යාලුවනේ, අද මට හිතුණා ලංකාවේ මේ නමට විතරක් තියෙන "Unlimited Internet" කියන විහිළුව ගැන පොඩ්ඩක් කතා කරන්න. දැන් ඉස්සර වගේ FUP දාලා ඩේටා කැපෙන්නේ නැති වුණාට, මුන් කරන්නේ ඊට වඩා ලොකු වංචාවක්. Unlimited කියලා මුන් අපිට දෙන්නේ 1Mbps, 2Mbps, 4Mbps වගේ හිර කරපු ස්පීඩ් එකක්. ඇත්තටම මේකට Unlimited කියන්න පුළුවන්ද? තප්පරේට යන ගාණ ලිමිට් කරලා තියෙනවා නම්, ඒකෙන් මාසෙට උපරිම ගන්න පුළුවන් ප්රමාණය ගණිතමය වශයෙන් කලින්ම තීරණය වෙලා ඉවරයි. ඉතින් ඕකේ ඇති Unlimited එකක් නැහැ, තියෙන්නේ නම විතරයි.
අපේ ISP ලා මේ වගේ පැකේජ් දෙන්න ප්රධානම හේතුව මුන් හිතාගෙන ඉන්නේ ලංකාවේ මිනිස්සුන්ට ඇත්තම Unlimited (Speed limit නැති) දුන්නොත් මුළු ඉන්ටර්නෙට් එකම බාගෙන, මුන්ගේ නෙට්වර්ක් එකම හබක් වෙයි කියලා. මුන් හිතන්නේ සිංහලුන්ට අන්ලිමිටඩ් දුන්නොත් දවසම PC එක දාගෙන තියෙන ඔක්කොම HDD පිරෙන්න බායි කියලා. ඔව්, සමහරවිට මුල් මාස දෙක තුනේ එහෙම වෙයි. ගෙදර තියෙන හැම Hard Disk එකක්ම පිරෙනකන් මුන් බායි. ඒකට හේතුව තමයි කාලයක් තිස්සේ ඩේටා හිඟා කාපු එක.
හැබැයි ISP ලා තේරුම් ගන්න ඕනේ එක දෙයක් තියෙනවා. මිනිස්සු මෙහෙම පිස්සුවෙන් වගේ බාන්නේ මුන්ට ඕනේ වෙලාවට ඕනේ දෙයක් බලන්න තරම් ඩේටා හරි ස්පීඩ් එකක් හරි නැති නිසයි. හැමතිස්සෙම ඩේටා ඉවර වෙයි කියන බයට තමයි කට්ටිය හම්බෙන වෙලාවට Hard Disk පුරවගන්නේ. මුන් බය නැතුව True Unlimited (Full Speed) දුන්නොත්, මාසයක් දෙකක් යද්දී මිනිස්සුන්ටම ඕක එපා වෙනවා. එතකොට උන්ට තේරේවි Unlimited කියන්නේ Hard Disk පුරවන එක නෙවෙයි, ඕනේ වෙලාවක බය නැතුව YouTube එකේ 4K වීඩියෝ එකක් බලන්න පුළුවන් එක, ඕනේ Game එකක් Update කරගන්න පුළුවන් එක කියලා.
ඇත්තටම මේ නෙට්වර්ක් වල තදබදය ඇති වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ වැරද්දෙන් නෙවෙයි, ISP ලා දෙන මේ "හිඟන ස්පීඩ්" නිසයි. එක ෆයිල් එකක් බාන්න පැය ගාණක් නෙට්වර්ක් එකේ ඉන්න මිනිස්සුන්ට සිද්ධ වෙලා තියෙන්නේ ස්පීඩ් නැති නිසා. ස්පීඩ් එක දුන්නොත් විනාඩි පහෙන් බාලා මනුස්සයා නෙට්වර්ක් එකෙන් අයින් වෙනවා. මිනිස්සුන්ට නිදහස දුන්නොත් උන් නිකම්ම Normal usage එකට හැඩගැහෙනවා. ඒක තේරුම් ගන්න තරම් අපේ ISP ලාට මොළයක් නැද්ද, නැත්නම් අපේ සල්ලි ටික මිරිකන්න හදන්නේ මෙහෙම බොරු "Unlimited" විකුණලාද?