උතුරේ පැවති යුද්ධයට මෙන්ම අද දක්වාම පවතින බෙදුම්වාදයටත් මූල බීජය ඉතිහාස ගැටලුවක් මිස වෙනින් යමක් නොවේ. සිංහල ලිඛිත ඉතිහාසය වසර දෙදහස් පන්සියයක් පමණ පැවතියද ඉන් එහා ඉතිහාසය තුල මේ රට අයත්ව තිබුනේ තමන්ට බව ද්‍රවිඩයින් විශ්වාස කිරීම මේ ගැටලුවට හේතු වී තිබේ. මේ මතය බිඳ දැමීමට නම් අපි අපේ සැබෑ හෙළ ඉතිහාසය සොයා ලෝකයට ඉදිරිපත් කළ යුතු බව අමුතුවෙන් කීමට අවශ්‍ය නොවේ.නමුත් මෙම සැබෑ ඉතිහාසය මතු වුවහොත් ද්‍රවිඩයින් ගෙනයන අරගලයෙහි පදනම විනාශ වන බව ඔවුන් හොඳාකාරවම දන්නා නිසා නොයෙක් ක්‍රම වලින් ( ඉන්දියාවේද සහය ඇතිව )ඔවුන් අපේ ඉතිහාසය මතුවීම වැලැක්වීමට උත්සාහ ගනී. උදාහරණයක් ලෙස බුදුන් හෙළබිමේ වාසය කළ බවට සියලු සාක්ශි සාධක මතුවන අවස්තාවක දෙමළ ඩයස්පෝරාව විසින් කඩිමුඩියේම යුරෝපීය ජාතිකයෙක් වන කණින්හෑම් නැමැත්තා ගෙන්වා නේපාලයේ අද ලුම්බිණිය යැයි කියන ස්තානයේ (මෙය නිඝන්ට නාත පුත්තගේ මව වන මායා දේවිය වෙනුවෙන් සැදූ පූජ්‍ය ස්තානයකි ) කැණීමක් සිදුකර පැරණි ලී කැබැල්ලක් සොයාගෙන එමගින් සිද්ධාර්ත උපතක් සනාත කිරීමට දැරූ උත්සාහය පෙන්වාදිය හැකිය.අවාසනාවකට අද අපේ සිංහල බෞද්ධයාද මෙවැනි දේවල් දොහොත් මුදුන් දී පිලිගන්නේ කිසිදු වග විභාගයකින් තොරවීම කණගාටුවට කරුණකි.