ලංකාව කියන්නේ පොඩි රටක් මචන් , ප්‍රාදේශීය රජවරු ඔච්චර ඉන්න ඒවා ගම් වගේ පොඩි රාජධානිද?
ඉන්දියාවේ බෞද්ද ධර්මය නැතිවුනේ බ්‍රාහ්මණයෝ බුදුහාමුදුරුවොත් විෂ්ණුගේ තව අවතාරයක් කියල, බුදු දහම හින්දු දහමට එක් කරපු නිසා.
මගේ ලිපිය මුල ඉදන් කියවන්න , තමන් කොච්චර පොඩි රටක හිටියත් , ලොකේ පාලනය කල ජාතිය තමන් යයි කියාගැනීම ලාංකිකයින්ට සිමා වෙලා නැහැ. හැමෝම කියන්නේ තමන් තමයි ඉස්සර ලෝකේ පාලනය කරේ කියල.
*හිට්ලර්ගේ පිරිසිදු ජර්මානු ආර්ය සන්කල්පය මගින් ලොව අනෙක් ජාතින් යටත් කර ගැනීමට ගෙන ගිය දෙවන ලෝක යුද්දය.
* යුදෙව්වන් තෝරනු ලැබූ එබ්‍රහම්ගේ දරුවන් සදහා දුන් පොරොන්දු දේශය යයි කියමින් ඊශ්‍රායලය පිහිටුවීම.
* මුස්ලිම්වරුන්ගේ අවසාන විසදුම හෙවත් සියලු ලෝක වාසින් ඉස්ලාම් ධර්මයට අවනත කරගැනීම.
* ඇමෙරිකානුවන්ගේ විදේශ ප්‍රතිපත්තියේදී ලෝක සාමය පවත්වාගන යාම දෙවියන් විසින් තමන්ට පැවරු බව විශ්වාස කිරීම.
* දකුණු ඉන්දීය ද්‍රවිඩයන් ශ්‍රී ලංකාව , අප්‍රිකාව,ඔස්ට්‍රේලියාව, නවසීලන්තය දක්වා විහිදුනු පුරාන ද්‍රවිඩ රාජ්‍යක් තිබු බව විශ්වාස කිරීම.
මෙහෙම කියන්නේ ගොඩක් දුරට වර්තමානේ සාර්ථකත්වයක් නැති නිසා එන හීනමානෙත් එක්ක.
"අපි ඉස්සරනම් මෙහෙමයි , අපෙ මුතුන්මිත්තෝ තමයි ලෝකේ පාලනය කරේ "
එහෙම කියන්න කවුද අකමැති. එත් ඉතින් ලෝකේ හැම මිනිහම ඔහොම කියන්න ගත්තොත් එකත් ටිකක් විකාරයක් වෙනවා නේද?