්‌කඩ කැඩුවා සේ විවෘත කරනු ලැබූ රටේ ආර්ථිකයත් සමග මේ බිමට ළඟා වූ අනේක විධ දහ ජරාව සමග හෙරොයින් මාරයාද රටට ඇතුළුවීම එහිදී පාතාලයනට මහා කප්රුකක්‌ම වූහ. එතැන් පටන් මත්කුඩු ජාවාරමත් පාතාලයත් යනු දෙකක්‌ නොව එකක්‌ම විය.

    රටටත් සමස්‌ත සමාජයටත් පිළිලයක්‌ වෙමින් මෙසේ බිහි වූ නරුම පාතාලය තුළ පසුගිය කාලයේ සිදු වූ දේද බොහෝ වේ. ඉන් ප්‍රබලම සිදුවීම වූයේ පාතාල ඔටුන්න සොයා යමින් ධන උල්පතක්‌ වූ මත්කුඩු ව්‍යාපාරයේ "තනි අලියා" වන්නට පාතාලයන් අතර ඇතිවූ එකිනෙකා මරා ගැනීමේ සටන වේ.

    මෙකී සටනේදී පාතාල භාෂාවෙන් කියතොත් යකඩ කෑල්ලට (ගිනි අවියට) හෝ මන්නා ප්‍රහාරයකට ගොදුරු වී ඇඩ්ඩ්‍රස්‌ නැති ලෙස "මල්වඩම් අනවශ්‍යයි මන්නා දෙකක්‌ අවශ්‍යයි" යන න්‍යායෙන් පරලොව ගියෝ කවරහුද? ඒ පාතාලයේ ඔටුනු සොයා ගිය පාතාලයෝම වූහ.

    නමුත් පාතාලයන් එසේ පරලොව ගියද එකී සටන් හමුවේ සමස්‌ත සාමකාමී ජනතාවට සිදුවූ ව්‍යසනය නම් සුළුපටු නොවිනි. එය මෙරට ජනසමාජය භීතියෙන් සලිත කරවන්නක්‌ම වී තිබිණ.

    ගෝනවල සුනිල්ගේ සිට සොත්ති උපාලි, නාවල නිහාල්, තුම්මුල්ලේ පද්මේ, කොම්පඤ්ඤවීදියේ ඩේලු, චින්තක අමරසිංහ, ධම්මික අමරසිංහ, බැද්දගානේ සංජීව, කලු අජිත්, මොරටු සමන්, තොප්පි චමින්ද, මාලිගාවත්තේ ෆාජි, අයුබ් ඛාන්, මැගසින් පාරේ ඕල්කොට්‌, දෙමටගොඩ කමල්, කඩුවෙල වසන්ත ආදී වශයෙන් වූ පාතාලයන් රැසක්‌ම මේ වන විට පරලොව ගොස්‌ ඇත්තේ එකී සටනේ ප්‍රතිඵලයක්‌ ලෙසිනි.

    මෙහිදී ආරක්‍ෂක අංශවල ප්‍රහාර හමුවේ පරලොව ගිය කිහිප දෙනකුද ඉහත ලැයිස්‌තුවේ සිටින අතර නම් සඳහන් නොවූ තවත් කප්පරක්‌ පාතාලයන් එයට අයත් වන බවද කිවයුතුව තිබේ.

    පාතාලයේ රජ වී සිටි බොහෝ පාතාලයන්ගේ ඉරණම එසේ විසඳී යද්දී කරාටේ ධම්මික යනු මෑත යුගයේ මෙරට පාතාලයේ ගෝඩ් ෆාදර් කිරුල දරමින් සිටි ප්‍රබල තවත් චරිතයකි.

    එහෙත් ගෙවුණු පළාත් පාලන මැතිවරණයත් සමග ඇතිවූ මුල්ලේරියා සටනින් පසු පලා ගොස්‌ සැඟව සිටි කරාටේ ධම්මික ඉකුත් කාලයේ කිසියම් ප්‍රතිවිරුද්ධ කල්ලියක්‌ විසින් පැහැරගෙන යනු ලැබුවේ කරාටේ ධම්මිකගේ පාතාල භූමිකාවද අවසන් කරවමිනි.

    පැහැර ගනු ලැබූ කරාටේ ධම්මික පිළිබඳ මෙතෙක්‌ කිසිදු තොරතුරක්‌ නොවන බැවින් අපි එය එසේ සටහන් කරන්නෙමු. නමුත් ධම්මිකගේ සිද්ධියෙන් පසුව හෝ මෙරට පාතාලයේ කෙරුම් අවසන් වන්නේ යෑයි වූ විශ්වාසයක්‌ තබාගෙන සැනසුම් සුසුම් හෙළීමේ අවස්‌ථාවක්‌ අද මේ නරුම සංස්‌කෘතියෙන් බැට කෑ රටේ ජනතාවට හිමිවී තිබේද?

    එය මේ වන විට සමාජය ඉදිරියේ ප්‍රබල ලෙස ඉස්‌මතුව තිබෙන ගැටලුවකි. එහෙත් පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේ රටේ ජනතාවට එවන් සැනසීමක්‌ හිමි නොවන තැනට වටපිටාව සැකසෙමින් තිබෙන බවකි.

    එසේ සිදුව ඇත්තේ ඇයි? ඊට හේතුව වී තිබෙන්නේ වැනසුණු පාතාලයන් කොතෙක්‌ වුවද ඒ තැන ගන්නට මේ වන විට තවත් පිරිසක්‌ ඉස්‌මතු වෙමින් සිටින බවට වූ පැහැදිලි තොරතුරු වාර්තා වෙමින් තිබෙන බැවිනි.

    අකාලයේ වැනසීම අනිවාර්යය බව දැන දැනත් මෙකී පාතාල මොටෙයියන් මතු වෙමින් තිබෙන්නේ ඇයි?ඒ කෙසේද? කොහේද?

    ඊට දියහැකි පැහැදිලිම පිළිතුර වන්නේ ධන උල්පතක්‌ වූ මත්කුඩු ව්‍යාපාරයට ලොබ බඳිමින් රට පුරාම නන්නත්තාර වූ එවන් නරුම පිරිසක්‌ විවිධ වේෂයන්ගෙන් බිහි වී සහ බිහි වෙමින් සිටින බව පමණකි.

    අද අද මොරටුව ප්‍රදේශයේ එසේ රජ වෙන්නට සැරසෙන්නේ මොරටු සමන් හා ලසන්ත නමින් වූ සොයුරන් දෙදෙනෙකි. පරලොව ගිය මොරටු සමන්ගේ සගයන් දෙදෙනකු බවද කියන මොවුන් මේ වන විටත් ගංජා ජාවාරමට යටින් කෙරෙන මත්කුඩු ජාවාරමකින් මොරටුවම වනසමින් සිටින බවද පැවසේ.

    රත්මලාන ප්‍රදේශයෙන් කුඩු රාජා ඉස්‌මතු වෙමින් සිටින අතර බඩෝවිට සුදා ගල්කිස්‌සට රජ වෙද්දී මහරගම කුඩු රාජු සමග කලු තුෂාර මහරගමට වගකියමින් සිටින බවද අනාවරණය වෙමින් තිබේ.

    බොරැල්ල මැගසින් පාරේ ඔල්කොට්‌ගේ තැන ගනිමින් පෙරට එමින් සිටින්නේ කිතුල්වත්තේ කුඩු නිලංග සහ කුඩු හාමු සමග ගජබා පාරේ අම්මාන් වෙති.

    ජනාධිපති වාත්තීය සමිති අධ්‍යක්‍ෂ ජෙනරාල්ව සිටි භාරත ලක්‍ෂමන් මහතාගේ ඝාතනයත් සමග උණුසුම් වූ වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් තවත් කල්ලියක තොරතුරු ලැබෙමින් තිබෙන්නේ ඇරුම පුදුම අයුරිනි.

    කුඩු ධනුෂ්ක, නොණ්‌ඩි අජිත්, කුඩු ගැමුණු, පාන් අනුර, මංජු මාලක, තිලංක සහ කුඩු සංජීව ඒ අතර වෙති.

    වැල්ලම්පිටියේ හැරිසන් මෙසේ ඉදිරියට එන තවත් චරිතයක්‌ වන අතර මොවුන් කරාටේ ධම්මිකගේ සුපිරි ගෝලයන් බවද වාර්තා වෙමින් තිබේ. මින් හැරිසන් නමැත්තා තවත් පාතාලයකු වූ බස්‌ චූටි නමැත්තාගේ ගෝලයෙක්‌ද කියති.

    කරාටේ මිකට සමීපව සිටි ඔහුගේ මත්කුඩු බෙදාහැරීමේ ජාලයේ මහ මොලකරු කියන දිනහේවා නැමැත්තෙකුද මේ අතර සිටින බවට පොලිසියට මේ වන විට තොරතුරු ලැබී ඇත. ..පුර කලූද මේ අතර සිටින තවෙකෙකි.

    කලක සිටම පාතාලයේ රජ කරන මාලිගාවත්තේ මාමාස්‌මී ඒ ප්‍රදේශය කුඩුවලින් පෝෂණය කරමින් සිටින අතර මාමාස්‌මිටත් හොරා ජලාශ පාරේ චිප්පේද වැඩේට සෙට්‌ වී සිටී. මේ චිප්පේ ප්‍රබල ගිනි අවි ජාවාරම්කරුවකු බවද කියති. මේ වන විට කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයෙන් මැක්‌සි නමැත්තෙකු මතුවෙමින් සිටින බවද පොලිස්‌ වාර්තා සඳහන් කරයි.

    සුමිත්, ගල් සම්පත්, අමිත සහ නුවන් , සංජීව නමැත්තන් මට්‌ටක්‌කුලිය ප්‍රදේශයෙන් ඉස්‌මතු වන බවට පොලිස්‌ වාර්තා මගින් කියෑවෙන අතර මේ වන විට බන්ධනාගාර ගතව සිටින බ්ලූමෙන්ඩල් සංජීව සහ සංඛද එවන්ම වූ චරිත දෙකක්‌ වේ.

    අංගොඩ ප්‍රදේශයෙන් සසංක හෙවත් දාබරේ සමග නුවන් එස්‌.එµa සරත් සහ බිත්තර චමින්ද එක්‌වී සිටින අතර සිංහපුර දිප්තිද මෙසේ පාතාලයේ පෙරට එන තවත් එක්‌ චරිතයකි.

    කොළඹ නගරයේ කේන්ද්‍රස්‌ථානය වූ පිටකොටුව, ගුණසිංහපුර සහ කෙසෙල්වත්ත ප්‍රදේශයේද මේ වන විට නිර්මාණය වී ඇත්තේ බරපතල තත්ත්වයකි.

    ගුණසිංහපුර දිනුක සමග කුඩු ලලිත්, වැලිමඩ චින්තක, ඉර්ෂාඩ්, තරිඳු, ධනේෂ්, නලින්, සම්පත් සහ ශානක එසේ පිටකොටුවෙන් මතුවෙමින් සිටින අතර මින් කිහිප දෙනකු මේ වන විට මිනිස්‌ ඝාතන ඇතුළු අපරාධ කිහිපයක්‌ හේතුවෙන් බන්ධනාගාරගතව සිටින බවද කියති.

    මේ අතර භාරත ලක්‍ෂමන් මහතා ඝාතන සැකකරුවකුද වන දෙමටගොඩ චමින්ද සමග දෙමටගොඩ රුවන්, කරපිංච රුවන් සහ මෝල චමින්ද අද දෙමටගොඩ ප්‍රදේශයේ රජකරන බවද පොලිස්‌ වාර්තාවල සඳහන් වේ.

    පෑලියගොඩට කුඩු මර්වින් සමග කැලණිය නාගහමුල ප්‍රදේශයෙන් බබා නමැත්තකුද රජවෙමින් සිටී.

    මේ සටහන් වූයේ වර්තමානයේ කොළඹ ප්‍රධාන අවට ප්‍රදේශයන්හි අලුත් මුහුණුද සමගින් පාතාලය ඉස්‌මතු වෙමින් තිබීමේ තොරතුරු කිහිපයකි.

    මොවුන් සියලු දෙනාම මත්කුඩු ජාවාරමේ යෙදෙන්නන් වන අතර සැලකිය යුතු පිරිසක්‌ මත්කුඩු ජාවාරම සමග කුලී මිනිස්‌ ඝාතන, කප්පම් ගැනීම්, ගිනි අවි භාවිතය වැනි දරුණු අපරාධවලට සම්බන්ධව සිටින්නන් බවද පොලිස්‌ වාර්තා මගින් සනාථ වන්නකි.

    ඉදින් මෙවන් තත්ත්වයක්‌ තුළ ජනතාවට මෙකී නරුම වටපිටාවකින් තොර රටක නිදහසේ ජීවත් වෙමින් බියෙන් සැකෙන් තොරව හුස්‌මක්‌ ගැනීමට හැකිවන්නේ කෙසේද?

    එසේම මොවුන් එක්‌වී මත්කුඩින් මේ බිම ස්‌වයංපෝෂිත කරද්දී රජයේ මතට තිතට සිදු වන්නේ කුමක්‌ද? ඒ මත්කුඩුවලින් ජීවිත වනසා ගන්නා රටේ අනාගත පරපුරට ඉදිරියටත් අත්වන ඉරණම කෙසේ විය හැකිද?
     
    May 30, 2014
    413
    110
    0
    11012976_812400315533990_686990751291684575_n.jpg



    ඕල්කොට්‌ගේ වධකාගාරයකදී අවසන් ගමන් ගිය සංජීව

    තරුණයන් පිරිස දොරට තට්‌ටු කරත්ම නිවසේ දොර විවර කළ සංජීවගේ බිරිඳට දක්‌නට ලැබුණේ නිවස ඉදිරිපිට සිටින විසිදෙනකුගෙන් පමණ වන කණ්‌ඩායමකි.

    ඒ අතර හොඳින් දන්නා හඳුනන ධනුකද සිටී. ධනුක යනු සංජීවගේද හොඳ මිතුරෙකි. එහෙයින් ඇයට කිසිදු අමුත්තක්‌ නොදැනනි.

    "ඇයි... ධනුක. සංජීව ගෙදර නැහැ මොකක්‌ද උවමනාව.. ඇය විමසන්නට වූවාය. "මුකුත් ප්‍රශ්නයක්‌ නැහැ නංගි... අපි ආවේ සංජීවව පොඩ්ඩක්‌ හම්බ වෙන්න... එයා කොහාටද ගියේ... ධනුක එහිදී සංජීවගේ බිරිඳට පවසන්නට වූයේ යටි සිතේ සඟවාගෙන සිටි මහා සැළසුමක්‌ ඉඟියකින්වත් සංජීවගේ බිරිඳට නොදැනෙන පරිද්දෙනි.

    "සංජීව වැල්ලම්පියේ මල ගෙදරක ගියා... එනකොට ටිකක්‌ රෑ වෙනවා කියල්ත් කිව්වා... ඔයාල හෙට උදේ ආවානම් හරි... ඒ අවස්‌ථාවේ සංජීවගේ බිරිඳ පවසන්නට වූයේ සැබැවින්ම සංජීව සිටින්නේ කොහේදැයි කිසිවක්‌ නොසඟවා ධනුකට පවසමිනි.

    එහෙත් මේ පැමිණි සිටින්නේ තම ආදරණීය සැමියා වූ සංජීවගේ ජීවිතයට ඉව කරන දඩ බල්ලන් පිරිසක්‌ බව ඒ මොහොතේ ඇයට නිකමටවත් නොසිතුනේ ධනුකත් සංජීවත් යනු ඒ තරමටම මිතුරන් බව ඇය හොඳින් දැන සිටි නිසාවෙනි.

    "කමක්‌ නැහැ නංගි... එහෙනම් මට සංජීවගේ මොබයිල් නම්බර් එක පොඩ්ඩක්‌ දෙනවද? එයාගේa අලුත් නම්බර් එක මා ළඟ නැහැ. අවසානයේ සංජීවගේ බිරිඳට එලෙස පැවැසූ ධනුක ඇගෙන් දුරකථන අංකයද ගෙන දොර වසා ගන්නැයි පවසමින් ආ පිරිසද සමඟ නැවත මාටිස්‌ ලේන් එකෙන් නික්‌මී ගුණසිංහපුර මිහිඳුමාවතට පැමිණියේය.

    ධනුක යනු කොළඹ එක්‌තරා දේශපාලනඥයෙකුගේ බහට ගුණසිංහපුරේ සංවිධායක වීමේ සිහිනය දකිමින් පොරක්‌ වෙන්නට සිහින දකිමින් සිටියකු බව අපි ඉකුත් සතියේ මේ සටහන තබන විට සඳහන් කළෙමු.

    මේ වන විට සංජීව සිටියේද එවන් ගමනකට මුලපුරමිනි. ඒ කොළඹ දිස්‌ත්‍රික්‌කයේම පරිණත දේශපාලනඥයකු වන වත්මන් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකුට සමීපව කටයුතු කරමිනි.

    පිරිස සමඟ මිහිඳු මාවතට පැමිණි ධනුක බිරිඳගෙන් ඉල්ලා ගත් සංජීවගේ දුරකථන අංකයට ඇමතුමක්‌ ගන්නට විය. ඒ යටි සිතේ වූ මහා කුරිරු සැළසුමක්‌ද සමගිනි.

    "සංජීව උඹ කොහෙද ඉන්නේ... උඹව පොඩ්ඩක්‌ හම්බවෙන්න ඕනේ ලොකු වැඩකට... ටක්‌ගාල වීල් එකක්‌ අරගෙන ගෙවල් ගාවට වරෙන් අපි දැන් එතන ඉන්නව... මාත් එක්‌ක ඕල්කොට්‌ අයියගේ යාලුවෙකුත් ඉන්නවා... ටිකක්‌ ඉක්‌මනට වරෙන්... සංජීවට ඇමැතුමක්‌ ගත් ධනුක එසේ පවසන්නට වූයේ ඔහුව ඉක්‌මනින් තමන් ඉන්නා තැනට ගෙන්වා ගැනීමේ අරමුණෙනි.

    තම මිතුරෙකු වූ ධනුක කෙරෙහි අවිශ්වාසයක්‌ ඇති කර ගැනීමට කිසිදු හේතුවක්‌ නොවූයෙන් ඔහුගේ ඇමැතුමට ප්‍රතිචාර දැක්‌වූ සංජීව ගිය කාරිය පසෙක තබා ඒ මොහොතේම ත්‍රිරෝද රථයක නැගී ගුණසිංහපුරය බලා එන්නට පිටත් විය.

    මේ වන විට ධනුක ඇතුළු පිරිස පැමිණි අඳුරු වීදුරු සහිත වෑන් රථයක්‌, නවීන මෝටර් රථයක්‌ සහ ත්‍රිරෝද රථ දෙකතුනක්‌ද මිහිඳු මාවගේ අයිනක නවතා තිබිණි.

    ගත වූයේ පැය භාගයක පමණ කාලයකි. ත්‍රිරෝද රථයේ නැගුණු සංජීව එතෙක්‌ තමන් එනතුරු මග බලා සිටින ධනුක ඇතුළු පිරිස හමු වීමේ බලාපොරොත්තුවෙන් ගුණසිංහපුරයට ළඟා විය.

    "ආ මචං උඹව හම්බ වෙන්න ආවේ ලොකු වැඩකට. ඕල්කොට්‌ අයිය පොඩ්ඩක්‌ උඹව එක්‌ක එන්න කිව්ව. අපි පොඩ්ඩක්‌ ගිහින් එමුද? ගුණසිංහපුරයට පැමිණි සංජීව දුටු ගමන් ධනුකගේ මුවින් පිටවූයේ එවන් වදන් පෙළකි.

    පිරිස අතර සිටින්නන් සියල්ලෝම දන්නා හඳුනන අය වෙති. ඒ අතරින් ධනුක ලෙසින්ම කිහිප දෙනකුම සංජීවගේ මිතුරන්ද වේ. එනිසා මෙහිදී සංජීවගේ සිතට කිසිදු බියක්‌ සැකයක්‌ද ඇති නොවිනි.

    මේ වන විට සංජීවගේ හඬ ඇසී ඔහුගේ බිරිඳද නිවසේ දොර විවර කර ගෙමිදුලට පැමිණ සිටියාය. සංජීවගේ දරු තිදෙනා සිටියේ සිටියේ නින්දට ගොසිනි.

    "හරි...යමු ගිහින් එමු... ධනුකට පිළිsතුරු දෙමින් එසේ කී සංජීව අවසානයේ පාරේ සිටම නුදුරින් වූ නිවසේ මිදුලට වී සිටි තම බිරිඳ අමතා "සුදූ මම පොඩි ගමනක්‌ ගිහින් ඉක්‌මනට එනවා... ඔයා දොර වහගෙන ඉන්න යෑයි පවසා ධනුකලා පැමිණි අඳුරු වීදුරු සහිත වෑන් රථයට ගොඩ වූයේ බිරිඳද බලා සිටියදීය.

    වෑන් රථයට ගොඩ වූ සංජීවගේ දෙපසින් ධනුකත් මැගසින් පාරෙන් පැමිණ සිටි ඕල්කොට්‌ගේ සගයාත් වාඩි වූහ.

    එහෙත් තමන් මේ බිරිඳගෙන් සමු ගන්නේ ජීවිතයේ අවසන් වතාවට බව ඒ මොහොතේ හෝ සංජීවට නොසිතිනි. එවන් මූසල සිතුවිල්ලක්‌ සංජීවගේ බිරිඳගේ සිතටද නොදැනුනාය.

    විනාඩි ගණනාවක්‌ තුළ ටෙක්‌නිකල් හන්දිය, මරදාන පසු කර පිරිස රැගත් රථ කිහිපය වේගයෙන් බොරැල්ල මැගසින් පාරට ළඟා විය. එතැන් පටන් ගුණිසිංහපුරයට ඉතිරි වූයේ ප්‍රදේශයේ කාගේත් සිත් දිනාගෙන සිටි තිදරු පියෙකු වූ සංජීවගේ නාමය පමණි.

    ඉන් එහා සංජීවට වූ දේ දන්නේ පොලිස්‌ වෙඩි කා මියගිය මැගසින්a පාරේ ඕල්කොටුත් ඒ දිනවල මැගසින් පාරේ රජ වී සිටි ඕල්කොට්‌ගේ මාර සේනාවත් පමණක්‌ බව අපට කීවේ මේ දිනවල පාතාල මර්දන මෙහෙයුම්වලට දායක වී සිටින එක්‌තරා පොලිස්‌ නිලධාරියෙකි.

    එසේ මැගසින් පාරට රැගෙන ගිය සංජීවට අවසානයේ ඕල්කොට්‌ගේ වධකාගාරයක්‌ තුළදී නාරා දුක්‌ වධ බන්ධනයන්ට ලක්‌ව අවසන් ගමන් යන්නට සිදු වූ බවට තොරතුරක්‌ වන බවද හෙතෙම කීය.

    සංජීවට මෙම ඉරණම අත් වන විට ඉතාලියේ සිටි කිත්සිරි රාජපක්‍ෂත්, ඇරුණජිත් රාජපක්‍ෂත් වාර්ෂික නිවාඩුවක්‌ සඳහා ලංකාවට පැමිණ සිටියහ.

    මෙහිදී සටහන් කළ යුතු එක්‌ විශේෂ දෙයක්‌ද තිබේ. එවර ලංකාවට පැමිණීමට පෙර අරුණජිත් ඉතාලියේ සිටියදී කරගෙන ගිය ව්‍යාපාරයක්‌ සම්පූර්ණයෙන්ම විකුණා දමා විශාල මුදලක්‌ ගනු ලැබීය.

    එකී සිදුවීමත් සමග අරුණජිත්ගේ මෙම ගනුදෙනුව ආරංචි වූ කොළඹ පාතාලයේ රජවී සිටි ඕල්කොට්‌ගෙන් දිනක්‌ ඉතාලියේ සිටි අරුණිජිත්ට දුරකථන අමැතුමක්‌ ලැබිණි.

    "ලොක්‌ක මම කථා කරන්නේ මැගසින් පාරේ ඕල්කොට්‌... ඔයා හොඳ බිස්‌නස්‌ එකක්‌ කරා කියල ආරංචි වුණා... අපිත් ඉතින් අමාරුවෙන් තමා රන් එක දෙන්නේ.. ඒ නිසා ලොක්‌ක ඒකෙන් මට ලක්‍ෂ විසපහක්‌ ඕනේ... අහල ඇතිනේ මං ගැන...ඇමැතුමෙන් කියෑවුණේ එවැන්නකි.

    එහෙත් අරුණජිත් සොලවන්නට ඒ ඇමැතුම ප්‍රමාණවත් වී නොතිබුණ අපට කීවේ ඒ කථාව හොඳ හැටි දැන සිටින එක්‌තරා පොලිස්‌ නිලධාරියෙකි.

    සංජීව යනු මාටිස්‌ ලේන් එකේ සිටි කාගේත් සිත් දිනාගෙන සිටි තරුණයකු වූ බැවින් ඔහුගේ අතුරුදන් වීමත් සමඟ ලංකාවට පැමිණ සිටි අරුණජිත් රාජපක්‍ෂ ඉදිරිපත් වී ඔහු සොයා ගැනීමට දැඩි වෙහෙසක්‌ ගන්නට විය.

    එහිදී කොළඹ සිටින ධනුකලා සුරතල් කරන දේශපාලකයා මෙන්ම තවත් දේශපාලනඥයන් කිහිප දෙනකුම හමුවී උදව් ඉල්ලීමටද අරුණජිත් ක්‍රියා කළේය.

    අරුණජිත් එසේ දේශපාලනඥයන් හමු වී සංජීව සොයාගැනීම සඳහා උදව් ඉල්ලීමට තරම් ඔවුන්ට සමීප වීමට එක්‌ සුවිශේෂි සිදු වීමක්‌ද විය.

    අරුණජිත් යනු සෑබෑ දක්‍ෂ චරිතයක්‌ බව අපි මේ ලිපිය ආරම්භයේදීම සටහන් කෙරුවෙමු. ඒ දක්‍ෂකම හමුවේ එවර ඔහු ලංකාවට පැමිණෙද්දී රට වෙනුවෙන් එක්‌තරා විශේෂිත වූ යුතුකමක්‌ද ඉටු කිරීමට පියවර ගෙන තිබිණි.

    ඒ එල්ටීටීඊය මේ බිමෙන් අතුගා දැමූ විරෝදාර රණ විරුවන් වෙනුවෙන් අරඹා තිබූ "අපි වෙනුවෙන් අපි" අරමුදලට ඉතාලියේ සිට පැමිණෙද්දී රුපියල් හැත්Eපන් ලක්‍ෂයක පමණ මුදලක්‌ රැස්‌ කරගෙන ඒමය.

    එකී මුදල් අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපCක්‍ෂ මහතා හමුවී රජයට භාර දීමට අරුණජිත් ක්‍රියා කරනු ලැබීය. අරුණජිත් යනු කලක්‌ නාවික හමුදාවේද සේවය කෙරුවෙකි. මෙසේ රණවිරුවන් වෙනුවෙන් කැපකිරීමක්‌ කිරීම දක්‌වා අරුණජිත් ගමන් කිරීමට එයද එක්‌ හේතුවක්‌ වූවා විය හැකිය.

    ජනාධිපතිවරයා වෙත මෙම මුදල් ප්‍රදානය කිරීමේදී ගුණසිංහපුරයේ ජනතාවද අරලියගහ මන්දිරය වෙත රැගෙන ගොස්‌ ඔවුන්වද ඒ සද්කාර්යය සඳහා දායක කර ගැනීමට තරම් අරුණජිත් නිහතමානී චරිතයක්‌ වූ බවද අදත් ගුණසිංහපුරයේ වෙසෙන්නෝ පවසති.

    මෙහිදී ධනුකද ඊට එක්‌වූ අතර එම අවස්‌ථාවේ එක්‌තරා සුළු සිද්ධියක්‌ මුල් කර ගනිමින් අරුණජිත් හා ධනුක අතර මතබේදයක්‌ද ඇතිවී තිබිණි.

    මෙසේ රටේ ප්‍රධාන පුරවැසියා වූ ජනාධිපතිවරයාට සමීප වෙමින් රට වෙනුවෙන් යුතුකමක්‌ ඉටු කිරීම මෙන්ම තවත් හේතු කිහිපයක්‌ද අරුණජිත් එලෙස දේශපාලකයන් වෙත ළං වීමට ප්‍රබල සාධකයක්‌ විය. එහෙත් අරුණජිත් මෙසේ ඉදිරියට ඒම ගුණසිංහපුරයේ සංවිධායක සිහිනයෙන් ඔත්පලව සිටි ධනුක කිසි දිනෙක බලාපොරොත්තු නොවූවක්‌ වූවේය.

    මෙහි අවසාන ප්‍රතිඵලය වූයේ තම සගයන්ද සමගින් නිතර ගුණසිංහපුරයේ රංචු ගැසෙන දිනුක අරුණජිත් ගැටුමකට පටලවා ගැනීමේ අරමුණින් ඔහු යන එන අවස්‌ථාවල නොයෙකුක්‌ දේ කරමින් හිරිහැර කිරීමය.

    ඒ වන විට පාතාලයේ හෝඩි පොත කියවා අවසන් කළ ධනුක සිටියේ කෙමෙන් කෙමෙන් ගුණසිංහපුර නවමු පාතාල කල්ලියේ රජු බවට පත් වෙමිනි.

    එම තත්ත්වය දිනෙන් දිනම මෝරා යමින් තිබිණි. ඒ අතරේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන් නාවික හමුදාවේ සිටියදී සිටි උසස්‌ නාවික නිලධාරියකු මැතිවරණයට ඉදිරිපත්ව සිටීම නිසා අරුණජිත් ටික දිනක්‌ කොළඹින් බැහැර වූයේ ඔහු වෙනුවෙන් මැතිවරණ ව්‍යපාරයට එක්‌ වීමේ අදහසිනි.

    එයද අවසන් විය. අරුණජිත් යළි නිවසට පැමිණියේය. දිනක්‌ මළ හිරු බැස යන සැන්දැවක කිසියම් වුවමනාවක්‌ සඳහා නිවසින් බැහැරට ගොස්‌ සිටි අරුණජිත් ගොම්මන් අඳුරත් සමගින් යළි නිවස බලා එමින් සිටියේය.

    එසේ පැමිණ මාටිස්‌ ලෙන් එකට හැරුණු අරුණජිත්ට යැමට ලැබුණේ තවත් අඩි කිහිපයක්‌ පමණි. ඔහු එන මග සිය සගයන් කිහිප දෙනකු සමග රැඳී සිටි ධනුක එක්‌වරම කළේ නිවසට යමින් සිටි අරුණජිත්ගේ පාදයට වැදෙන සේ කාරා කෙළපිඩක්‌ ගැසීමය.

    කාලයක සිට දිගින් දිගටම සිදුවූ මෙවන් දේ හමුවේ එදින එක්‌ වරම ධනුක දෙසට හැරුණු අරුණජිත් ඇයි පුතා කාටද උඹ කෙළ ගැහුවේ යෑයි ධනුකගෙන් ඇසුවේ තවදුරටත් එය ඉවසා සිටිය නොහැකි වූ බැවිණි.

    අරුණජිත් එසේ ඇසීමත් සමග "උඹට මොකටද ඩෝ මම කෙළ ගහන ඒවා... මම ගැහුවේ මගේ කෙළ... උඹ කවුද ඒක ගැන අහන්න... කියමින් ගැටුමකට පෙරුම්පුරමින්a සිටි ධනුක අරුණජිත්ගෙන් ඇසුවේ ඔහු කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අයුරින් ගෝරනාඩුවක්‌ද කරමිනි.

    ඒ සමඟම රතු ඉර පනින තරමටම කෝප වූ අරුණජිත්ගෙන් ධනුකට වැදුනේ තරු විසිවෙන තරමේ කම්මුල් පහරකි.

    ඒ පහරත් සමඟ තමන් කුඩා කල අතට ගෙන සුරතල් කළ මේ වැඩිහිටියා හෙවත් අරුණජිත් කෙරෙහි නයකු තරමට වෛර බැඳගත් ධනුක "අඩෝ... උඹ එහෙනම් මට අත ඉස්‌සුවා... හරි අපි බලා ගනිමු යෑයි පවසමින් එම සිය සගයන්ද සමගින් එම ස්‌ථානයෙන් පිටව ගියේ අරුණජිත් දවා හලු කරන තරමේ වෛරී බැල්මක්‌ද හෙලමිනි.

    එහෙත් ධනුකගේ තර්ජනය තඹේකට මායිම් නොකළ අරුණජිත් එය අමතක කර දමා නිවසට යන්නට විය.

    එහෙත් ඔහු එසේ නිවසට ගොස්‌ ගතව ගියේ පැයක පමණ කාලයකි. නිවසට ගිය අරුණජිත් ඒ මොහොතේ සිටියේ සිය දරුවන්ද සමග එක්‌ව රූපවාහිනිය නරඹමිනි.

    මේ අතරේ එක්‌වරම එහි කඩාවැදුණු ධනුක ඇතුළු කල්ලියේ කිහිප දෙනකු අරුණජිත් අල්ලාගෙන දිලිසෙන රිවෝලවරයක්‌ද හිසට තබා තදකර නිවසින් පිටතට ගෙන ආවේ දරුවන්ද බලා සිටියදීමය.

    මෙය දුටු දරුවන් බියෙන් ත්‍රස්‌ත වෙමින් මිරිකෙන්නට වූයේ සිදුවන්නේ කුමක්‌දැයි හරි හැටි වටහා ගත නොහැකිවය

    එසේ පිටතට ගෙන ආ අරුණජිත්ගේ හිසට එල්ල කළ පිස්‌තෝලය තව තවත් තද කරමින් ඔහුව නිවස ඉදිරියේ දණ ගස්‌සවන්නට ධනුක පියවර ගත්තේය.

    ඊළඟ නිමේෂයේ උඹ නේද චණ්‌ඩිය... ආ යකෝ... යෑයි කියමින් ගිනි අවිය හමුවේ දණගසාගෙන සිටින අරුණජිත්ගේ කම්මුලට පහරවල් කිහිපයක්‌ එල්ල කරණ්‌නටද ධනුක කටයුතු කළේ සවස අරුණජිත් එල්ල කළ කම්මුල් පහරට පලිය ගන්නා අටියෙනි.

    මේ මොහොතේ අරුණජිත්ගේ නිවස තුළින් මර හඬ දෙමින් කෑගසාගෙන පිටතට පැමිණි ඔහුගේ ඥති සොයුරියක ධනුක ඇතුළු කල්ලිය සමඟ පොර බද්නනට වූයේ මේ නරුමයන් කිසි ලෙසකත් නොසිතූ පරිද්දෙනි.

    ඒ සමගම සොයුරිය ඉදිරිපිටදීම දණ ගසා සිටින අරුණජිත්ගේ ඉරණම විසඳන්නට තීරණය කළ ධනුක කළේ එක්‌වරම අරුණජිත්ගේ හිසට තදකර තිබූ පිස්‌තෝලයේ කොකා ගැස්‌සවීමය.

    එහෙත් නැගුණේ ටකස්‌ යන හඬක්‌ පමණි. මේ මිනිසා ඉදිරියේ ධනුකද නොසිතූ පරිදි ඒ ගිනි අවිය නිහඬවී තිබිණි. හැකි වෙර යොදා ධනුක එය කිහිපවරක්‌ම ගැස්‌සුවද අරුණජිත්ගේ ජීවිතය බිලි ගැනීමට මාරයා ධනුකට ඉඩ නොදුන්නේය. එපමණක්‌ද නොව අවසන් වරට ධනුක පිස්‌තෝලයේ කොකා ගැස්‌සවීමේදී සිදු වූයේ පිස්‌තෝලය ගැලවී එහි වූ උණ්‌ඩ පිටතට විසිවීමය.

    මේ අතරේ අරුණජිත්ගේ සොයුරිය නොකඩවාම මරුවන් සමඟ පොරබදන්නට වූවාය. අවසානයේ ඉලක්‌කයව වැරදී ගිය බව වටහා ගත් ධනුක ඇතුළ කල්ලිය කළේ තමන් සමග පොරබදන්නට ආ අරුණජිත්ගේ සොයුරියට එකෙකු අත තිබූ තියුණු මන්නයකින් පහර දී පලා යැමය.

    එහෙත් ධනුක මෙසේ පලාගියේ කෙසේ හෝ අරුණජිත්ගේ ජීවිතය බිලි ගන්නා බවට සියල්ලන් හමුවේ සපථ කරමිනි.

    මෙම සිද්ධිය සිදුවී පසුදාට පහන් වෙමින් තිබිණි. ඒ හිරු නැග එන හිමිදිරයේ ගූසිංහපුරේ මාටිස්‌ ලේන් එකේ අපූරු සිදුවීමක්‌ වන්නට විය.

    තුහ් "නොදොකින්... කාලකන්නි යක්‌කු... මුන්ට හරියට මිනියක්‌ මරන්නවත් බැහැ...ආයුධයක්‌ පත්තු කරන්න දන්නෙත් නැහැ... යෑයි මොරදෙමින් එක්‌තරා කාන්තාවක්‌ ගුණසිංහපුරය දෙවනත් කරමින් ගින්දර අනුභව කරන්නට පටන් ගැනීමඑම සිදුවීම විය.

    මෙසේ ගින්දර අනුභව කරන ගැහැණුන්ද පාතාල සංස්‌කෘතියේ බහුල බව අපට කීවේ ඒ සිද්ධිය එදා සියෑසින් දුටු ගුණසිංහපුරේ සැරිසරණ අතරේ අහම්බෙන් මට හමුවූ එක්‌තරා කුඩු මල්ලියෙකි.
     
    • Like
    Reactions: supunt21
    May 30, 2014
    413
    110
    0
    machan elakiriyeth pathala un innawada koheda :lol::lol::lol::lol:

    -rep ලංකාවේ පාතාල කතා 05-24-2016 03:45 PM රටටම විස බෙදන සර්ප පැටවු