මේක නම් ඇත්ත, මම අවු 12කට පස්සෙ ගියේ, මහ වෙනසක් වෙලා නෑ, ඒ කාලෙ තිබ්බ ඒවත් නෑ දැන්
එතනට යනකොටම වැස්සා, ඒත් ඉක්මනට පෑව්වා, ඒත් ලොකු ගද සීන් එකක් නම් තිබ්බෙ නෑ සමහර සත්තු ඉන්න තැන් ඇරෙන්නෙ. (උදා අලි එන්න හරිය )
ඔරං ඔටං හිටපු එකට සිංහයො දෙන්නෙක් දාලා, දුක හිතුන හිටපු සත්තු දැකලා. සත්තුන්ට සලකන එක නම් හොදටම අඩුයි. සත්තු ලෙඩ වෙලා වගේ ඉන්නෙ.
මගුලෙ හරි හපන් කාර් පාක් එකක්වත් නෑ බන්. මීටර් සියගානක් මෙහායින් පොඩි එකක් තියෙනවා ප්‍රියිවට් මම හිතන්නෙ. පහසුකම් 0යි. ටිකට් එක 295යි, ඕකෙන් පුලුවන්ද බන් සත්තු වත්තක් නඩත්තු කරන්න? සුද්දන්ට 5000 ගානක්, මොලේ නැති උන් එකෙක් දෙන්නෙක් හිටියා. ඒකේ ඇතුලෙ උන් වෙනම ගේම් දෙනවා. හොරෙන් ලගට ඇවිත් සල්ලි වලට සිංහයො එක්ක ෆොටො ගන්න එක්ක යනවා, කන්නෙ නෑලු, නිකමට හරි අහු උනොත් අතක් නැතිව එන්න පුලුවන්. සත්තුන්ට මාර විදියට වද දෙන්නෙ, ෆොටෝ ගන්න සතාව නැගිට්ටවන්න කොසු පොල්ලකින් ඔලුවට අනිනවා. කූඩු වල දාල ඉන්න සත්තු අවුස්සනවා. කොටි වගයක් දාල ඉන්න කූඩුවේ කොටියා දෙපාරක් පැන්න හැටිය කූඩුව ඉවරයි. අලිදාල හෙන බොරු ශෝ එකක් කරනවා. මේක නම් වහල දාන්න ඕන, කිසි නඩත්තුවක් නැති, සත්තුන්ගෙ වදකාගාරයක්.
ඒකනේ මම කිව්වේ..