Overview එකක් වෙනුවෙන් K M De Silva ගෙ A History of Sri Lanka පොතත් (1970 පසු කාලයෙ පරිච්ජේද යූන්පී බයස් එකකින් ලියවිලා තියෙන්නෙ, ඒ ඇරෙන්න ගැටලුවක් නෑ), ඊට පස්සෙ G C Mendis ගෙ The Early History of Sri Lanka කියවන්න.
ඊට අමතරව ප්රයිමරි රෙෆරන්ස් වලට යන්න. මහාවංශෙ, දීපවංශෙ කියවන්න.
යුග අලලා විශේෂයෙන්ම ලියවුන පොත් තියෙනව ඒවයෙ pdf නම් උඹට හම්බවෙන්නෙ නැතිවෙයි.
archive.org එකේ යටත් විජිත කාලයෙ සහ පසුව හැට හැත්තැ ගනන් වෙනකම් සුද්දො ලංකාව ගැන ලියපු ටෙක්ස්ට්ස් තියෙනව පරණ ගම් වල විස්තර, විවිධ ජන කණ්ඩායම් සහ උන්ගෙ අභිචාර විදි එහෙම. එකක් කියල කියන්න බෑ ඒවයෙ මුලු පොතම කියවලත් වැඩක් නෑ අදාල කෑලි එහෙන් මෙහෙන් බලන්න හොඳයි.
Ethnography ගැන Gananath Obeysekere ගෙ පොත් බලන්න.