ලංකාව ශිෂ්ඨ කළ නොහැක.
පහුගිය දාක,අවුරුදු අසූ ගනන් වල අග බාගේ ඉන්න ඉතා මහලු මිනිස්සු තුන්දෙනෙකුට අපූරු අවස්ථාවක් ලැබුණා. ඒ තමා දෙවියන්වහන්සේ හමු වෙලා තමන් කැමති ඕනෑම එක ප්‍රශ්නයක් අහන්න. මතක් කරන්න ඕනෑ , මේ මහල්ලෝ තුන්දෙනා රටවල් තුනක බව . චීනේ, ඇමෙරිකාවෙ, හා ලංකාවේ.
මුලින්ම චාන්ස් එක ලැබුනේ නාකි චීනාට.මිනිහා හරිම දේශප්‍රේමියෙක්. සමහර විට ලංකාවේ අය ආශ්‍රය කරලා ද දන්නේ නැහැ, මෙච්චර දේශප්‍රේමියෙක් වුනේ. එයා දෙවියන්වහන්සේගෙන් මෙහෙම ඇහුවා
"අනේ දෙවියනි, මගේ රට ඇමෙරිකාවත් පරද්දලා ලෝක බලවතා වෙන්නේ කවද්ද?"
"තව අවුරුදු සීයකින්" දෙවියෝ කිව්වා.
ඒක ඇහුනා විතරයි චීන මහල්ලා ඉකි ගගහා අඬන්න ගත්තා. දෙවියෝ ඇහුවා මේ මොකද අඬන්නේ? අවුරුදු සීයකින් හරි ඔහෙගේ රට ලෝක බලවතා වෙනවනේ කියලා.
එතකොට චීන මහල්ලා ඉකි ගගහා කියනවා "අනේ දෙවියනේ ඒ වාසනාවන්ත දවස දකින්න තරම් කාලයක් මට ජීවත් වෙන්න බැරි නිසයි මම ඇඬුවේ " කියලා.බලන්න දෙශප්‍රේමේ නේද?
ඔන්න ඊ ලඟට ගියේ ඇමෙරිකන් කාරයා .මිනිහාටත් තිබුණේ රට ගැන ප්‍රශ්නයක්.
"දෙවියන්වහන්ස, අපේ රට මේ කරදර වලින් මිදිලා සෞභාග්‍යමත් , සාමකාමි රටක් වෙන්නේ කවදාද" ඇමෙරිකන් මහල්ලා ඇහුවා.
"තව අවුරුදු පනහකින් " දෙවියෝ කිව්වා. මේක ඇහුනාම ඇමෙරිකන් මහල්ලාත් හොටු හූර හූර අඬන්න ගත්තා. " අනේ ඒ දවස වෙනකම් මට ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැනේ" කිය කියා.
මේ වගේ කතාවල කවදත් සාමාන්‍යයෙන් වෙන විදිහට අන්තිමට චාන්ස් එක ලැබුණේ ලංකාවේ වයසක ලොක්කාට. මිනිහත් නොන්ඩි ඇණ ඇණ දෙවියන්වහන්සේ ලඟට ගිහින් ඇහුවා ප්‍රශ්නයක්.
" අනේ දෙවියන්වහන්ස, මගේ රට ශ්‍රී ලංකාව ශිෂ්ඨ සම්පන්න රටක් වෙන්නේ කවදාද?"
මේ ප්‍රශ්නේ ඇහුණා විතරයි දෙවියන්වහන්සේ ඊරියක් වගේ වැලපෙන්න පටන් ගත්තා.
ලංකාවේ පොරට තාම හිතාගන්න බැරිලු මේ මොකද කියලා

? ඊරියක් යනු ගැහැණු සතෙක්නේ

That's not something specific only to our people (that's human nature). Only a very few of the population are selfless 