South Korea වල මිනිස්සු වගේ අපේ මිනිස්සුන්ව ප්‍රෙෂර් කරන්න බෑ.
මොකද අපේ පහුගිය ආණ්ඩු වලින් පරපෝෂිතයෝ මිලියන ගාණක් බිහි කරලා ඉවරයි.
සමෘද්ධි, සහනාධාර, නොමිලේ සෞඛ්‍ය, නොමිලේ අධ්‍යාපනය වගේ පැති වලින්.
මං කියන්නේ ඒවා හොද නෑ කියලා නෙමෙයි ඒත් හැමදේම නොමිලේ දෙන්න පුරුදු වුනාම
මිනිස්සු දිගින් දිගටම සියල්ල නොමිලේ බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම දරන්න බැරි රාජ්‍ය සේවය. යල් පැනපු පාසල් පද්ධතිය, විශ්වවිද්‍යාල පද්ධති මේ වගේ ගොඩක් නිසා අපේ සිස්ටම් එක ලොක් වෙලා තියෙන්නේ.
US, Japan වලට හේත්තු වුනොත් අපිට ගොඩ යන්න පුළුවන් තමයි හැබැයි උන්ට එන්න දෙන්නේ නෑ පොහොට්ටු කල්ලිය.
මට හිතෙන්නේ අපි රීජන් එකේ ලොක්කට කොක්කක් ගහන්න ඕනි.
නාකි මයිනා ගහගෙන උගේ පවුල ගොඩ දාලා රටම වලට ඇද දාපු විදියට නෙමෙයි.
උන්ගේ Policies ටික අපි කාබන් කොපි කරන්න ඕනි. අඩු ගානේ ගෝටා විනාස කරපු අපේ Agriculture එකවත් ගොඩ දාගත්තොත් මිනිස්සු යාන්තන් කාලා හරි ඉදියි. උබ කිව්වා වගේ මිනිස්සුන්ගේ Discipline නම් සෑහෙන්න හැදෙන්න ඕනි. ඒත් එහෙම මේ කල්පෙට වෙන පාටක් නැති නිසා තමන්ට සෙට් වෙන රටකට ගිහිල්ල ඉන්න එක තමයි හොදම වැඩේ.