ලංකාවේ සිංදු ගැන පට්ට කතාවක්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ලංකාවේ සිංදු ගැන පට්ට කතාවක්

    ලංකාවේ සංගීතය ගැන කියන පට්ටම වීඩියෝ එකක් මේක.. ඇත්තටම මම දන්නේ නැහැ මේ කවුද කියලා.. මොනවා උනත් කියන්නේ පට්ට ඇත්ත.. දැන් කාලේ අපි සිංදු කියලා අහන්නේ මොනවද.. ඇත්තටම කාලේ වැරැද්දද? මිනිස්සුන්ගේ වැරැද්දද?
    අනිවා බලන්න...

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    මෙයාගේ ප්‍රේම රංජිත් විජේවික්‍රම. රජරට සේවයේ හිටපු සංගීත පාලක.ඕක සක්‍යා ආයතනයේ බණ්ඩාර දිසානායක සර් කරපු ගී රසවින්දන වැඩසටහනට ආපු වෙලේ කිව්වේ. මතකයි සක්‍යා ආයතනේදී ඔය කතාව මමත් ඇහුවා .මට එවෙලේ පැන නැගුන තමයි එයාලට කොහෙවත් තිබ්බ උත්තර බාරතිය සංගීතයෙන් සින්දු හදන්න පුළුවන් නම් අලුත් පරම්පරාවට රැප් හරි රොක් හරි සින්දු හදන්න බැරි කියන එක.ඔය කතාව රෝහණ බැද්දගේ මහත්තයා හරි ලයනල් රන්වල මහත්තයා හරි කිව්වනම් කමක් නැ. ලංකාවේ ජන සංගීතයෙන් හරි හමන් වැඩක් ගත්තේ එයාලා විතරයි. මං පොර වීමේ තියරිය පැත්තක තියල ලංකාවේ නම ඉස්සරහට අරන් යන්න පුළුවන් වැඩක් කරන්න කියලා විතරයි ඉල්ලා සිටින්නේ. එහෙම දවසක අපේ රටේ මිනිස්සු රවී ශංකර් ගෙයි linking park ලගේ සින්දුයි දෙකම අහයි.

    මෙන්න අනිත් අයගේ comment

    මම දන්නේ නැහැ මේ කෙනාව. සමහර විට කව්රුහරි වැදගත් පුද්ගලයෙක් වෙන්න ඇති. නමුත් මෙයා මොකක් හරි අමාරුවකින් පෙලෙනවා. මෙයා බන කිව්වට නව පරපුරට ගරහනවා. චාමර වීරසිංහ කියන්නේ මට නම් ලංකාවේ ඉන්න අග්‍රගන්‍ය ගායකයෙක්. කසුන් කල්හාර කියන්නෙත් ඒ වගේ. ඉරාජ් කියන්නෙත් මොකක් හරි හරියට හරි වැරදියට හරි මොකක් හරි කරපූ කෙනෙක්. මෙයා පහුවෙලා ගිය එයාගේ තාරුණ්‍ය ගැන දුක්වෙන කෙනෙක්. දැන් මෙයා තියෙන හැම දේම විවේචනේ කරලා පොරක් වෙන්න හදනවා. හොදයි. එත් අරමුණ කැතයි.

    මේ දේශනය තුළ ඇත්තේ කුහකකම පමණයි.... දැන් රටම මහ ඉහලින් අගයන 'ජෝති' ගැනත් මේ විදියටම තමයි කාලෙකට ඉහත විවේචන කළේ...
    ළමයින්ට සාහිත්යය රස විදින්න උගන්නන්න අවශ්ය නම් මුලින්ම කළ යුත්තේ චින්තිටයි ඉරාජ්ටයි අපහස කිරීමට වඩා වර්ථමාන පරම්පරාවට පොත් පත් කියවන්න, අකුරු අතර හැන්ගිලා තියන කලා රසය විදින්න පුරුදු කිරීමයි.
    ඔළුව අමාරුවට කොට්ටෙ මාරු කලාට... ඔළුවෙ අමාරුව හොද නොවන බව මේ මහත්මයාට නොතේරීම කණගාටුදායකයි..

    මේ විනාඩි පහලවේදී මේ මහත්මයා විවිද සංගීත විදි උස් තැන වල තියන ගමන් සමහර විදි හාස්‍යයට ලක් කරනවා...මගුල් රථ පෙළපාලියට පොල් කොටයක් දානවද ඩප්පියක් ගහනවද නැත්තන් අනේ යන්තම් බේරුනා කියල අහක බලාගන්නවද කියල තීරණය කරන්නේ අදාළ පුද්ගලයා ඒ පුද්ගලයාගේ මනෝ භාවය අනුව... පිහියෙන් අනින්න ඉන්න එකෙක්ට හන්තානට පායන හඳ අහන්න දුන්න ගමන් ඌ කෙල්ලට වැඳලා අයින් වෙන්නේ නෑ ....ප්‍රබුද්ධ ගීත වල රසය ඉහලයි , ඒ ගැන විවාදයක් නෑ ...එහෙම කියලා අනිත් මිනිස්සුන්ට ගරහන එක මම නම් අනුමත කරන්නේ නෑ .... මේ මහත්මයාගේ කතාවෙන්ම ස්වයන් විවේචනයක් වෙනවා... යුද්දෙට යනකොට පැල් කවි කියල බෑ වගේම තමයි බීල නටනකොට හන්තානට පායන හඳ අහන්න කියන්න බෑ ... බජව්වක් දානකොට ට්‍රිප් එකක් යනකොට අමරදේව නෙවෙයි හොයන්නේ මිනිස්සු , ප්‍රබුද්ධයෝ විසින් ඒ කාලේ "පීචං ගායකයා" විදියට හඳුන්වපු ජෝතිපාලවයි මිනිස්සු හොයන්නේ....ඒ ඒ අවස්ථාවලට අනුව ඒ ඒ සින්දු අවශ්‍ය වෙනවා රස විඳින්න ... නිහාල් නෙල්සන් ගේ සින්දුත් තියෙන්න ඕන, අමරදේවගේ, නන්දා මාලනිගේ සින්දුත් තියෙන්න ඕන ... උත්තර භාරතීය රාඝධාරී රාමුවක ඉඳගෙන අනිත් ඔක්කොම එවුන්ට බනින එකනේ වෙන්නේ මෙතන ..ඒ කාලේ පීචං ජෝතිපාල අද ප්‍රබුද්ධයොත් අගය කරනවා , ඒ කාලේ තුට්ටු දෙකේ හින්දි කොපි ගී පද අද අපි ඉස්ටාර් තරංග වල අහනවා... ඔය හැම මගුලම කාලයට සාපේක්ෂයි ... තව දශක ගානක් ගියාම ඉරාජ් අගය කරලා සිංහල රැප් ගීතයේ පියා කියලත් මිනිස්සු කියයි...කාලෙත් එක්ක ඔක්කොම වෙනස් වෙනවා...හැම එකාම සම්භාව්‍ය විරහ ගීත කියන්න ගත්තොත් බිව්වම කියල නටන්න සින්දුවක් ඉතුරු වෙයිද මිනිස්සුන්ට ??? මේ මහත්මයට මට කියන්න තියෙන්නේ මෙච්චරයි තමන් කැමති දේ අගය කරන්න , අනෙකුත් දේටත් ගරහන්නේ නැතුව ගරු කරන්න ඉගෙනගන්න... සමාජේ බොන උනුත් ඉන්නවා නොබොන උනුත් ඉන්නවා .. බොන එකාට කියන්න බෑ අපි තමයි එල බුවාලා මුන් නිකන් පො**** කියල. නොබොන එකාට කියන්න බෑ අපි තමයි පොරවල් මුන් මහා සක්කිලි කියල...කැමති එකෙක් කැමති දෙයක් කරයි, අහයි.. මම නම් දකින්නේ මේක stand-up comedy එකක් විදියට...

    Koheda inna pissekne..anunge sindu walata apahasa karannai,sindu 2,3k kole balagena kiuwama thaman mha pora kiyala hithan inna pissek...samahara harakta nam muge kathawa hoda athi,..thamanta sinduwak kiya kaviyalwath nha,anith unta apahasa karanawa,buruwaaa
     
    hasithapriya111

    Active member
  • Sep 1, 2010
    440
    54
    28
    මචන් එක එක පුද්ගලයන්ට සංගීතය සහ රසවින්දනය ගැන විවිධ අදහස් තියෙන්න පුලුවන්. විවිධ ආකාරයේ සංගීත රටාවන්ට කැමති හෝ අකමැති වෙන්න පුලුවන්. නමුත් ගොඩක් අය comment කරල තියෙන්නෙ මේ පුද්ගලය කියන දේ හරියට තේරුම් ගන්නෙ නැතුව. ප්‍රේම් රංජිත් විජේවික්‍රම මහතා තමන්ගෙ දේශනයෙන් අදහස් කරන්නෙ නැ Hip Hop හෝ Reggae හෝ වෙනයම් සංගීත රටාවක් අපේ ජන සංගීතයට වඩා පහත් කියල. Rap සංගීතය පහත් කියල අදහස් කරන්නෙත් නැ. නමුත් ගැටලුව තියෙන්නෙ භාවිතයේ. ජන සංගීතය හෝ වෙනයම් සංගීත රටාවක් යොදාගෙන කරන නිර්මාණයන් හරහා සමාජයට යහපතක් වෙන්න ඕනෙ. ඒත් සමඟම නිර්මාණය හා යොදාගන්නා සංගීත රටාවන්ගේ ගැලපීමක් තියෙන්න ඕනෙ. වියෝ දුකක් හෝ විරහ වේදනාවක් සඳහා Rap සංගීතය යොදාගන්නවානම් ඒ විරහ වේදනාව ඒ නිර්මාණය තුලින් පිළිබිඹු වෙන්නෙ නෑ. සමහර යාලුවො comment කරල තියෙනවා දැක්ක ඉරාජ් කියන්නෙ හොඳ විදියට හෝ නරක විදියට තමන්ගෙ දෙයක් කරපු කෙනෙක් කියලා. නමුත් මම දකින විදියට නරක දෙයක් කරනවට වඩා හොඳයි කිසිම දෙයක් නොකර ඉන්න එක. මොකද එහෙම නිර්මාණයක් කළා කියල අයහපතක් මිසක් යහපතක් වෙන්නෙ නෑ. මෙතන කිසිම ගායකයෙක්ව පහත් කරල කතා කරල නෑ. හැබැයි නිර්මාණ විවේචනය කරල තියෙනව. ඒක චාමර වීරසිංහගෙවත් නැත්නම් ඉරාජ්ගෙ නිර්මාණ වලට විතරක් කරන විවේචනයක් නෙමෙයි. ඕනම ගායකයෙක්ගෙ අයහපත් නිර්මාණයක් එක ලෙස විවේචනය කරනව. උදාහරණයක් විදියට කපුගේ කියන්නෙ ලංකාවේ බිහිවුනු ශ්‍රේෂ්ඨතම සංගීත වේදියෙක්. නමුත් එතුමාගෙ ඔබ පෙම් කරනා ඔබේ කුමාරී ගීතය මේ වැඩසටහන තුළ විවේචනය වෙනව. දිවුල්ගනේගෙ රෝස තොල් සිඹිමි ගීතය විවේචනය වෙනවා. ඒ නිසා පටු විදියට තේරුම් ගන්නෙ නැතුව හරියට තේරුම් ගැනීම තමයි වැදගත් වෙන්නෙ. මම මේ දේ සඳහන් කළේ මේක බලන අයට පොඩි හරි අදහසක් ගන්න.
     
    Last edited:

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මෙයාගේ ප්‍රේම රංජිත් විජේවික්‍රම. රජරට සේවයේ හිටපු සංගීත පාලක.ඕක සක්‍යා ආයතනයේ බණ්ඩාර දිසානායක සර් කරපු ගී රසවින්දන වැඩසටහනට ආපු වෙලේ කිව්වේ. මතකයි සක්‍යා ආයතනේදී ඔය කතාව මමත් ඇහුවා .මට එවෙලේ පැන නැගුන තමයි එයාලට කොහෙවත් තිබ්බ උත්තර බාරතිය සංගීතයෙන් සින්දු හදන්න පුළුවන් නම් අලුත් පරම්පරාවට රැප් හරි රොක් හරි සින්දු හදන්න බැරි කියන එක.ඔය කතාව රෝහණ බැද්දගේ මහත්තයා හරි ලයනල් රන්වල මහත්තයා හරි කිව්වනම් කමක් නැ. ලංකාවේ ජන සංගීතයෙන් හරි හමන් වැඩක් ගත්තේ එයාලා විතරයි. මං පොර වීමේ තියරිය පැත්තක තියල ලංකාවේ නම ඉස්සරහට අරන් යන්න පුළුවන් වැඩක් කරන්න කියලා විතරයි ඉල්ලා සිටින්නේ. එහෙම දවසක අපේ රටේ මිනිස්සු රවී ශංකර් ගෙයි linking park ලගේ සින්දුයි දෙකම අහයි.

    මෙන්න අනිත් අයගේ comment

    මම දන්නේ නැහැ මේ කෙනාව. සමහර විට කව්රුහරි වැදගත් පුද්ගලයෙක් වෙන්න ඇති. නමුත් මෙයා මොකක් හරි අමාරුවකින් පෙලෙනවා. මෙයා බන කිව්වට නව පරපුරට ගරහනවා. චාමර වීරසිංහ කියන්නේ මට නම් ලංකාවේ ඉන්න අග්‍රගන්‍ය ගායකයෙක්. කසුන් කල්හාර කියන්නෙත් ඒ වගේ. ඉරාජ් කියන්නෙත් මොකක් හරි හරියට හරි වැරදියට හරි මොකක් හරි කරපූ කෙනෙක්. මෙයා පහුවෙලා ගිය එයාගේ තාරුණ්‍ය ගැන දුක්වෙන කෙනෙක්. දැන් මෙයා තියෙන හැම දේම විවේචනේ කරලා පොරක් වෙන්න හදනවා. හොදයි. එත් අරමුණ කැතයි.

    මේ දේශනය තුළ ඇත්තේ කුහකකම පමණයි.... දැන් රටම මහ ඉහලින් අගයන 'ජෝති' ගැනත් මේ විදියටම තමයි කාලෙකට ඉහත විවේචන කළේ...
    ළමයින්ට සාහිත්යය රස විදින්න උගන්නන්න අවශ්ය නම් මුලින්ම කළ යුත්තේ චින්තිටයි ඉරාජ්ටයි අපහස කිරීමට වඩා වර්ථමාන පරම්පරාවට පොත් පත් කියවන්න, අකුරු අතර හැන්ගිලා තියන කලා රසය විදින්න පුරුදු කිරීමයි.
    ඔළුව අමාරුවට කොට්ටෙ මාරු කලාට... ඔළුවෙ අමාරුව හොද නොවන බව මේ මහත්මයාට නොතේරීම කණගාටුදායකයි..

    මේ විනාඩි පහලවේදී මේ මහත්මයා විවිද සංගීත විදි උස් තැන වල තියන ගමන් සමහර විදි හාස්‍යයට ලක් කරනවා...මගුල් රථ පෙළපාලියට පොල් කොටයක් දානවද ඩප්පියක් ගහනවද නැත්තන් අනේ යන්තම් බේරුනා කියල අහක බලාගන්නවද කියල තීරණය කරන්නේ අදාළ පුද්ගලයා ඒ පුද්ගලයාගේ මනෝ භාවය අනුව... පිහියෙන් අනින්න ඉන්න එකෙක්ට හන්තානට පායන හඳ අහන්න දුන්න ගමන් ඌ කෙල්ලට වැඳලා අයින් වෙන්නේ නෑ ....ප්‍රබුද්ධ ගීත වල රසය ඉහලයි , ඒ ගැන විවාදයක් නෑ ...එහෙම කියලා අනිත් මිනිස්සුන්ට ගරහන එක මම නම් අනුමත කරන්නේ නෑ .... මේ මහත්මයාගේ කතාවෙන්ම ස්වයන් විවේචනයක් වෙනවා... යුද්දෙට යනකොට පැල් කවි කියල බෑ වගේම තමයි බීල නටනකොට හන්තානට පායන හඳ අහන්න කියන්න බෑ ... බජව්වක් දානකොට ට්‍රිප් එකක් යනකොට අමරදේව නෙවෙයි හොයන්නේ මිනිස්සු , ප්‍රබුද්ධයෝ විසින් ඒ කාලේ "පීචං ගායකයා" විදියට හඳුන්වපු ජෝතිපාලවයි මිනිස්සු හොයන්නේ....ඒ ඒ අවස්ථාවලට අනුව ඒ ඒ සින්දු අවශ්‍ය වෙනවා රස විඳින්න ... නිහාල් නෙල්සන් ගේ සින්දුත් තියෙන්න ඕන, අමරදේවගේ, නන්දා මාලනිගේ සින්දුත් තියෙන්න ඕන ... උත්තර භාරතීය රාඝධාරී රාමුවක ඉඳගෙන අනිත් ඔක්කොම එවුන්ට බනින එකනේ වෙන්නේ මෙතන ..ඒ කාලේ පීචං ජෝතිපාල අද ප්‍රබුද්ධයොත් අගය කරනවා , ඒ කාලේ තුට්ටු දෙකේ හින්දි කොපි ගී පද අද අපි ඉස්ටාර් තරංග වල අහනවා... ඔය හැම මගුලම කාලයට සාපේක්ෂයි ... තව දශක ගානක් ගියාම ඉරාජ් අගය කරලා සිංහල රැප් ගීතයේ පියා කියලත් මිනිස්සු කියයි...කාලෙත් එක්ක ඔක්කොම වෙනස් වෙනවා...හැම එකාම සම්භාව්‍ය විරහ ගීත කියන්න ගත්තොත් බිව්වම කියල නටන්න සින්දුවක් ඉතුරු වෙයිද මිනිස්සුන්ට ??? මේ මහත්මයට මට කියන්න තියෙන්නේ මෙච්චරයි තමන් කැමති දේ අගය කරන්න , අනෙකුත් දේටත් ගරහන්නේ නැතුව ගරු කරන්න ඉගෙනගන්න... සමාජේ බොන උනුත් ඉන්නවා නොබොන උනුත් ඉන්නවා .. බොන එකාට කියන්න බෑ අපි තමයි එල බුවාලා මුන් නිකන් පො**** කියල. නොබොන එකාට කියන්න බෑ අපි තමයි පොරවල් මුන් මහා සක්කිලි කියල...කැමති එකෙක් කැමති දෙයක් කරයි, අහයි.. මම නම් දකින්නේ මේක stand-up comedy එකක් විදියට...

    Koheda inna pissekne..anunge sindu walata apahasa karannai,sindu 2,3k kole balagena kiuwama thaman mha pora kiyala hithan inna pissek...samahara harakta nam muge kathawa hoda athi,..thamanta sinduwak kiya kaviyalwath nha,anith unta apahasa karanawa,buruwaaa

    2000 න පස්සේ ලංකාවේ සංගීතය කෑවේ වෙන මොක්කුවත් නෙවෙයි බන් fm radio /tv channel වල සින්දු තෝරන වෙසික පුතාල ...2000 න පස්සේ ඉන්න අලුත් පරම්පරාවේ මල්පොන්සලා දෙන දේ අහන එවුන් මිසක් හොද දේ කොහෙන් හරි පීරලා හොයල අහන එවුන් නෙවෙයි ...උන්ට පොවන්නේ අමරදේවගේ සින්දු නම් යස අගේට අහනවා ඕකුන් ...කරුමෙට තුප්පහි ගීත කලාවක් අහන්න සැලැස්සුවේ 2000 න් පස්සේ බාල මහලු ඔලුව ඇති නැති හැම එකාටම ..ඒවගේ ප්‍රතිපල තමයි ඉරාජ්/චින්ති ...etc ...දැන් තමයි පොඩ්ඩක්වත් අහන්න පුළුවන් විදියේ සින්දුවක් දෙකක් ඇහෙන්නේ ...සම්භාව්‍ය සංගීතයයි 2.50 බයිලා හරි rap bap හැම ලබ්බක්ම තියෙන්න ඕනි ...අහන්නත් ඕනි ..තැනෙ හැටියටනේ ඇනේ ...අර්ථවත් දේ පළමුව ...දෙවනුව rap හරි ඕන ලබ්බක් ...2000 න් පස්සේ ඔකේ අනිත් පැත්ත වෙච්ච දේ විපාක තවමත් විදවනවා අවුරුදු 15 තිස්සේ මුල මැද අග ගලපලා නිවැරදි තනුවකට නිවැරදි කටහඩකින් ගීතයක් හදාගන්න අලුත් පරම්පරාවේ එවුන් දගලන දැගලිල්ල දැක්කම සහ තාක්ෂනය මේ තරම් දියුණු කාලයක සුපිරි ගනයේ නව ගීත ගොන්නක් නොඇසෙන්න තරම් අපි අවාසනාවන්ත වීම පිලිබදව ...