මමත් 2020 (covid කාලේ ) ඉඳන් ම ගෙදර ඉඳන් වැඩ කරන්නේ, මාසෙකට එක දවසක් වගේ හරි අවශ්‍යතාවයක් තිබුනොත් හරි විතරයි office යන්නේ
දිගටම ගෙදර ඉඳන් වැඩ කරනවානම්
1. Office table එකක් ගන්න
2. Ergonomic Office chair එකක් ගන්න
මේවා Damro එකෙන්, Singer එකෙන් වගේ ගන්න පුළුවන්, මේ investment එක පාඩුවක් වෙන්නේ නැ. නැත්නම් කොන්දේ හා බෙල්ලේ අමාරු එනවා
3. පුළුවන් නම් වෙනම room එකක් office රූම් එක වගේ තිය ගන්න
4. හොඳ lighting තියෙන තැනක මෙසේ දාගන්න, warm white (කහ පාට) light දාන්න, Daylight (සුදු) lights ඇස වලට අමාරුයි
IT security
මේක තමයි වැදගත් ම දේ
1. Office laptop එක office වැඩ වලට විතරක් තියා ගන්න, personal වැඩ වලට වෙනම ලැප්ටොප් එකක් ගන්න
2. Office එකේ information security instruction හොඳටම පිළිපදින්න
3. මොනම හේතුවකට වත් external hard, flash drives ගහන්න එපා
4. උබ Europe customers ල එක්ක වැඩ කරනවා නම් company එක customers ල එක්ක GDPR NDA හෙම sign කරලා ඇති, උඹේ laptop එක හරහා malware එකක් ගිහින් data breach එකක් උනොත්, company එකට හෙන වන්දියක් ගෙවන්න වෙනවා, ඕනෙම company එකක් bankrupt වෙන්න තරම් වන්දිය ලොකුයි
5. උඹ client එක්ක personal NDA හෙම sign කරලා තියෙනවනම්, office laptop එකෙන් එළකිරි එකට එන එකත් නැවත්තුවොත් හොඳයි, හැබැයි client Norway වගේ උනොත් නම් හොඳයි උඹට වන්දිය ගෙවන්න බැරි උනොත් එහෙ හිර ගෙදරක ඉන්න වෙන්නේ, එහෙ හිර ගෙදරක ඉන්න එක නම් මෙහෙ ඉන්නවට වැඩ සැප වෙයි