ලංකාවේ සුපිරි වැඩ්ඩො දෙන්නෙක් ....

prasad075

Well-known member
  • Nov 3, 2009
    1,883
    234
    63
    ලංකාවේ සුපිරි වැඩ්ඩො දෙන්නෙක් ....

    ලංකාවේ පළමු වරට ඩ්‍රයිවර් නැතිව යන ජීප් රියක්‌

    jeep2.jpg


    ලංකාවේ පළමු වරට පරිගණකයක්‌ ආධාරයෙන් රියදුරකු නොමැතිව මාර්ගයේ ධාවනය කළ හැකි ජීප් රථයක්‌ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ අ.පො.ස. උසස්‌ පෙළ කලා අංශයේ ඉගෙනුම ලබන නිවුන් සහෝදරයින් දෙදෙනකු විසින් නිර්මාණය කොට තිබෙනවා.

    ජී. පී. එස්‌. (භූගෝලීය පිහිටීමේ පද්ධතිය) තාක්‌ෂණය මගින් ගමන් කරන මාර්ගය පෙන්වාදීමෙන් පසු ස්‌වයංක්‍රීයව මාර්ග බාධක හඳුනාගෙන රියදුරෙකු නොමැතිව කෘත්‍රිම බුද්ධියෙන් මෙම ජීප් රථය ධාවනය කළ හැකි බැව් මෙම නිවුන් සොහොයුරන් දෙදෙනා පවසනවා.

    මෙම විස්‌මිත නිර්මාණය කළ සහෝදරයින් දෙදෙනා වන්නේ ගාල්ල ඉමදුව කෝදගොඩ පදිංචි ආර්. ජී. තිවංක සංජුන (18) ආර්. ජී. විහංග සංජුන (18) යන නිවුන් සහෝදරයින් දෙදෙනායි.

    මෙම මස අවසානයේ බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේ පැවැත්වෙන සහසක්‌ නිමැවුම් ප්‍රදර්ශනය වෙනුවෙන් මෙම ජීප් රථය නිර්මාණය කළ බැව් ඔව්හු පවසනවා. මෙම නිර්මාණය පිළිබඳ අදහස්‌ දක්‌වමින් තිවංක, විහංග යන නිවුන් සොහොයුරන් දෙදෙනා මෙසේ පැවසුවා.

    මේ නිර්මාණය කරන්න මීට මාස අටක පමණ කාලයක සිට තමයි සැලසුම් කළේ. පළමුව අපි දෙන්නා රෝද හතරේ ජීප් රථයක්‌ නිර්මාණය කළා. එන්ජිම සඳහා යොදා ගත්තේ යතුරුපැදියක එන්ජිමක්‌.

    පරිගණකයක ආධාරයෙන් සොනාර් සිස්‌ටම් එක යටතේ තමයි රියදුරෙකු නොමැතිව ස්‌වයංක්‍රීයව ධාවනය කරන්න පුළුවන් විදියට මෙය නිර්මාණය කළේ.

    මේ වාහනයෙන් ගමන් කිරීමට බලාපොරොත්තු වන මාර්ග ජී. පී. එස්‌. තාක්‌ෂණය යටතේ පළමුව ලබා දෙනවා. වාහනයේ සොනාර් අටක්‌ තියෙනවා. ජීප් රථයේ ඉදිරි පස හා දෙපැත්තේ තමයි මේවා සවි කරලා තියෙන්නේ.

    ගමන් ගන්නා මාර්ගය ලබාදීමෙන් පසු මාර්ගයේ තියෙන බාධක හඳුනාගෙන අදාළ ස්‌ථානයට ස්‌වයංක්‍රීයව ජීප් රථය ධාවනය වෙනවා. කෘත්‍රිම බුද්ධියෙන් තමයි වාහනය ධාවනය වන්නේ.

    වාහනයේ කැමරා හතරක්‌ සවි කරලා තියෙනවා. පරිගණකයෙන් තමයි සියල්ල සිදුවන්නේ. ගෙදර ඉඳගෙන පරිගණකයෙන් බලාගෙන ඉන්න පුළුවන් වාහනය ගමන් කරන අයුරු.


    jeep1.jpg


    මාර්ගයේ තියෙන බාධකය දැනුම්දීමෙන් පසු වාහනයේ තිරිංග තද කොට නතර කරගන්නවා. නැතිනම් එය වමට හෝ දකුණට කැපී මගහැර යනවා. ඇත්තටම මේ රථය අපි නිර්මාණය කළේ වතුරේ ගමන් කරන්නත් පුළුවන් ආකාරයට.

    හදිසි ගංවතුර තත්ත්වයකදී නැතිනම් ගංගාවකින් ගමන් කිරීමේදී මේ වාහනයේ සවිකරලා තියෙන ටියුබ් ස්‌වයංක්‍රීයව හුළං පුරවාගෙන ගමන් කරනවා. ඒ විතරක්‌ නොවෙයි වතුරේ යන ගමන් මොකක්‌ හරි වැටුණොත් වාහනේ රොබෝ අත් දෙකක්‌ සවි කරලා තියෙනවා.

    අඩි හයක්‌ විතර යටට අත දමලා වාහනේ යන ගමන් වැටුණු දේවල් ගන්න පුළුවන්. ඇත්තටම අපි නිර්මාණය කළ ජීප් රථයේ දෙදෙනකුට ගමන් කරන්න පුළුවන්.

    මෙය නිර්මාණය කිරීම සඳහා රුපියල් ලක්‍ෂ දෙකහමාරක පමණ වියදමක්‌ දරා ඇති අතර මේ නිර්මාණය කරගෙන ගොස්‌ ඇත්තේ දහසකුත් වූ ගැටලු මැදය. මේ පුතුන් දෙදෙනාගේ පියා වන ආර්. ජී. සිරිපාල මහතා මිය ගොසිනි. මව ටී. ඒ. සෝමවතී පවුල් සෞඛ්‍යසේවා නිලධාරිනියකි.

    රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති කර්නල් ඊ. එම්. එස්‌. ඒකනායක මහතා මේ ගැන නිරන්තරයෙන්ම සොයා බැලුවා. නව නිපැයුම්භාර ආචාර්ය මලිත් කළුපහන මහතා, ඒ වගේම අපේ ගමේ තරුණයන් රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය, එච්. එන්. බී. බැංකුව, ඩී. එස්‌. අයි. ආයතනය මේ අවස්‌ථාවේදී ස්‌තුතිපූර්වකව සිහිපත් කරන බව මේ නිවුන් සොහොයුරෝ සඳහන් කරති.


    jeep3.jpg


    එමෙන්ම මේ නිවුන් සහෝදරයින් දෙදෙනා විසින් ලංකාවේ ප්‍රථම වරට ජංගම දුරකථනයක්‌ භාවිතා කරමින් සංගීත භාණ්‌ඩ වාදනය කිරීමේ අයි පෑඩ් ක්‍රමවේදයක්‌ ද නිර්මාණය කොට තිබේ.

    මෙවැනි විස්‌මිත නිර්මාණ කරන මේ සිසුන් දෙදෙනාට තව තවත් උදව් උපකාර කිරීම දානපතියන්ගේ මෙන්ම බලධාරීන්ගේ වගකීමකි.

    එම ජීප් රථයේ වීඩියෝවක් පහතින් බලන්න.


     

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    yako math maths kare..eth samahara maths karana padayo hithan inne un witharai wada karayo kiyala.. ART karana ewun ganan ganne naha.. balapanko mundenna art karath niyama wada karuwo.. daksha nam mona magulak karath ekai
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    කියමුකෝ බලන්න අපිටත්. දැනගැනිම පිණිස :yes:
    මෙක තාම හදලා නැතො.. මිසියා වලින් හදලා ඉවර කරන්න කලින් පුම්බල තියෙන්නෙ.
    මොකඩ මිඩියා උන්ට මෙක තමන්ගෙ එකෙ මුලින්ම පල කරන්න තරගයක් තිබිලා.

    කොල්ලො දෙන්නත් තාම හරියට මෙකට ඉවර උනා කියල නැ. එ අය කියන්නෙ ලගදිම ඉවර කරනවා කියල. ප්‍රින්සිපල් උනත් මෙක ඉවර කරලා කියලා නැ,

    ඔක්කොම හදන්න කලින් මිඩියා උන් ටික තමයි මෙක හදලා ඉවරයි කියලා තියෙන්නෙ. තාම ටෙස්ටින් එකක්වත් කරලා නැ.

    කොල්ලො දෙන්න කියනවා... මෙක හදාලා ඉවර උනාම කියනකන් ඉවසන්න කියලා..


    ඔන්න ඔකයි තත්වෙ... නිදහසෙ වැඩක් කරගන්න මෙ මිඩියා උන ඉඩ දෙන්නෙ නැතිලු
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    එහිදී ගාල්ල ප්‍රදේශයේ මාධ්‍යවේදීන් අප වෙත තොරතුරු ලබාදෙමින් පැවසුවේ එම ජීප් රථය තවමත් රියෙදුරෙකු නොමැතිව යන ආකාරයට වැඩි දියුණුකර නොමැති බවත් එවැනි ජීප් රථයක් මාධ්‍යවේදීන්ට පෙන්වීමට එම විද්‍යාලයේ ගුරුවරු අසමත් වූ බවය. (එසේ නොමැතිව තිබියදී ඔවුන් ඒවා මාධ්‍යවල පලකිරීමට එව්වේ මන්දැයි අප නොදන්නෙමු).

    තවද මාධ්‍යයවේදින් විසින් තවමත් ආකෘතියක් පමණක් නිපදවා ඇති මෙම ජීප් රථයට තවමත් නිපදවමින් පවතින ඇතැම් දෑ එකතුකොට බොරු වාර්තාවක් නිකුත්කර ඇතැයිද චෝදනාකොට ඇත.
     

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    oka boruwak ban. mun tama angimakata roda 4 atwala vitarai tiyanne. anit ewa mun add karanna plan karagena inna ewa.