ලයිට් කපන වෙලාවල්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    safe_image.php
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    මොකක්ද කොලඹින් පිටත වෙලාවල් ලියල තියෙන විදිහෙ තේරුම ? :eek: :eek:
    කෙලින්ම 8.30 - 5.30 කියල ලිව්වනං ඉවරයිනෙ ? :eek: :eek:
    මේක කොලොප්පමක්ද ? :eek: :eek:
    Oya welawal walin eka welawaka kapanawa kiyala aththe ;)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මං හිතුවෙ උඹ කොලොප්පමට දාපු එකක් කියල :sorry: :sorry:
    යකෝ අම්ම මුත්ත කාලෙවත් මෙහෙම ටයිම් ටේබල් එකක් දැක්කමයි :lol: :lol:


    සිරාවට බන්. :yes::yes::yes:

    නෑ මචන් උන් කියලම තියෙනවා ඔය time slots තුල ඕනෑම වෙලාවක ඕනෑම ප්‍රදේශයක විදුලිය විසන්දි විය හැකියි කියලා. විසන්දි වෙච්ච වේලාවෙන් ලයිට් එන වෙලාව හොයා ගන්න පුළුවන්. කීයට යයිද කියල නම් දැන ගන්න විදියක් නෑ. මුන්ට ලයිට් කපන එකවත් ක්‍රමානුකුලව කර ගන්න බෑ බන්. :(
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    එතකොට බන් එක දිගට පැය 9ක් නේ. මෙහෙම දැම්මහම පැය 3කට සැරයක් නේ කපන්නේ. කොහොමද රනිල් මාමිගේ මොලේ? නළුවෙක් නොව මොලයක් කියන්නේ ඒක නේ. :D:D

    (මම හිතන්නේ මචන් ඔය time slots වැල එක එක පති වලට කපනවා ඇති. ඒවා දවසින් දවස වෙනස් වෙනවා ඇති. ඒ නිසා time slots ටික විතරයි දාල තියෙන්නේ මුන්)


    උබට තම තේරුනේ බ්‍රෝ.. එත් ඕක බොරු බන්. අද අපිට current ගියා 7.40am-12.10pm වෙනකම් (අනුරාධපුර)... තිත්තයි යකෝ..............:growl::growl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබට තම තේරුනේ බ්‍රෝ.. එත් ඕක බොරු බන්. අද අපිට current ගියා 7.40am-12.10pm වෙනකම් (අනුරාධපුර)... තිත්තයි යකෝ..............:growl::growl:

    නෑ මචන්. මේ time table අද හදලා තියෙන්නේ ඉදිරි සතිය තුල කපන විදිය ගැන. මේක අද දවසට අදාළ නැතිලු. :yes::yes:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මොකක්ද කොලඹින් පිටත වෙලාවල් ලියල තියෙන විදිහෙ තේරුම ? :eek: :eek:
    කෙලින්ම 8.30 - 5.30 කියල ලිව්වනං ඉවරයිනෙ ? :eek: :eek:
    මේක කොලොප්පමක්ද ? :eek: :eek:
    THAN THAN WALATA OHOMA KAPANA MACHAN KADIN KADA
    SAMAHARA GAM WALATA OKA ADALA NA HITHUNA HITHUNA WELAWATA KAPANAWA
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔහොම කපල කපල කපල මිනිස්සුන්ට එපා වුනාම ගානට ඉන්දියාවට ''ප්ලග්'' එක ගහයි. එතකොට පැය 24 ම අඛණ්ඩව දෙයි. ගොණා හැරෙන්නෙ පොල් පැලේ දෙසට වගෙයි පේන්නෙ
     
    මොකක්ද කොලඹින් පිටත වෙලාවල් ලියල තියෙන විදිහෙ තේරුම ? :eek: :eek:
    කෙලින්ම 8.30 - 5.30 කියල ලිව්වනං ඉවරයිනෙ ? :eek: :eek:
    මේක කොලොප්පමක්ද ? :eek: :eek:

    උබ කැම්පස් යන්නේ නැද්ද බන්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    මේ වන විට රටේ අවශ්‍යතාවට සරිලන තරම් විදුලිබල ධාරිතාවක්‌ මණ්‌ඩලය සතුව නොමැති නිසා දැනුම්දීමකින් තොරව වරින්වර විදුලිය කපා හරින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා පවසයි.
    රට පුරාම විදුලිය බිඳ වැටුණු පසු නොරොච්චෝල බලාගාරයෙන් මෙගොවොට්‌ නවසියයක්‌ම අහිමි වීමෙන් මේ වන විට මෙගොවොට්‌ 350-400 ක පමණ හිඟයක පවතින බව නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.
    ලංකා විදුලිබල මණ්‌ඩලය හා පුද්ගලික බලාගාරවලින් ලබා ගන්නා විදුලියද ඇතුළත්ව මෙගොවොට්‌ 3900 ක පමණ විදුලිබල ධාරිතාවක්‌ මණ්‌ඩලය සතුව තිබුණද මේ දිනවල පවතින නියඟය හා නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය අක්‍රියවීම නිසා මෙගොවොට්‌ 350-400 ක හිඟය මතුවී ඇතැයි ඇමැතිවරයා සඳහන් කළේය.
    ඇතිවූ ක්‍ෂණික දුෂ්කර තත්ත්වය සැලකිල්ලට ගෙන විදුලිය අරපරිස්‌සමින් භාවිත කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇමැතිවරයා පැවැසීය.
    විදුලිය කපා හරින කාලය නිල වශයෙන් නිවේදනය නොකරන්නේ මන්දැයි කළ විමසීමකට පිළිතුරු දුන් නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේ යම්කිසි කාලයක්‌ ප්‍රකාශයට පත් කළහොත් විදුලිය අරපරිස්‌සම් කිරීමේ උත්සාහය අසාර්ථක වීමට ඉඩ තිබෙන බවයි. ඒ අනුව දැනට නොදන්වා ප්‍රදේශයෙන් ප්‍රදේශයට විදුලිය කපා හැර පවතින තත්ත්වයට මුහුණදීමට සිදුව ඇති බවද හෙතෙම පැවැසීය.
    ජනතාව දැඩි අපහසුතාවට පත් නොකර ඉතා කෙටි කාලයකට මෙලෙස විදුලිය කපා හරින ලෙස උපදෙස්‌ දී ඇතැයිද හැකි ඉක්‌මනින්ම රටට අවශ්‍ය විදුලිය ජනනය කිරීමට විදුලිබල මණ්‌ඩලය සියලු උත්සාහ ගන්නා බවද ඇමැතිවරයා තවදුරටත් කියා සිsටියේය.