ඉකිලි වල ඇති වසා ගැටිති (කුද්දටි)තුළ සිටීමට බරවා පණුවා වඩා ප්රිය කරයි.මෙසේ දිගු කාලයක් තිස්සේ පණුවන් වසාගැටිති වල සිටීමෙන් පාදයේ සිට පැමිණෙන වසා ප්රනාල වල අවහිර වීමක් ඇතිවේ.පාද ඉදිමීමට හේතු වන්නේ එයයි.මෙම අවහිර වීම කෙලින්ම පණුවන්ගෙන් වන්නාවූ අවහිර වීමක් නොවේ. පණුවන් සිටීමෙන් ශරීරයේ පටකවල ඇතිවන ස්ථීර වෙනස්වීම් නිසා ඇතිවන අවහිර වීමකි.