ලයිට් නිවාගෙන අහන්න...

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සඳේ ඔබ ඇයි ද මේ යාමේ
    අහස කරා නැඟුනේ
    සිතේ දුක හිරු නිවා දැම්මේ
    නැතිවද ඔබ දන්නේ

    ගිණි හිරු පායා සොමි සඳ බැසලා
    මගෙ ලොව එළිය වෙලා
    සඳේ ඔබ ඇයි ද මේ යාමේ
    අහස කරා නැඟුනේ

    ඔබ තරු වටකර හිනැහෙන යාමේ
    ඈ දුර යහන් ගැඹේ
    රෑ නොනිදාගෙන වැළපෙන මා හට
    ඔබගෙන් කිමද පලේ

    සඳ දෙස බල බල මා පැතු පැතුමන්
    මෙතෙකයි කියන්න බෑ
    හිරු මා දැව්වත් මා ලද උණුසුම
    අමතක කරන්න බෑ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිනා තොටක් විය ඔබ පාමුල මා ලඳ සරදම්
    මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්
    නොහඬා ඉන්නම් ගිලිහුණු දා පෙම් ලොව මල්දම්
    දුටුව නිසා ආදරයේ දෙව්රුව ඔබගෙන් මං

    බෝසත් ඔබ සිත ළඟ උවැසිය වී දැහැණට වී
    සිටියා මිස නොදනිමි කොහි සිටියා දැයි මල වී
    පුදසුන් මත මියයද්දී සහසක් මල් පරවී
    නොපිදූ මල තවමත් ඇත ඔබ ගැන බැතිබර වී

    මගෙන් මිඳුණු ලොව ඔබට මිහිරි නම් එය සැපකී
    ඔබට ළංව දුක බෙදාගන්න බැරිකම දුකකී
    මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී
    එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආදයක් හින්දා
    මේ හදවත දුක් වින්ඳා
    මේ ටික කවදාදෝ සතුටක් වන්නේ
    කියා දෙන්න සමිදේ
    අනෙ මට කියා දෙන්න සමිදේ

    මේ වන් දුකක් සදා
    අන් සිතකට නොම වේවා
    මතු උපදින උපදින හැම භවයකදී
    ඔබ මට හිමි වේවා
    මගෙ වී ඔබ මට හිමි වේවා

    සංසාරයේ අපි ඈතයි
    ඒ උරුමය දෑසේ කඳුළයි
    සිත් වේඳනා ගිණි අවුලයි
    දුක් ගින්නෙන් දැවුණේ දෙහදයි
    මේ කඳුළැල් ශෝක ලතැවුල්
    අප දෛවේ උරුම කලා

    පෙර ආත්මයේ පවු පල දී
    හද ආදරේ මල් පරවී
    මැව් මාලිගා බිඳ වැටිලා
    අපෙ ජීවිතේ දුක පිරිලා
    සංසාරෙන් සංසාරේ
    අපි පතාන ආ දෛවේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇඟෙ සිනහව තහනම් ගෙදරින් මට තහනම්
    සැලවෙයි ගෙදරට ඇය හමුවුනොතින්
    චර පුරුෂයො මා වටලා
    යන එන හැමතැන මුර දාලා

    යාබඳ නිවසේ ඇය ඉන්නේ
    එනමුඳු ගව්වක දුර වැන්නේ
    එනමුදු ගව්වක දුර වැන්නේ
    යාබඳ නිවසේ ඇය ඉන්නේ

    පෙලපත කුලගොත වෙනස් වෙලා
    නෑදෑ පිරිවර හරස් වෙලා
    නෑදෑ පිරිවර හරස් වෙලා
    පෙලපත කුලගොත වෙනස් වෙලා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඈත ක්ෂීතිජයේ හැඩට රුවින්
    දිලෙන තරුව ඔබ නම්
    මේඝ වලා සළුපට අතරින්
    මම ඔබ වෙත එන්නම්

    ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
    අපි ඉමු පිළිසඳරේ
    රන් දෝලාවෙන් කැඳවා යමි මං
    කුමරිය නුඹ මාගේ

    සඳළුතලාවේ මුණින් තලා වී
    කඳුළැල් පිරුණු නෙතින්
    සමුගන්නම් මම කුමරියෙ ඔබගෙන්
    ආයෙත් දකිනු රිසින්

    මෑත තුෂාරා බිඳු අතරේ
    පිපුණු කුසුම ඔබ නම්
    සඳ මඬලේ සඳ කුමරියනේ
    මම ඔබ සුරකින්නම්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොල් පිණි වෑහෙන වේලාවේ
    ඔබගෙන් සමුගෙන යා යුතු වේ
    තාමත් ඔබ ඇත සුව නින්දේ
    ඒකයි මා නොකියා යන්නේ

    ගැලපිට නැඟලා ඈත ගම් බලා
    පියමන් කරවන්නේ
    තවත් නිවහනෙක ගිමන් නිවනතුරු
    ඔබ සිහියට එන්නේ
    ඔබගෙන් සමුගෙන මා යන්නේ

    ඔබ අවදිව මා සොයනු එපා
    ඈතයි මා ඉන්නේ
    තවලම් කරුවෝ කවරදාක දෝ
    එකම තැනක උන්නේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලොවම එපා වී ලොවම කලකිරී
    තැවී දැවී හිඳිනා වේලේ
    ඔබේ දයාඹර එකම වඳනකින්
    මගේ ආත්මය සුවපත් වේ

    අසා අසෝභන නින්දා ගැරහුම්
    වැලහින්නක සේ වැළපෙන මොහොතේ
    පවනේ පාවෙන ඔබේ සුසුමකින්
    පිපාසිතවු හද සිහිලැල් වේ

    නගා නොමිනිසුන් නඟනා ගැරහුම්
    මුවැත්තියක සේ බියපත් මොහොතේ
    සිරුරේ තැවරුණු ඔබේ සුසුමකින්
    මුළුගැන්වුණු සිත උණුසුම් වේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිත ඔබට මුවා වී ඉකි බිඳිනා
    ඔබ ඇය හා සිනාසි සුව විඳිනා
    ප්‍රේම ලොවේ දොර කවුළු වැසී
    සිත ඉකි ගසමින් හඬන හැටී
    සිත පෙමට මුලා වූ දා ඉඳලා

    සිත ඉවසන්නෑ කොපමණ සිතුවත්
    දුක අඩු වී නෑ කොපමණ හැඬුවත්
    ඔබ පෙම් කර නෑ මා පෙම් කෙරුවත්
    සිත පෙමට මුලා වූ දා ඉඳලා

    සිත පිළිගන්නෑ ඔබ ඇඟෙ කීවත්
    දුක අඩුවක් නෑ ඔබ හමු වූවත්
    ඔබ සමුගෙන නෑ ඇය සැනසූවත්
    ඔබ ඇයට ළඟා වූ දා ඉඳලා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මල සරසාගෙන මල් නැළවෙනකොට
    ඒ මල දුටුවෙ මමයි
    හිමිකාරයා මමයි ඒ මගේ මලයි
    මල් වටකරගෙන මල් හිනැහෙන විට
    ඒ ළඟ හිටියෙ මමයි
    හිමිකාරයා මමයි ඒ මගේ මලයි

    පියගැට මුදුනෙන් පිටු පා යනකොට
    ආපහු හැරී බලා,
    හිනාහුණේ මටයි, හිනැහුනේ මටයි
    හිමිකාරයා මමයි ඒ මගේ මලයි

    උඩමහ මළුවෙන් වැඳගෙන එනවිට
    යන්නට ඉඩ හැරලා
    අත වැනුවෙ මටයි, අත වැනුවෙ මටයි
    හිමිකාරයා මමයි ඒ මගේ මලයි

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තිසර විලේ පියුම නෙලූ සිනාවේ
    එළිය මගේ අරණ දොවා ගලා ඒ
    ඒ සිනාවේ සැඟවුණා වේ
    පෙර ඔබත් මමත් හෙලූ කඳුළු දුමාරේ

    ආදරයේ හීන මවා ජීවිතයේ පාර කියා
    සංසාර මඟට රන් එළිවැට සේමා
    ඔබ ඉරත් හඳත් මගෙ අහසට ගෙනාවා

    මාරුතයේ සිහිළ සඳා සෝ විරහී තාප නිවා
    අනුරාග දෙනෙත අයැදින විලසේම
    ඔබ විළත් බිඳුත් එක යහනට ගෙනාවා
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,521
    113
    ගග අද්දර
    සිංදු අපේ ජීවිතයට සෑහෙන්න සම්බන්ධයි බං.. සමහර සිංදු ඇහෙනකොට මාර වේදනාවක් හිතට දැනෙනවා..:(

    ඒ වගේමයි සමහර සුවඳවල් එකපාරම එනකොටත්..:(

    මේ සුවඳවල් කතාව නම් සිරා කතාවක්. :(