මම සිංහලෙන් බණ අහන එක නවත්තලා ගොඩක් කල්, හේතුව ගෑනිට මිනිහා සලකන්න ඕනේ කොහොමද? රස්සාව කරන්න ඕනේ කොහොමද? දානේ බෙදන්න ඕනේ කොහොමද? මව්පිය ගුණ වන්දනා, වෙහෙර විහාර හැදිල්ල, දශ ලක්ෂයේ මල් පහන් පුජා වලට එහා මිනිස්සුන්ට වැදගත් බෞද්ධ දර්ශනයක් උගන්වන්නේම නැති තරම් නිසා. හැබැයි මේ වීඩියෝ එකේ හාමුදුරුවෝ ලස්සනට පැහැදිලි කරලා දෙනවා core concepts ටික. මිනිස්සුන්ට තමන්ගේ පැවැත්ම, තමන්ගේ මනසේ සිද්ධවෙන ක්‍රියාවලිය ඇයි තරහා යන්නේ? ඇයි මැරෙන්න හිතෙන්නේ? ඇයි දුක්වෙන්නේ? කියලා සරලව පැහැදිලි කරලා දෙනවනම් ආයේ අමුතුවෙන් සමාජේ හැසිරෙන්න ඕනේ කොහොමද කියලා උගන්වන්න ඕනේ නෑ.
