බුද්ධිය කිව්වම විවිධාකාර බුද්ධිමත් කම් තියෙනවනෙ. Spatial, logical (mathematical), linguistic/literary, musical, interpersonal යනාදී වශයෙන්. Spearman හයිපොතිසීසය එකෙන් ඔය කඳවුරු වල සහසම්බන්ධය (සිංහලෙන් කිව්වොත් කොරිලේෂන්) ජෙනරලයිස්ඩ් ෆැක්ටර් එකක් හැටියට කීමනෙ IQ ටෙස්ටින්ග් වල වෙන්නෙ. තදබල කාටීන්‍යමය ගුණ නොතිබුනත් ජනවාර්ගික පදනමකින් මිනිස්සුන්ගෙ බුද්ධිමය හැකියාවන් බොහෝ දුරට නිවරැදි ලෙස තක්සේරු කරන්න පුලුවන් IQ එකෙන්.
කාරනේ මේකයි...ටෙස්ටින් වලින් නොමැනෙන මොනයම් හෝ ගුණයක් යම් යම් ජන කොට්ඨාස සතුව තිබීමේ (ඉතාම සුලු) ඉඩකඩකුත් තියෙන්න පුලුවන්. ඒත් අනිත් අතට "බුද්ධිමත්කමේ" යම් ආකාරයක පැකේජ් ඩීල් ස්වභාවයකුත් තියෙනව. නිදසුනක් විදිහට වඩා දියුණු ගණිතමය හැකියාවන් සමඟම භාෂාමය හෝ සංගීතමය හැකියාවක් බොහෝ විට නිකම්ම ලැබෙන නිසා (ජෝන් වීලර්, පෝල් ඩ්රාක්, ෆ්‍රොයිඩ්, බ'නාඩ් රීමාන් etc. තමන්ගෙ භාෂා භාවිතයෙ හෝ සංගීතයෙ දක්වපු සමර්ථකම මතක්වෙනව).
අපේ මිනිස්සු ගැන කියන්න තියෙන්නෙ මෙච්චරයි. හරිහමන් සංස්කෘතික ජීවිතයක් නැති අම්මල තාත්තලගෙ දූදරුවන්ටත් බොහො විට එයාකාර ජීවිතයක් මයි හිමිවෙන්නෙ. සංස්කෘතික පැවැත්මක් නැති තැනක බුද්ධිමත්කමක් තියෙන්න විදිහක් නෑ. ලංකාවෙ සාමාන්‍ය දරිද්‍ර/පහළ-මධ්‍යම පාන්තිකයො පතෝල වගෙ. අනිත් කාරනේ පහුගිය අවුරුදු දෙසියයක් තිස්සෙම රටේ මොනයම් හෝ ඇප්ටිට්‍යුඩ් එකක් තිබුන සිංහල/දෙමළ මිනිස්සුන්ව මර්ධනය හෝ රටින් පන්නල දැමෙන තැනට වැඩ අහම්බෙන් හෝ සිද්ධ වෙලා තිබීම. ඉතුරු වෙලා ඉන්නෙ අපි උබල වගෙ උන් තමා ඉතින්.
owa oya kiyana tharamma accurate da bn?
මේ කියන රෑන්කින්ග්ස් මට ඩිෆෙන්ඩ් කරන්න බෑ. ඒත් ප්‍රමිතිගතව කරපු ඒව ඒවයෙ මෙතඩොලොජියත් එක්කම දැකල තියෙනව. කණගාටුවෙන් උනත් කියන්න වෙනව අපි below average රටක් බව g-factor (i.e. IQ) එක අතින්.
එතකොට බං රජයේ රස්සා වලට ගද්දි තියන iq විභාගෙට ලකුණු 200න් දෙන එක අසාධාරණයිනේ බං
ඒ ඉතාම සාමාන්‍ය බුද්ධි පරීක්ෂණ. ඒවයෙන් අවකාශීය විශ්ලේෂණ හෝ වියුක්තකරනය ගැන විමසෙන ප්‍රශ්න තියෙන්නෙ පොඩි කොටසක්. තියෙන ඒවත් වට්ටෝරුගත ප්‍රශ්න. ඒකටනම් මුලු ලකුණු ප්‍රමාණයට ආසන්නව ගන්න පුලුවන් වෙන්න ඕනෙ පුහුණු වෙලා ගිය කෙනෙක්ට.
වන්දන ගුණවර්ධන කිව්වේ ඊශ්‍රායලෙ 1 ලංකාව 2 කියලා??
මීට අවුරුදු තුනකට කලින් සෝෂල් මීඩිය වල ගිය hoax එකක්නෙ බන්. ඒක දාගෙන ශෙයා කිරීමෙන්ම අපේ අවිචාරශීලි බව අපිම ඔප්පු කරල පෙන්වපු එක තමයි කැරිම නිශේදනාත්මක අයිරනිය.
ලෝකෙ භයානකම හමුදාවද මොකක්ද බයිලාවකුත් වයිරල් උනා නෙ ගිය අවුරුද්දෙ. අපේ මිනිස්සුන්ගෙ තියෙන ලෝක මට්ටමෙ තක්සේරුවක් ගැනීමෙ නොතිත් ආසාව අවභාවිත වෙනතැන් තමා ඔය. පවු මිනිස්සු.