ලංකාව දියුණු කරමුද ?
මචං ලා මේවා ඔක්කොම මගේ අදහස්.. මම කියන්නේ ලංකාව පොඩ්ඩක් දියුණු කරන්න මේවගේ වෙනස් කම් කරානම් හරි කියලා.
රටේ අනාගතය දරුවන් කියල කියනවනේ. ඉතින් මුලින්ම වෙනස් කරන්න ඕනේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයයි ..
ඒක කරන්න ඕනේ මෙහෙමයි . සාමාන්‍ය පෙලින් පස්සේ ගොඩාක් අය උසස් පෙළ කරනවා . අසමත් අය වෙන වෙන අංශ වලින් ඉස්සරහට යන්න හදනවා.
නමුත් උසස් පෙළ කරන ගොඩක් අයත් අන්තිමට කරන්නේ වෙන වෙන අංශ වලින් රස්සාවල් හොයාගන්න ඒකනේ ..
සුළු පිරිසක් කැම්පස් යනවා.
ඕකනේ රටේ ඇත්තටම වෙන්නේ.
ඉතින් සාමාන්‍ය පෙලින් පස්සේ පාසල් වල විද්‍යා, ගණිත වාණිජ අංශ වගේම අලුතින් පරිගණක , මෝටර් රථ කාර්මික , හොටෙල් අංශ වගේ
විෂයන් ද ඇතුලත් කරොත් ලමන්ට තමන් කැමති අංශයෙන් යන්න පුළුවන්.. එතකොට ඒවාට සමාජයේ පිළිගැනීමත් ලැබෙනවා.
කැම්පස් යන්න ඕන අය.. සාම්ප්‍රදායික විෂයන් කරනවා.. එහෙම නැති අය තමන් අසා කරන විෂයන් කරනවා..
අනික අද තියෙන්නේ විභාග පදනම් කරගත් අධ්‍යාපනයක් ... ඒක නිසා අපි දැනුමට මුල් තැන දෙන්න ඕනේ..
අනික් දේ තමයි .. දැනට අවරුදු 30කට විතර කලින් සිංගප්පූරුවට ඕන උනේ ලංකාව වගේ වෙන්න.. එත් දැන් බලන්න .. එයාල කොච්චර දියුණු උනාද ?
එහෙම දියුණු වෙන්න එයාලට මොනවද තිබ්බේ ? ස්භාවික සම්පත් තිබ්බේ නැ.. මානව සම්පත් තිබ්බේ නැ .. එත් දියුණු උනා.
ඒකට හේතුව තමයි ඒ පාලකයන්ට මොලේ තිබ්බා. උන් කරේ උන්ගේ රට විදේශ ආයෝජකයන්ට විවෘත කරපු ඒක ...
එතකොට පිටිරට ආයෝජකයෝ ඇවිත් ඒ රටේ ගොඩනැගිලි හදලා , පාරවල් හදලා , දියුණු කරා .. එත් කව්රුවත් කියනවද සිංගප්පුරුව දියුණු
කරේ පිට මිනිස්සු කියලා ..
පොඩ්ඩක් හිතලා බලන්න අපි කොච්චර සුද්දට බැන්නත් සුද්ද නේද අපේ රට මේ තත්වෙට හරි ගෙනාවේ.. කොච්චි පාරවල් හැදුවේ උන් .
ලංකාවේ තියෙන නිතියෙනුත් බාගයකට වැඩ සුද්දගේ නීති. ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැති ඒක අපේ ලංකාවේ වැරැද්ද ?
රටක් සංවර්ධනය වෙන්න නම් ඒ රටේ භාණ්ඩ නිෂ්පාදනය වැදගත් වෙන්නේ නැ .. රටේ භාණ්ඩ නිෂ්පාදනය වැඩි වෙනවා කියන්නේ
ආර්ථික වර්ධනයක්.. එත් සංවර්ධනය වෙන්න නම් ඒ නිෂ්පාදන මගින් ලැබෙන අදායම රට පුරා විහිදී යන්න ඕනේ..
දැන් ලංකාවට වෙලා තියෙන්නේ එකයි.. රට කොච්චර සල්ලි ආවත් ඒවා බෙදෙන්නේ සල්ලි කාරයෝ අතරේ..
පොඩි මිනිස්සුන්ට හම්බෙන්නේ නැ ...ඒකට කරන්න ඕනේ සල්ලි කාරයන්ගෙන් බදු අයකරගෙන ඒවා දුප්පත් මිනිස්සු අතරේ බෙදලා දෙන ඒක
ලංකාවේ බදු ගැහුවට ඒවා යන්නේ ඇමති වරුන්ගේ සාක්කු වලට ..
මොකද කියන්නේ මේවා ඇත්තද බොරුද ? මේවා මට හිතුන විදිය.. ඔයාලට වෙනස් විදියට හිතෙන්න පුළුවන්.. අදහස් ආත්මගතයි..
බනිනවානම් බනින්න .. මට අනන් මනං ඉල්ලන්නේ නැ.. කියවලා හිතෙන දේ කියන්න..
ඔයාලට බුදුසරණයි..