ලංකාවේ රොබින් හුඩ්ගේ - උතුවන්කන්ද 🧗🌳🗻 (Uthuwankanda)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ලංකාවේ රොබින් හුඩ්ගේ - උතුවන්කන්ද 🧗🌳🗻 (Uthuwankanda) - Your Choice Way
    අද අපේ කතාව ලංකාවේ රොබින් හුඩ්ට සෙවණ සැපයූ සුවිශේෂි කන්දක් ගැන..

    මෙය නමින් උතුවන්කන්දයී... වර්තමානයේ මෙයට උතුවන්කන්ද කියලා කිව්වට යටත් විජිත සමයේ මෙයට තිබ්බේ වෙනම නමක්.යටත් විජිත සමයේ castle rock(කාස්ටල් රොක්)ලෙස තමා මේ කන්ද හැදින්වුනේ.

    ඒ මොකද එම කඳු මුදුනේ ඇති විශාල ගල් කුළු දුර ඈතට ඉංග්‍රීසි ජාතිකයන්ට දර්ශනය වූයේ යුරෝපයේ ඇති රයින් මාලිගයේ දුම් කුළුණේ හැඩයට බවයී

    අන්න ඒ නිසා මෙම කඳු ශිඛරයට castle rock (කාස්ටල් රොක්) යන නම ලැබෙන්නට ඇති බව පවසනවා.නමුත් මෙරට ජනතාව මෙම සුන්දර කඳු ශිඛරය උතුවන්කන්ද ලෙසයි හදුන්වන්නේ.


    අද මෙම කඳු ශිඛරය මේ නමින් ප්‍රසිද්ධියට පත්වීමට හේතු වූ පුද්ගලයා ඒ දවස ඉංග්‍රීසින්ට හිසරදයක් වූ ද, ධනවතුන්ට කප්පම් කාරයෙක්ද ,දුගී ජනයාට වීරයෙක් ද ,වූ සුවිශේෂ පුද්ගලයෙක් නිසා...

    ඒ උතුවන්කන්දේ සූර සරදියෙල් නොහොත් ලංකාවේ රොබින් හුඩ් ය... ඔහුට සෙවණ සැපයූ තැන ලෙසයි මේ කන්ද ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ..

    සොරකම් මංකොල්ලකෑම් සිදුකර පැමිණි සරදියෙල් සැගවී සිටියේ මේ කන්දෙනේ..ඔයාලා දන්නවද උතුවන්කන්ද තරණය කරන්නන් බොහෝ විට සිදු කරන්නේ කන්ද මුදුනතට ආවත් ඒ අසීරු ඉහළ ගල් පර්වත කොටස තරණය නොකිරීමයි.

    මොකද එය සැබැවින්ම ත්‍රාසජනක හා අනතුරුදායක නිසා කන්ද තරනය කලත් ඉහළ ගල් පර්වතයට නගින් නෑ..

    අවසන් ගිරි හිස නගින්නට ගොස්‌ අත හෝ පය ලිස්‌සා ගිලිහී ගියොත් උතුවන්කන්ද හෙළ පහළ වැටිලා ලොකු අනතුරක් වෙනවා.

    උතුවන්කන්ද සතර කෝරලයට අයත් ගලබඩ කෝරලයේ එක් පැත්තකින් අලගල්ලත් අනෙක් පසින් බතලේගලත් අනිත් පසින් බලන දුර්ගයටත් මැදිව මහ ඔය නිම්නයේ කෙත්වතු අතර පිහිටා තිබීම විශේෂත්වයකී...

    සරදියෙල් නම් වීර සිංහලයා ඔහු උතුවන්කන්දේ සැඟව සිටිමින් සුද්දන්ගේ වස්‌තුව කොල්ලකා දුගීන් වෙත ඒ වස්‌තුව, මිල මුදල්, ආහාරපාන සරදියෙල් උතුවන්කන්දෙ, මාවනැල්ලෙ, කෑගල්ලෙ, යටිනුවර, අළුත්නුවර පැත්තෙ මිනිස්‌සුන්ට බෙදල දුන්න කතා ඔබ දන්නවා ඇතිනේ...


    මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න

    Original Article Click Here
     
    • Like
    Reactions: 2osama

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔය විදිහට තමයි අපේ එව්න් ඉතිහාසය වෙනස් කරන්නෙ . සරදියෙල් දැන් රොබින් හුඩ් ට සමාන කරල past හදන අපේ අප්පල ටික දවසකින් youtube අප්පල ටික කියයි සරදියෙල් කියල කෙනෙක් නෑ රොබින් හුඩ් තමයි උතුවන්කන්ද හිටියෙ සාක්කිත් හමු උනා පුරාවිද්‍යා උන්ට උවමනා නෑ මේවා හොයාගන්න කියල පෝස්ට් හද හද දායි. ඔය විදිහට තමයි රාවනා අප්පල ටිකයි බුදුහාමුදරුවන් ලන්කවෙ ඉපදුනා කියන උනුයි බොරු ගොත ගොත දාන්නෙ
     

    keyzlearn

    Active member
  • Apr 15, 2022
    170
    127
    43
    මෙන්න Travel කරන්න ආස ඒ වගේම නිවාඩු වෙලාවට කොහේහරි යන්න කැමති ඔයාලා වෙනුවෙන්ම හදපු Website එක. ඔයාල යන්න බලාගෙන ඉන්න ලංකාවෙ තියන ගොඩක් තැන් ගැන විස්තර ඔන්න දැන් එක තැනකින් ගන්න පුලුවන්. විශේෂයෙන්ම Tourism වල ඉන්න ඔයාලටත් නොදන්න දේවල් ගැන දැනගන්න හොඳ අවස්ථාවක් මේක.
    පිවිසෙන්න අපගේ Blog අඩවිය වෙත
    👉 https://hikkasl.blogspot.com/p/all-posts.html