ලජ්ජා නොවී මේ පාරෙන් එන්න

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ලජ්ජා නොවී මේ පාරෙන් එන්න

    ලජ්ජා නොවී මේ පාරෙන් එන්න
    Ranil-and-Karu1-495x278.jpg

    25tgsv4.jpg

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා වශයෙන් නව වසරේ අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට සැරසෙද්දීම වාගේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන විපක්ෂය මහා කලබලයක් කළහ. ඔවුහු “ලජ්ජයි” පුවරුවලට වඩා ”SHAME” පුවරු ඔසොවාගෙන සිටියහ.

    සැබැවින්ම ලජ්ජා විය යුත්තේ කුමක් සඳහාද?

    මැතිවරණ 18කින් පැරදී පක්ෂය මර ඇඳට තල්ලු කිරීමේ කාර්යය උදෙසා ‘ලජ්ජා සම්මානය’ හිමිවිය යුත්තේ රනිල් වික්‍රමසිංහටය.

    18 වතාවක්ම පැරදුණු නමුදු කූඩැල්ලකු මෙන් තවමත් පක්ෂ නායකත්වයේ එල්ලී සිටින්නේ රනිල් වික්‍රමසිංහය.

    ලජ්ජයි .. ලජ්ජයි

    18 වතාවක් පැරදුණු නායකයා පක්ෂ නායකත්වයෙන් ඉවත් කොට නව ජවසම්පන්න නායකත්වයක් ගොඩනඟාගැනීමට යූ.ඇන්.පියට තවමත් හැකිවී නැත. ඔවුහු ද ටොකු කමින් ඒ නායකත්වයේම වහලුන් වී සිටිති.

    ලජ්ජයි.. ලජ්ජයි..

    පසුගිය අපේ‍්‍රල් 12 වැනිදා සිට තමන් නායකත්වයට පත්වෙන බවට කුංචනාද කළ සජිත් ප්‍රේමදාසට තවමත් වැඩබලන ජොබ් එකක්වත් ලැබුණේ නැත.

    ලජ්ජයි.. ලජ්ජයි..

    මහා ආඩම්බරකාර කතා කියන කරු ජයසූරිය පසුගිය මැතිවරණයේදී ආධුනික ටෙලි නාට්‍ය නිළියකට ද පරාජය වෙන්නට සලස්වා තුට්ටු තුනට දැමීමට ගම්පහ එ.ජා.ප. පාක්ෂිකයෝ පියවර ගත්හ.

    ලජ්ජයි.. ලජ්ජයි..

    ”අලිමංකඩ කියලා පාමංකඩ යනවා කිලිනොච්චි කියලා මැදවච්චි යනවා” යැයි රණවිරුවන්ට අවලාද අපහාස කළ රවි කරුණානායක, ප්‍රභාකරන් ඝාතනය කිරීමේ ප්‍රීතියට මුළු රටම කිරිබත් කද්දී රබන් ගසද්දී රතිඤ්ඤා පුපුරවද්දී රෙදි ඇඳගෙන සිටියේය.

    ලජ්ජයි.. ලජ්ජයි..

    ඒ රණවිරුවන්ට ද ඔවුන්ගේ මවුපියන්ට ද අයවැයෙන් සහනයක් ලබා දීමට යෝජනා කරද්දී ද කෑගසමින් ඒ යෝජනාව ඉදිරිපත් කරන්නට බාධා කළහ.

    ලජ්ජයි.. ලජ්ජයි..

    රුපියල් දහයක පඩි වැඩිවීමක් ඉල්ලා උද්ඝෝෂණය කළවිට සෝමපාල සහෝදරයා මරාදමා හතළිස් දහසක් රක්ෂාවලින් දොට්ට දැමූ එ.ජා.ප.ය රජයේ සේවකයන්ට 10%ක වැටුප් වැඩිවීමක් ලබාදීමට යෝජනා කරද්දී ඒ යෝජනාව ඉදිරිපත් වන්නට ඉඩ නොදී මහා ගාලගෝට්ටියක් කළහ.

    “ලජ්ජයි.. ලජ්ජයි..”

    මොන්ටිසෝරි පන්තියකදී කතාන්දරයක් කියන්නට ටීචර් සැරසෙන විට ළමයි නිහඬ වෙති. කතාන්දරය අසා සිටිති.

    ”එතකොට ටීචර් හාවට නින්ද ගියේ ඇයි?”

    එවැනි ප්‍රශ්නයක් නඟන්නේ කතාන්දරය අසා සිටීමෙන් පසුව ය. එහෙත් අයවැය කතාව අසා සිටීමේ ඉවසීමක් රනිල් වික්‍රමසිංහ ප්‍රධාන එ.ජා.ප.යට තිබුණේ නැත. එතුමා “රායිට්” යනුවෙන් ඇඟිල්ල ඔසොවා සංඥා කළේ “බාල්දිය” අවුස්සන්නැයි කියමිනි.

    මොන්ටිසෝරි ළමයින්ට තරම්වත් ඉවසීමක් විනයක් මේ මැතිතුමන්ලාට තිබුණේ නැත.

    ලජ්ජයි.. ලජ්ජයි..

    පාර්ලිමේන්තුව යනු වඩාත් උත්තරීතර ස්ථානයයි. වාර්ෂික අයවැය ලේඛනයක් යනු වඩාත්ම වැදගත් නිර්දේශමාලාවයි.

    කළ යුතුව තිබුණේ පළමුව එයට සවන්දීමයි. ඉන්පසු තමන්ට ලැබෙන අවස්ථාවන්හිදී අවශ්‍ය නම් විවේචනය කිරීමයි. තර්කානුකූලව සහ විදග්ධව අදහස් දක්වමින් එවැනි අවස්ථාවලදී කළ පාර්ලිම්න්තු කතා දෙස් විදෙස්හි වියතුන්ගේ අවධානයට යොමුවූ අවස්ථා ද ඇත.

    ආචාර්ය ඇන්.ඇම්.වැනි දේශපාලකයන්ගේ පාර්ලිමේන්තු කතා අදටත් විදේශීය විශ්වවිද්‍යාල සිසුන්ගේ පරිහරණය සඳහා පුස්තකාලයන්හි පරෙස්සම් සහිතව තැන්පත් කොට ඇත.

    එවැනි කීර්තිමත් ඉතිහාසයක් ඇති ශ්‍රී ලාංකේය පාර්ලිමේන්තුව අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමටවත් ඉඩ නොදෙන තරමට පහත් තත්ත්වයකට ඇදදැමීම පිළිබඳව ඇත්තටම එ.ජා.ප.ය ලජ්ජා විය යුතුය.

    තිස් අවුරුදු ත්‍රස්තවාදී ගින්න තීරණාත්මකව නිවී ගොසිනි. දැන් නැවතත් අපේ රට පිබිදෙන්නට පටන් ගෙන තිබේ.

    පළමු අධිවේගී මාර්ගය අද සුබ මොහොතින් විවෘත වනු ඇත. කිසිදු ඊර්ෂ්‍යාවක් හෝ කුහකකමක් නැතිව හොඳ වැඩට සුබපතන විපක්ෂයක් සේ දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ යන්නට එන්නැයි ජනතාව රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රධාන විපක්ෂයෙන් ඉල්ලා සිටිති.

    එසේ ගියවිට නම් “ලජ්ජයි.. ලජ්ජයි..” බෝඩ් ඔසොවාගෙන සිටීම පිළිබඳව ඇත්තටම එ.ජා.ප. මන්ත්‍රීවරුන්ගේ හෘදය සාක්ෂිය ලජ්ජාවට පත්වනු නිසැකය.

    source
     
    Last edited:

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    ELA ELA.....සැබැවින්ම ලජ්ජයි..

    ELA ELA.....සැබැවින්ම ලජ්ජයි..
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    lajja nathuwa comment damu

    ලැජ්ජ වෙන්න ඕකෙ පිනට යන්න දෙන්නෙ නෑනෙ :lol:
    අතින් සල්ලි දීල යන්න මොන ලජ්ජවක්ද :rolleyes:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ලජ්ජා වෙන්න ඕක කාගෙවත් බුදලයක් නෙමෙඉනෙ. ඕන කෙනෙකුට , කැමති කෙනෙකුට යන්න පුළුවන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ ගොඩත් අයට ඔක දිරවනේනෙ නැ වගේ,එහෙම දිරවන්නේ නැත්නමි සුපුරැදු පරිදි පරන පාරෙන් යන්න.කිසිම කෙනෙක් බලෙන් අරන් යන්නෙ නැ :lol::lol::lol:
    මේක මේ ආණ්ඩුවෙන් හදපු පාරක් ඒකේ යන්ඩ UNP අය අකමැතිනමි අනේ යන්ඩ එපා :lol: අඩුමගානේ පාර පැත්ත බලාගෙන බත්වත් කන්ඩ එපා :lol::lol::lol: පවි :lol:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ලජ්ජා වෙන්න ඕක කාගෙවත් බුදලයක් නෙමෙඉනෙ. ඕන කෙනෙකුට , කැමති කෙනෙකුට යන්න පුළුවන්.

    පට්ට කතාව
    ලජ්ජා වෙන්න ඕන මහජන මුදලින් හදන පොදු දේපල තමුන්ගේ ගෙදරින් ගෙනාපු සල්ලි වලින් හැදුව වගේ
    කයිවාරු ගහන දේශපාලකයොයි උන්ගේ කටු ලෙවකන මුඩුක්කු ක්කුක්කොයි