ලමයින්ගෙ තාත්තා....

  • Jul 4, 2009
    7,259
    462
    83
    ලමයින්ගෙ තාත්තා....

    ඔයාට මතකද අපි දෙන්න දවසක් ඔයාගෙ ලෙඩකට බෙහෙත් අර ගන්න ගියා. ගෑණු ලමයෙකුට ඒක සාමාන්‍ය උනත් ඔයාට ඒක අසාමාන්‍ය වෙච්ච නිසාම මමත් ඔයාගෙ තනියට ආවා. දොස්තර ඉන්න කාමරේට මට ඇතුල්වෙන්න තහනම්. ඔයාගෙ යාලුව ඉන්න නිසා බයක් නෑ. එලියෙ බංකුවට වෙලා මම ඔරලෝසුවෙ කටු දිහා බලාගෙන ඔහේ උන්න. බෙහෙත් අරන් එතනින් පිට වෙලා එනකන් ඔයා වචනයක්වත් කිව්වෙ නෑ. අපි දෙන්න බස් එකට නැග්ග ගමන් ඔයා මගේ උරහිසට හේත්තු වෙලා අඬන්න ගත්තම පොඩි බයකුත් හිතුනා.

    " මට ඔයාගෙ හීනෙ ඉෂ්ඨ කරන්න බැරිවෙයි සුදු මහත්තයෝ." ඔයා එහෙම කිව්වෙ කඳුලු බේරි බේරි.

    "ඒ ඇයි මොකද දොස්තර කිව්වෙ.? "

    "මට මෙහෙම ගියොත් ලමයි හදන්න බැරිවෙයි කිව්වා. මට ඔයාගෙ බබාල හතර දෙනාව දෙන්න බැරිවෙයි රත්තරන්. "

    එදා ඔයාගෙ හිත හදන්න මම මොනව කිව්වද කියන්න මට දැන් අමතකයි. ඒත් ඔයත් එක්ක එන ඕන දේකට මූන දෙන්න මම ඔයා එක්කම හිටියා. කවුරු නැතත් මට ඔයාව වටිනවා.

    ඒත් ඒ හීන හීනයක්ම කරපු ඔයා හදවතින් විතරක් නෙමෙයි නීතියෙනුත් වෙන කෙනෙකුගෙ වෙද්දි මම අසරණව බලාගෙන උන්න. ඔයා අපේ නොවුනු ඔයාගෙ හීන හැබෑ කරගෙන ජීවිතේ ඉස්සරහටම ගියත් ඔයා මගෙ හිතෙන් යන්න ගියේ නෑ.

    කැම්පස් නිවාඩුවට ගෙදර ආවහම, ඔයාලගෙ ගෙවල් පැත්තෙ අඳුනන කෙනෙක් හම්බුනාම ඔයා ගැන ආරංචි කරල බලන්න මට අමතක උනේ නෑ. ඉතින් ඒ විදියට මට ලැබුනු ආරංචියක් අද 100%ක්ම තහවුරු උනේ ඔයාගෙ අක්ක කෙනෙක්ව මට මුණ ගැහුනම.

    "අන්න ඔයාගෙ එක්කෙනාටත් බබෙක් හම්බෙන්න ඉන්නවා. " ඔයාගෙ එක්කෙනාටත් කියල කිව්වෙ එයාටත් බබෙක් ලැබෙන්න හිටපු නිසා. ඔයාගෙ එක්කෙනා... ...

    ඒ ටික අහපු ගමන් මගෙ හිත යමා මහ පෙලහර පෑවා. යමාමහ පෙලහර පනකොට වෙන්නෙ ඇඟේ එක රෝම කූපයකින් ගින්දරත් වතුරත් එක පාර පිටවෙන එක. මගේ හිතෙන් නම් ගින්දර , වතුර පිට උනේ නෑ. දරාගන්න බැරි තරම් දුකකුත් එක්කම ලොකූ සතුටක් මගේ හිතට දැනුනා.

    ඔයාගෙ හීන, ඔයාගෙ සතුට අඩුවක් නැතුවම ඔයාල ලැබෙනවා. මටත් ඕන උනේ ඒ ටික. ඔයා තව ටික දවසකින් අම්ම කෙනෙකුත් වෙයි. එදාට ඔයාගෙ ලෝකෙ සම්පූර්ණ වෙයි. කොතැනක හිටියත් ඔබ මෙලොවේ සතුටින් ජීවත් වෙන්නකෝ. ජෝතිපාල එහෙම කිව්වෙ බොලඳ කමකට නෙමෙයි. ඇත්තටම ආදරේට. ඔයා ගැනත් මම හිතුවෙ එහෙම.

    ඒත් මට දුකයි උඹේ දරුවගේ තාත්ත වෙන්න මට බැරි උන එකට......
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    හිටියත් කිසිවෙකු මෙහි ඔබ පතලා
    දුටුවත් ඔහු ඔබේ ලස්සන මැවිලා
    සිහිකෙරුවත් පසු ගියදේ හිතලා
    සිරිකත මෙන් ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ