අපේ පැතිවල සීට්ටු කියන්නෙ, අපි හිතමු 10 දෙනෙක් ඉන්නවා කියලා. එයාලා මාසෙකට 10000 ගානේ වාරික 10 ක් දානවා 100000 ක් වෙන්න..ඒ කියන්නෙ සීට්ටුවෙ වටිනාකම 100000 යි ඊට පස්සෙ, හැම මාසෙම වාරිකේ දාන දවසක සීට්ටුව වෙන්දේසි කරනවා.. ඒ කියන්නෙ වැඩිම ගානට ඉල්ලන කෙනාට දෙනවා.. ඒ කියන්නේ ලක්ෂෙන් ඉල්ලපු ගාන අඩු කරලා දෙනවා.. දෙවෙනි ක්‍රමේ ඉතින් අන්ක රෝල් කරලා දාලා ඒකෙන් කැමති කඩදාසි රෝල ගත්තට පස්සෙ. ඒකෙ තියන අන්කෙට තමා රුපියල් ලක්ශෙ ගන්න වෙන්නෙ..සීට්ටුව දාන කෙනාට තියන වාසිය තමා මේ කොයි ක්‍රමේ කලත් එයාට තමා සීට්ටුව මුලින් දෙන්නෙ.. පොලියක් මේකට ඉන්වෝල්ව් වෙන්නෙ කොහොමද කියලා මම දන්නෙ නෑ.. සමහර විට වෙන පැති වල වාරිකේ ගෙවන්න පරක්කු වුනාම පොලියක් ගන්නවද දන්නෙ නෑ