ඈතින් ඈතින් නෙවෙයි බං මීටර 20න් 20 ට වගේ තියනවා... ඒ අතර ඉන්න උන් අර දුර ඇවිදන් ගිහිං කුණු දාන්නේ නෑ... ඉන්න තැන එහෙමම බිම දානවා...dutbin ඈතින් ඈතින් තියල වැඩක් නෑ පෝලිමක ඉන්න මිනිස්සුන්ට .
10m වලින් වත් තියන්න ඕනේ .
ඒවා හැමතිස්සෙම අස් කරන්න ඕනේ . එතකොට මිනිස්සු නිකන්ම ඒවාට දානව .
video වල නම් dustbin පේන්න නෑ .
සෙනග මොකද බන් එයි කියලා හිතුවේ නැත්තේ ?
ලක්ෂ 20ක් ද කොහෙද එයි කියලා මුලින් කියලා නේ තිබ්බේ .
එන පිලිවලට ID එකට ටෝකන් දුන්න නම් බලන්න පුලුවන් දවසත් කියලා ඔය කිසි පෝලිමක් නෑ .
කුණු අස් කරපු එකෙක් හින්දා කියන්නේ (නුවර ගොඩක් උන් ස්වෙච්ඡාවෙන් කරනවා)... පහසුකම් මදි තමයි ඒත් මේ ඉන්න උන්ට මොන පහසුකම් දුන්නත් කරන්න බෑ... එකෙක්ට ඒක ලැට් එක ගානේ දෙන්න වෙයි... මොකද එකෙක් රිලා ගියාම අනිත් එකාට යන්න පුළුවන් වෙන විදිහට නෙවෙයි වැඩේ කරලා යන්නේ...
ඔක්කොම ලක්ෂ 20ක් එයි කියලා හිතුවේ... එකෙන් බලන්න පුළුවන් වෙයි කියලා කිව්වේ ලක්ෂ 6 කට... ඒ කියන්නේ එක දවසකට උපරිම ලක්ෂ 1.8 යි (දීර්ඝ කරන දවස් එක්ක)... දැන් දවසකට ලක්ෂ 3 පන්නල එනවා...
Dustbin නෑ toilet නෑ කියලා කියන එක අවුල ලපයට නෙවෙයි... ඒ පහසුකම් දෙන්න ඌට වඩා මහන්සි උන ගොඩක් සෙට් එකක් ඉන්නවා...
පොලිසිය, ඩොකාලා, වගේ රජයේ උන් අවුරුදු දවස්වලත් එක්ක මේකට වැඩ කලා... ගොඩක් volentier groops මාර මහන්සියක් වෙනවා... ඒ එකකින් වත් හොඳක් වෙන්නේ නෑ ඇවිල්ලා ඉන්න උන් බහුතරය හැසිරෙන විඳිහෙන්...
පෙරේදා රෑ වෙනකම් සෙනග වැඩි උනත් කට්ටිය කොන්ට්රෝල් කරගෙන ගියා... අවුල උනේ පෙරේදා රෑ හෙන සෙට් එකක් පෝලිං පැනලා පාරවල් බ්ලොක් කරගෙන ඉස්සරහට ආවා...
ඊට පස්සේ දුන්න services ටිකත් දෙන්න බැරි ලෙවෙල් එකක් ආවා... කොටින්ම කුණුටික අදින්න ලෝරි යවන්න බෑ මුළු පරම බ්ලොක්...
ඊයේ හවස වෙද්දී ඒක ටිකක් shape කරගන්න පුළුවන් උනා පොලීසියට...
දැන් ඕන වැඩ ටික කරන්න මිනිස්සූ... ලපය ආමි එක ඒවන්න පරක්කුයි... ඕකයි අවුල...
(ආමි එක පරක්කු වෙන්න හේතුවකුත් තියනවා... නාගරික කොමසාරිස් පටන්ගන්න කලින් ලොකු ටෝක් එකක් දුන්නා ආමි එකට ඔයාලා ඕන නෑ කුණු ටික ඇදගන්නා අපිට පුළුවන් කියාල)
ID සීන් එක වගේ එකක් කරන්න පුළුවන් නම් හොදයි... ඒත් ඔය ආගම් සීන් එක්ක ප්රායෝගික වෙයිද දන්නේ නෑ... කොටින්ම මාලිගාව ඇතුලේ මිනිස්සූ පොළිමට යවන්න ගහපු වැටවල් ගලවන්න උනා මහානායක හාමුදුරුවෝ කැමති නැති වෙලා... එහෙම බැරිළු මිනිස්සුන්ට නිදහස් ඇවිල්ලා වැඳගෙන යන්න තියෙන්න ඕනෑලු...
මේක බලපන්කො... බාලදක්ශයෝ සුද්ද කරන කුනු ටික දාන්නේ එතනම තියන dustbin වලට... ඕවා බිම විසිකරපු මිනිස්සුන්ට ඒවා ඔය බක්කි වලට දාන්න බැරි කමක් නෑ නේ...
ආතල්ම එක තමයි ඔය උදේ වරුවේ පෝලිම තාම යන්න පටන් අරන් නැති වෙලාවක්... ඔය ලගට වෙලා මැජික් බලනවා වගේ බලපු උන්ම තමයි බොහෝ වෙලාවට ඔය කුනු පාරේ අත අරින්න ඇත්තෙ...
------ Post added on Apr 24, 2025 at 6:01 PM
Last edited: