දෙනෙත් හැර බලන්න!!
අවුරුදු ගණනකට එහා දිව යන මහා ගෞරවාන්විත සංස්කෘතියක්, ශිෂ්ටාචාරයක් සහ ඉතිහාසයක් ඇතැයි ඇතැමුන් උදම් අනන මේ ධර්මද්වීපයේ මෙතරම් ස්ත්රී දුෂණ, ළමා අපචාර, මිනීමැරුම් සිදු වන්නේ කෙසේද? ඇතැමුන් සංස්කෘතියක් නැති පර සුද්දෝ යැයි හඳුන්වන්නා වූ මිනිසුන් වෙසෙන රටවල් ලෝකයේ ජීවත් වීමට සුදුසුම රටවල් අතරට එක් වන විට අප සිරි ලක් දිව ලෝකයේ ජීවත් වීමට නුසුදුසුම රටවල් අතරට එක් වීමේ තරඟයකට තරඟ කරනවාදෝ මට විටෙක සිතේ.
සුද්දන් සායේ අඟල් ගාන සදාචාරය මනින මිම්මක් කරගෙන නැත. ගැහැණියකගේ නොඉඳුල් ලිංගිකත්වයෙන් පතිවත මැන චරිතය විවේචනය කරන්න පෙළඹෙන්නේද නැත. ඇඳ රෙද්දේ ලේ පැල්ලමින් විවාහය තීරණය කරනනේද නැත. ලිංගිකත්වයට ස්ත්රී පුරුෂ යැයි බෝඩ් ලෑලි ගසා ස්ත්රී පාර්ශවයට වෙනම නීති රීති පනවා කොටු කර ද නැත. ගණිකා වෘතිය ද නීතිගතය. නිරුවත් වෙරළ තීරවල් ඇත. සරලවම අප ඇතැමුන් පුන පුනා කියන පරිදි ඔවුන් සංස්කෘතියක් නොමැති හෙළුව වසා ගැනීමට පවා නොදන්නා ජන කොට්ටශයකි.
කෙසේ නමුත් ඔවුන්ගේ සමාජය තුළ අප ලක් දිවේ තරම් ස්ත්රී දුෂණ නම් සිදුවන්නේ නැත, ළමා අපචාර සිදුවන්නේද නැත, හයක් හතරක් නොතේරෙන දරුවන්ට පවා අතවර කර සාහසික ලෙස මරාදමන්නේ නැත, දණහිසෙන් අඟලක් දෙකක් උඩට නොව හත අටක් උඩට වුවද ඇඳ කාන්තාවන්ට යකුන් ගස් නගින වෙලේ ද මහ පාරේ ගමන් කල හැක. ඇතැම් විටෙක දුෂණයක් අසාධාරණයක් සිදුවුවහොත් සාධාරණය ඉෂ්ට කල යුතු නීතිය බල්ලට ගොස් ද නැත.
අද අප මීට සතවර්ෂයකට, දෙකකට පෙර ඉතිහාසය සිහිපත් කර ඒ ගැන උදම් අනමින් ලෝකෙට ශිෂ්ටාචාරය රැගෙන යාම පිළිබද පුරසාරම් දොඩවයි. ගව්වෙන් ගව්ව බුදු පිළිම ඉදි කොට ඇති ලෝකයේ පින්බර ම රට ලංකාව යැයි කියයි. එහෙත් කිසිවකු ලංකාවේ සංස්කෘතියට මුවා කොට තබා ඇති ලිංගික අසහනය ගැන කතා නොකරයි. කෙල්ලකගේ කොට සාය මොනවට විවේචනය කිරීමට දන්නා අප අයියලා හැකි නම් සාය උස්සා යට සායද බලයි.
රටේ පාලකයින් තම බඩගෝස්තරය ගැන පමණක් සිතමින් බල තණ්හාවට ගිජු වී මේ සුන්දර රට විනාස කරන විට, සංස්කෘතියට සිර වී වංශය කබල් ගානා ලාංකිකයන් කාමයට යට වී ගැහැණුන්ව දුෂණය කරයි. දුෂණය කර නොනැවතී නැවත නැවතත් ගැහැණුන්ගේ ඇඳුමට ඇඟිලි දිගු කිරීමට තරම් පහත් තත්ත්වයට ද පත්වේ.
මාගේ මතය අනුව මේ සමාජය ලෙහෙසියෙන් පුනරුත්ථාපනය කල නොහැක. යුරෝපීය සංස්කෘතියට ගරහමින් ගතානුගතික හණමිටි අදහස් උදහස් රස කර වැළදීම නවත්වනතාක් කල් මෙකී ලිංගික අසහනය නම් තුරන් කල නොහැක.
මම සුද්දෙක් නොවෙමි, සුද්දොන්ට ආවඩන්නෙකු ද නොවෙමි. මම ඉපදුන දා පටන් මගේ මව් බිමට ආදරය කල අදටත් ආදරය කරන එහෙත් ලක්බිමේ කුහක, නුගත්, පටු දැක්මක් සහිත ගතානුගතික අදහස් වලින් මිදීමට මැලි මිනිසුන්ට වෛර කරන ශ්රී ලාංකිකයෙක්මි.

Last edited:
සිංහල අපි හැමදාම පිටින් අපිට කෙලවන්න එන එවුන් ගැන බොහොම බයෙන්, අවධානයෙන් ඉන්නවා. එත් ඇතුලතින් අපි කුණු වෙවී දවසින් දවස වලපල්ලට යනවා කියල තේරුම් ගන්නේ බොහොම ටික දෙනයි. 