ලංකාව_130_වෙයි

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ලොව ජීවත්වීමට සුදුසු නගර ශ්‍රේණිගත කිරීම්වල ලංකාව 130 වැනි ස්ථානයේ


    කොළඹ නගරය ලොව ජීවත්වීමට සුදුසු නගර ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන හයකින් පහළට වැටී ඇත.

    ඒ අනුව ලොව නගර 140ක් අතරින් ශ්‍රී ලංකාවේ කොළඹ නගරයට හිමිව ඇත්තේ 130 වැනි ස්ථානයයි.

    ලොව ප්‍රමුඛතම සඟරාවක් වන ‘ද ඉකොනොමිස්ට්’ සඟරාව අයත් ‘ඉකොනොමිස්ට්’ ව්‍යාපාර සමූහයේ ‘ඉකොනොමිස්ට් ඉන්ටෙලිජන්ස් යුනිට්’ ඒකකය වාර්ෂිකව මෙම සමීක්ෂණය සිදු කරයි.

    මෙම ලැයිස්තුව සැකසීමේදී සෑම වසරකදීම නගර 140ක් සලකා බැලෙයි. එහිදි ජීවන තත්ත්ව, අපරාධ, ප්‍රවාහනය, යටිතල පහසුකම්, අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට ප්‍රවේශවීම මෙන්ම දේශපාලන හා ආර්ථික ස්ථාවරභාවය යන සාධක සලකා බලමින් ලකුණු ලබා දීමක් කරයි. එහිදි ලකුණු 100න් එම ලකුණු දීම කරයි.

    ඉකුත් මාර්තු මාසයේ දී රජය විසින් පනවන ලද හදිසි නීතිය, සිංහල බෞද්ධ සහ දෙමළ, මුස්ලිම් යන ප්‍රජා අතර ඇති වූ ගැටුම් කොළඹ නගරයේ කලබලකාරී තත්ත්වයක් ඇති වීමට හේතු වූ බවත් ශ්‍රේණිගත කිරීම් සඳහන් කරමින් නිකුත් කළ වාර්තාවේ දැක්වේ. එමෙන්ම සමස්ථයක් දෙස බැලීමේදී එම සිදුවීම් හා වෙනස්කම් කොළඹ නගරයේ ස්ථාවරත්වයට බලපෑම් එල්ල කළ බව ද එහි දැක්වේ.

    යහපත් වර්ධනයක් පෙන්නුම් කරමින් ශ්‍රී ලංකාවේ කොළඹ 2017 වසරේදී එම ශ්‍රේණිගත කිරීම්හි 124 වැනි ස්ථානය පැමිණීමට සමත්වූ විය. වසර 2017 දක්වා වසර පහක කාලයක් සැලකීමේදී කොළඹ නගරය සියයට 2.5ක වර්ධනයක් පෙන්නුම් කර තිබිණි.

    ඉන්දියාවේ නවදිල්ලි නගරය මෙම ශ්‍රේණිගත කිරීම්වල 112 වැනි ස්ථානයටත්, නේපාලයේ කත්මණ්ඩු නගරය 129 වැනි ස්ථානයටත්, පාකිස්තානයේ කරච්චි නගරය 137 වැනි ස්ථානයටත්, බංග්ලාදේශයේ ඩකා නගරය 139ටත් පත්ව තිබේ.

    මෙම ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථානය දිනාගැනීමට ඔස්ට්‍රියාවේ වියානා නගරය සමත්ව තිබෙන අතර ඔස්ට්‍රියාවේ මෙල්බර්න් දෙවැනි තැනටත් ජපානයේ ඔසාකා නගරය තෙවැනි තැනටත් පත්ව ඇත.


    LANKADEEPA
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,619
    13,302
    113
    පඹයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමැති උනහම ඔහොම තමයි


    එරොස් ගු කබරයා ඔන්න මම දැම්ම උබට කලින්

    අහ්
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔය ශෙනිගත කරපු උන් ඩෙස්මන්ගෙ කොලබ රැට පැරිස් නුවර සින්දුව ඇහුවා නම් ඔය ගනන් දෙන්නෙ නැ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ✅ කොළඹ තවත් පහලට

    34_2.gif
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    මෙම ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථානය දිනාගැනීමට ඔස්ට්‍රියාවේ වියානා නගරය සමත්ව තිබෙන අතර ඔස්ට්‍රියාවේ මෙල්බර්න් දෙවැනි තැනටත් ජපානයේ ඔසාකා නගරය තෙවැනි තැනටත් පත්ව ඇත.

    ඕස්ට්‍රේලියා වෙන්න ඕනේ??