අද අපේ කතාව ලංකාවේ රොබින් හුඩ්ට සෙවණ සැපයූ සුවිශේෂි කන්දක් ගැන..
මෙය නමින් උතුවන්කන්දයී... වර්තමානයේ මෙයට උතුවන්කන්ද කියලා කිව්වට යටත් විජිත සමයේ මෙයට තිබ්බේ වෙනම නමක්.යටත් විජිත සමයේ castle rock(කාස්ටල් රොක්)ලෙස තමා මේ කන්ද හැදින්වුනේ.
ඒ මොකද එම කඳු මුදුනේ ඇති විශාල ගල් කුළු දුර ඈතට ඉංග්රීසි ජාතිකයන්ට දර්ශනය වූයේ යුරෝපයේ ඇති රයින් මාලිගයේ දුම් කුළුණේ හැඩයට බවයී
අන්න ඒ නිසා මෙම කඳු ශිඛරයට castle rock (කාස්ටල් රොක්) යන නම ලැබෙන්නට ඇති බව පවසනවා.නමුත් මෙරට ජනතාව මෙම සුන්දර කඳු ශිඛරය උතුවන්කන්ද ලෙසයි හදුන්වන්නේ.
අද මෙම කඳු ශිඛරය මේ නමින් ප්රසිද්ධියට පත්වීමට හේතු වූ පුද්ගලයා ඒ දවස ඉංග්රීසින්ට හිසරදයක් වූ ද, ධනවතුන්ට කප්පම් කාරයෙක්ද ,දුගී ජනයාට වීරයෙක් ද ,වූ සුවිශේෂ පුද්ගලයෙක් නිසා...
ඒ උතුවන්කන්දේ සූර සරදියෙල් නොහොත් ලංකාවේ රොබින් හුඩ් ය... ඔහුට සෙවණ සැපයූ තැන ලෙසයි මේ කන්ද ප්රසිද්ධ වෙලා තියෙන්නේ..
සොරකම් මංකොල්ලකෑම් සිදුකර පැමිණි සරදියෙල් සැගවී සිටියේ මේ කන්දෙනේ..ඔයාලා දන්නවද උතුවන්කන්ද තරණය කරන්නන් බොහෝ විට සිදු කරන්නේ කන්ද මුදුනතට ආවත් ඒ අසීරු ඉහළ ගල් පර්වත කොටස තරණය නොකිරීමයි.
මොකද එය සැබැවින්ම ත්රාසජනක හා අනතුරුදායක නිසා කන්ද තරනය කලත් ඉහළ ගල් පර්වතයට නගින් නෑ..
අවසන් ගිරි හිස නගින්නට ගොස් අත හෝ පය ලිස්සා ගිලිහී ගියොත් උතුවන්කන්ද හෙළ පහළ වැටිලා ලොකු අනතුරක් වෙනවා.
උතුවන්කන්ද සතර කෝරලයට අයත් ගලබඩ කෝරලයේ එක් පැත්තකින් අලගල්ලත් අනෙක් පසින් බතලේගලත් අනිත් පසින් බලන දුර්ගයටත් මැදිව මහ ඔය නිම්නයේ කෙත්වතු අතර පිහිටා තිබීම විශේෂත්වයකී...
සරදියෙල් නම් වීර සිංහලයා ඔහු උතුවන්කන්දේ සැඟව සිටිමින් සුද්දන්ගේ වස්තුව කොල්ලකා දුගීන් වෙත ඒ වස්තුව, මිල මුදල්, ආහාරපාන සරදියෙල් උතුවන්කන්දෙ, මාවනැල්ලෙ, කෑගල්ලෙ, යටිනුවර, අළුත්නුවර පැත්තෙ මිනිස්සුන්ට බෙදල දුන්න කතා ඔබ දන්නවා ඇතිනේ...
මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න
Original Article Click Here
