ලංකාවේ ලිංගික අසහනය

pancha88

Member
Jul 30, 2015
168
15
0
දෙනෙත් හැර බලන්න!!

අවුරුදු ගණනකට එහා දිව යන මහා ගෞරවාන්විත සංස්කෘතියක්, ශිෂ්ටාචාරයක් සහ ඉතිහාසයක් ඇතැයි ඇතැමුන් උදම් අනන මේ ධර්මද්වීපයේ මෙතරම් ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, මිනීමැරුම් සිදු වන්නේ කෙසේද? ඇතැමුන් සංස්කෘතියක් නැති පර සුද්දෝ යැයි හඳුන්වන්නා වූ මිනිසුන් වෙසෙන රටවල් ලෝකයේ ජීවත් වීමට සුදුසුම රටවල් අතරට එක් වන විට අප සිරි ලක් දිව ලෝකයේ ජීවත් වීමට නුසුදුසුම රටවල් අතරට එක් වීමේ තරඟයකට තරඟ කරනවාදෝ මට විටෙක සිතේ.

සුද්දන් සායේ අඟල් ගාන සදාචාරය මනින මිම්මක් කරගෙන නැත. ගැහැණියකගේ නොඉඳුල් ලිංගිකත්වයෙන් පතිවත මැන චරිතය විවේචනය කරන්න පෙළඹෙන්නේද නැත. ඇඳ රෙද්දේ ලේ පැල්ලමින් විවාහය තීරණය කරනනේද නැත. ලිංගිකත්වයට ස්ත්‍රී පුරුෂ යැයි බෝඩ් ලෑලි ගසා ස්ත්‍රී පාර්ශවයට වෙනම නීති රීති පනවා කොටු කර ද නැත. ගණිකා වෘතිය ද නීතිගතය. නිරුවත් වෙරළ තීරවල් ඇත. සරලවම අප ඇතැමුන් පුන පුනා කියන පරිදි ඔවුන් සංස්කෘතියක් නොමැති හෙළුව වසා ගැනීමට පවා නොදන්නා ජන කොට්ටශයකි.

කෙසේ නමුත් ඔවුන්ගේ සමාජය තුළ අප ලක් දිවේ තරම් ස්ත්‍රී දුෂණ නම් සිදුවන්නේ නැත, ළමා අපචාර සිදුවන්නේද නැත, හයක් හතරක් නොතේරෙන දරුවන්ට පවා අතවර කර සාහසික ලෙස මරාදමන්නේ නැත, දණහිසෙන් අඟලක් දෙකක් උඩට නොව හත අටක් උඩට වුවද ඇඳ කාන්තාවන්ට යකුන් ගස් නගින වෙලේ ද මහ පාරේ ගමන් කල හැක. ඇතැම් විටෙක දුෂණයක් අසාධාරණයක් සිදුවුවහොත් සාධාරණය ඉෂ්ට කල යුතු නීතිය බල්ලට ගොස් ද නැත.

අද අප මීට සතවර්ෂයකට, දෙකකට පෙර ඉතිහාසය සිහිපත් කර ඒ ගැන උදම් අනමින් ලෝකෙට ශිෂ්ටාචාරය රැගෙන යාම පිළිබද පුරසාරම් දොඩවයි. ගව්වෙන් ගව්ව බුදු පිළිම ඉදි කොට ඇති ලෝකයේ පින්බර ම රට ලංකාව යැයි කියයි. එහෙත් කිසිවකු ලංකාවේ සංස්කෘතියට මුවා කොට තබා ඇති ලිංගික අසහනය ගැන කතා නොකරයි. කෙල්ලකගේ කොට සාය මොනවට විවේචනය කිරීමට දන්නා අප අයියලා හැකි නම් සාය උස්සා යට සායද බලයි.

රටේ පාලකයින් තම බඩගෝස්තරය ගැන පමණක් සිතමින් බල තණ්හාවට ගිජු වී මේ සුන්දර රට විනාස කරන විට, සංස්කෘතියට සිර වී වංශය කබල් ගානා ලාංකිකයන් කාමයට යට වී ගැහැණුන්ව දුෂණය කරයි. දුෂණය කර නොනැවතී නැවත නැවතත් ගැහැණුන්ගේ ඇඳුමට ඇඟිලි දිගු කිරීමට තරම් පහත් තත්ත්වයට ද පත්වේ.

මාගේ මතය අනුව මේ සමාජය ලෙහෙසියෙන් පුනරුත්ථාපනය කල නොහැක. යුරෝපීය සංස්කෘතියට ගරහමින් ගතානුගතික හණමිටි අදහස් උදහස් රස කර වැළදීම නවත්වනතාක් කල් මෙකී ලිංගික අසහනය නම් තුරන් කල නොහැක.

මම සුද්දෙක් නොවෙමි, සුද්දොන්ට ආවඩන්නෙකු ද නොවෙමි. මම ඉපදුන දා පටන් මගේ මව් බිමට ආදරය කල අදටත් ආදරය කරන එහෙත් ලක්බිමේ කුහක, නුගත්, පටු දැක්මක් සහිත ගතානුගතික අදහස් වලින් මිදීමට මැලි මිනිසුන්ට වෛර කරන ශ්‍රී ලාංකිකයෙක්මි.
 
Last edited:

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අවාසනාවට ඇත්ත කතාවක් :( සිංහල අපි හැමදාම පිටින් අපිට කෙලවන්න එන එවුන් ගැන බොහොම බයෙන්, අවධානයෙන් ඉන්නවා. එත් ඇතුලතින් අපි කුණු වෙවී දවසින් දවස වලපල්ලට යනවා කියල තේරුම් ගන්නේ බොහොම ටික දෙනයි.

    මේ යන විදියට සිංහල ජාතිය තව පරම්පරා හත අටකට වඩා පවතින එකක් නෑ :( :sorry:

    මුස්ලිම් අන්තවාදයෙන් හරි අමෙරිකන් කුමන්ත්‍රණ වලින් හරි ඔය එකී නොකී දේවල් ගොඩකින් අපිව වලට තල්ලු කරන්න බලාගෙන ඇති. එත් ඒවා නැතත් අපි අපේම කැමැත්තෙන් බොහොම වේගයෙන් වලපල්ලට දුවන ගමන් ඉන්නේ :(

    වෙන රටවල් වල ස්ත්‍රී දූෂණ/ ළමා අපයෝජන වෙන්නේ නැත්තේ නම් නෑ. එත් තමුන්ගේ ගෙදර අම්මලත් එක්ක නිදාගන ඉන්න අවුරුදු 4ක කෙලි පැටික්කියෙකුට ආරක්ෂාවක් නැති මේ රටට තවදුරටත් ලෝකෙන් උතුම් රට කියන්න නම් බෑ රෙද්දක් ඇඳගෙන :sorry::sorry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මේ රට හැම පැත්තකින්ම කුප්ප රටක් ඔය මොකා කෑගැහුවත් මේක උතුම් රටක් කියල
     
    සැහෙන්න හිතට අමාරුයි මචන්. බුදු හාමුදුරුවෝ ශ්‍රී පතුල තියන්න තොර ගත්ත රට හින්ද තාම විශ්වාසයක් තියනවා මනුස්සයෝ හැදෙයි කියල :no::no:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ රට හැම පැත්තකින්ම කුප්ප රටක් ඔය මොකා කෑගැහුවත් මේක උතුම් රටක් කියල

    ඉපදෙන මිනිසෙක්ට සතුටින් ඉදලා මැරෙන්න බැරි නම් මොකටද එහෙම රටවල්
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේ වගේ ඒව නිතරම සිරස එකෙන් පෙන්නුවොත් අන්කල් ල සීයලගෙ අසහනය අඩුවෙලා එයාල පිරිසිදු මනස් ඇති පුද්ගලයො වේවි..මේව බැලුවාම ඕන දූශකයෙක් උනත් සංවර වෙලා නිමිල යාවි
    මිනිසුන්ගෙ සිත්වල ඇති වූ කාම ආශාවන් මේව දුටු වහා වතුර දැමූ ගින්නක් මෙන් නිවී සැනහේවි

    waligamaya

    Well-known member
  • අතම කතාව මචන්. නොමින් ලොව සියලු දේ දක්නා ඇසට, තමන් සැටි මදක්වත් නොපෙනෙන ලෙසට.

    දැන්නම් පින්කෙත හෙළ රන්දෙරනක් නම් නැ. :(:(:(:(
     
    pancha88

    Member
    Jul 30, 2015
    168
    15
    0
    මේ වගේ ඒව නිතරම සිරස එකෙන් පෙන්නුවොත් අන්කල් ල සීයලගෙ අසහනය අඩුවෙලා එයාල පිරිසිදු මනස් ඇති පුද්ගලයො වේවි..මේව බැලුවාම ඕන දූශකයෙක් උනත් සංවර වෙලා නිමිල යාවි
    මිනිසුන්ගෙ සිත්වල ඇති වූ කාම ආශාවන් මේව දුටු වහා වතුර දැමූ ගින්නක් මෙන් නිවී සැනහේවි

    :lol::lol::lol:
     
    pancha88

    Member
    Jul 30, 2015
    168
    15
    0
    අතම කතාව මචන්. නොමින් ලොව සියලු දේ දක්නා ඇසට, තමන් සැටි මදක්වත් නොපෙනෙන ලෙසට.

    දැන්නම් පින්කෙත හෙළ රන්දෙරනක් නම් නැ. :(:(:(:(

    :no::no::no::no::no:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    මෙන්න ඒ කාලේ හිටිය අපේ අක්කලා. බලපන් එදා තිබුනේ මොන තරම් විවෘත සමාජයක්ද? අද මේ අපි
    යල් පැන ගිය වික්ටෝරියානු සංස්කෘතියක් අපේ කරගෙන අසහනෙන් ඉන්නවා

    Sigiriya%20Fresco%20Painting.jpg
     
    pancha88

    Member
    Jul 30, 2015
    168
    15
    0
    කොට්ටාව සිට මොරගහහේන (අංක 129) දක්වා ධාවනය වූ බස් රථයේ ගමන් ගත් පුද්ගලයෙකු එහි සිටි පාසැල් දැරියකගේ ඇද සිටි ඇඳුමට යටින් සිය ජංගම දුරකතනයෙන් හොර රහසේ ඡායාරූප ගත කරමින් සිටියදී අසළ සිටි පුද්ගලයන් එය දැක ඔහුට පහරදී පොලිසියට භාරදී තිබේ.

    1442497580_5904271_hirunews_Kottawa-rape-men.jpg

    අදාළ බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් පිටිපන ප්‍රදේශයේදී බස් රථය නවතා එම පුද්ගලයාව ගස් බැඳ තිබේ.

    මෙලෙස ඔහු සිය ජංගම දුරකතනයෙන් එම අවුරුදු 13ක් වයසැති දැරියගේ ඡායාරූප ගැනීම දැක ඇත්තේ තවත් පාසල් සිසුන් දෙදෙනෙක් විසිනි.

    මෙම පුද්ගලයා හංවැල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 36ක විවාහක පුද්ගලයෙක් බව අප වාර්තාකරු පැවසුහ.

    :no::no::no::no:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කියල වැඩක් නෑ බන් :no::no:

    ලොකෙ සක්කිලිම මිනිස්සු ඉන්නෙ ලන්ක්වවෙනෙ බන්....

    තමන්ගෙ දුවගෙ පන්තියෙ එහාපැත්තෙ ඉන්න කෙල්ලව දුශනය කරපු එකා සමගයි කියලා බොඩ් උස්සන් හිටපු අම්මලානෙ ඉන්නෙ

    කුඩු කාරයො වෙනුවෙන් පෙනි ඉන්න හැමුදුරුවරුනෙ ඉන්නෙ

    හොරු කියලා සක්කිලි කියලා සහසුද්දෙන්ම දැනගෙනත් උන්ට ච්න්දෙ දෙන මිනිස්සු සක්කිලි නෙමයි ද බන්
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    තරිනිගේ අලුත් එක /ශානුද්රිගේ මයිල් /ආක්ෂගේ දයියා එව්වා / හොට් අක්කි / සුදු චුටි / නංගි බබා/ මැනික්ගේ වීඩියෝ එක

    රේප් දුන්නොත් ඔක්කොම දෙනවා ... ඕනිද ?

    :P:P:P:P:P
     
    waligamaya

    Well-known member
  • ලොකෙ සක්කිලිම මිනිස්සු ඉන්නෙ ලන්ක්වවෙනෙ බන්....

    තමන්ගෙ දුවගෙ පන්තියෙ එහාපැත්තෙ ඉන්න කෙල්ලව දුශනය කරපු එකා සමගයි කියලා බොඩ් උස්සන් හිටපු අම්මලානෙ ඉන්නෙ

    කුඩු කාරයො වෙනුවෙන් පෙනි ඉන්න හැමුදුරුවරුනෙ ඉන්නෙ

    හොරු කියලා සක්කිලි කියලා සහසුද්දෙන්ම දැනගෙනත් උන්ට ච්න්දෙ දෙන මිනිස්සු සක්කිලි නෙමයි ද බන්
    සක්කිලි තමයි:(

    දැන් ඉර්හින් රිදිච්ච සක්කිලියෝ පන්කන්න් තියෙන රෙපුත් කපාගෙන සක්කිලි වැකි ටිකකුත් ලියලා යයි
     
    pancha88

    Member
    Jul 30, 2015
    168
    15
    0
    ලොකෙ සක්කිලිම මිනිස්සු ඉන්නෙ ලන්ක්වවෙනෙ බන්....

    තමන්ගෙ දුවගෙ පන්තියෙ එහාපැත්තෙ ඉන්න කෙල්ලව දුශනය කරපු එකා සමගයි කියලා බොඩ් උස්සන් හිටපු අම්මලානෙ ඉන්නෙ

    කුඩු කාරයො වෙනුවෙන් පෙනි ඉන්න හැමුදුරුවරුනෙ ඉන්නෙ

    හොරු කියලා සක්කිලි කියලා සහසුද්දෙන්ම දැනගෙනත් උන්ට ච්න්දෙ දෙන මිනිස්සු සක්කිලි නෙමයි ද බන්

    sirawata ban..hama athinma lankawa pirihila iwarai
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    තිත්ත ඇත්ත පිළිගන්න කැමති නැති , තමන්ගේම ෆැන්ටසි වල ජීවත් වෙන ඒවා අනික් උන්ටත් පතුරවන්න හදන උන් ඉන්නකන් මේ රට හැදෙන්නේ නෑ !