සඳේ ඔබ ඇයි ද මේ යාමේ
අහස කරා නැඟුනේ
සිතේ දුක හිරු නිවා දැම්මේ
නැතිවද ඔබ දන්නේ
ගිණි හිරු පායා සොමි සඳ බැසලා
මගෙ ලොව එළිය වෙලා
සඳේ ඔබ ඇයි ද මේ යාමේ
අහස කරා නැඟුනේ
ඔබ තරු වටකර හිනැහෙන යාමේ
ඈ දුර යහන් ගැඹේ
රෑ නොනිදාගෙන වැළපෙන මා හට
ඔබගෙන් කිමද පලේ
සඳ දෙස බල බල මා පැතු පැතුමන්
මෙතෙකයි කියන්න බෑ
හිරු මා දැව්වත් මා ලද උණුසුම
අමතක කරන්න බෑ
අහස කරා නැඟුනේ
සිතේ දුක හිරු නිවා දැම්මේ
නැතිවද ඔබ දන්නේ
ගිණි හිරු පායා සොමි සඳ බැසලා
මගෙ ලොව එළිය වෙලා
සඳේ ඔබ ඇයි ද මේ යාමේ
අහස කරා නැඟුනේ
ඔබ තරු වටකර හිනැහෙන යාමේ
ඈ දුර යහන් ගැඹේ
රෑ නොනිදාගෙන වැළපෙන මා හට
ඔබගෙන් කිමද පලේ
සඳ දෙස බල බල මා පැතු පැතුමන්
මෙතෙකයි කියන්න බෑ
හිරු මා දැව්වත් මා ලද උණුසුම
අමතක කරන්න බෑ

