උබලට ලයිප් එක එපා වෙන්නෙ නැද්ද? මට නම් දැන් එපාවෙලා තියෙන්නෙ. මට කිසිම සතුටක් නැ. අඩෙ වෙලාවකට හිතෙනවා අපෙ සියලගෙ කාලෙ පට්ට කියලා. එකාලෙ ඉස්කොලෙ ගිහින් තියෙන්නෙ කැමති ඇදුමක් ඇදලා.
දැන් කතාව. උබලගෙ ලයිප් එකෙ බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් කටලගටම ඇවිල්ලා ඉශ්ට නොවුනාම හරි දුකයි නෙදබන්! මට දැන් මැරෙන්න හිතෙනවා. ඔලුව බරයි. සින්දුත් අප්පිරියයි. මම දැක්කා ඇල්ල පැත්තෙ කොල්ලො සෙල්ලම් කරනවා බොල ගහනවා නානවා පට්ට නෙහ් බන්. ඉස්සර මන් පහවසරට කලින් ගමෙ කොල්ලො එක්ක බොල ගැහුවා, ටින් ඇඩුවා. උන් සෙට් එක දැන් නැ. උන් මට වඩ ලොකුයි. 25+ නෙහ්. උබලා මොනාද කරන්නෙ? උබලට එපාවෙන්නෙ නැද්ද මෙහෙම ලයිප් එක සල්ලි, ඉගෙනීම, කැම, කෙල්ලො, computer පස්සෙ දුවලා.
අඩො කොහෙ හරි ගමක ඉපදුනානම් හරි සරලව ලයිප් එක ගෙවලා දාන්න තිබ්බ. වගාවක් කරලා, ගල්තලාවක් උඩ වාඩිවෙලා.අනාගතෙ ගැන කල්පනා නොකර ඉන්නතිබ්බනම් කොච්චර හොදද?
මට ගෙදර අයත් එක්ක තරහ යනවා මන් එක පිටට පෙන්නන්නෙ නැ. අනෙ මන්දාබන්
ඉස්සර හොඳයි කියන එක බහුතරයකට හිතෙන දෙයක්. හැබැයි පැති කිහිපයක් තියෙනවා. දැන් බලපන් ඉස්සරම ලංකාවේ කුල භේදය තිබුණා. දැන් ඒක අඩුයි. එතකොට ඒ කාලේ මිනිස්සු ඒවගෙන් බැට කෑවා. ඊට පස්සේ පරදෙශක්කාරයෝ නිසා. දැන් දේශපාලුවෝ නිසා. එතකොට ගමේ එවුන්ට වෙනම ප්‍රශ්න. නගරේ එවුන්ට වෙනම ඒවා. ලොකු වෙනසක් නැහැ.
මම දකින ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් තියෙනවා අපේ රටේ.
සුදුසු අධ්‍යාපන ක්‍රමයක් නැති කම
සුදුසු නීති පද්ධති නැති කම
මිනිස්සුන්ගේ ආකල්පවල තියෙන ප්‍රශ්න
බහුතරයකගේ තියෙන පුහුමානය
quality of life අඩුකම (සාමාන්‍ය ජනතාවට)
තව දේවල් තියෙනවා. මේ ප්‍රශ්න එක්ක හැමදාම මිනිස්සු ගැටෙනවා.
දැන් අධ්‍යාපන ක්‍රමය අවුල් නිසා කෙනෙක් ඉස්කෝලේ 1 වසරට ගිය දවසේ ඉදන් රේස් එකේ. දුවාගන්න බැරි උනාම ප්‍රශ්න වැලක් එනවා. දුවලා උපරිම තැනට ගියත් ප්‍රශ්නවල අඩුවක් නැහැ එතකොට අනික් ප්‍රශ්න ටික එනවා.
ආකල්ප,පුහුමානය නිසා කරන්න බැරි දේවල් කරන්න ගිහින් හොස්ස බිම ඇන ගන්නවා. හතර වටේ ණය වෙනවා.
අනික් ප්‍රශ්නේ තියෙන්නේ quality of life ගන්න සෑහෙන්න වියදමක් යන එක. උදාහරණයක් විදියට හොඳ වාහනයක් ගන්න කොච්චර ණය වෙන්න ඕනෙද?
දැන් ඔය ඔක්කොම අමතක කරලා ප්‍රශ්න ටිකෙන් ගොඩ එන්න ඕනේ.
මුලින්ම අතීතය අමතක කරපන්. අතීත කාමය කියන එක අපි හැමෝටම අඩු වැඩි වශයෙන් තියෙනවා. මේ මොහොතේ ඉදපන්.
ඊට පස්සේ උඹේ යාළුවෝ නෑදෑයෝ වටේ ඉන්න එවුන් කරන හැම වැඩම කරන්න යන්න එපා අමාරුවෙන් ණය වෙලා.
අනික් එවුන් උඹ ගැන හිතන ඒවා ගැන වොරි වෙන්නත් එපා.
වෙනස් වෙන්න රිස්ක් එකක් ගන්න ලොකුවටම බය වෙන්න එපා. උදාහරණයක් විදියට උඹට හොඳ බිස්නස් අදහස් තියෙනවා නම් කරලා බලපන් වැඩි වයසක් යන්න කලින්. කසාද බැඳලා ළමයි හම්බ උනාම රිස්ක් ගන්න අමාරුයි.
උඹම දාලා තියෙනවා වගේ රැල්ලට යන්න එපා. දේවල් පස්සේ දුවන්න එපා.ගෑණු පස්සේ යන්නත් එපා. හරි කාලේදී ගැලපෙන කෙනා හම්බවෙනවා.
ජීවිතේ සරලව තියාගන්න බලන්න.
නිතරම සෙට් වෙන්න පාටි යන්න එපා මොකද ඔය ඉන්නවා කියන යාළුවන්ගෙන් බාගෙකට වඩා හැලෙනවා තව අවුරුදු 10කින්. හොඳ ගැලපෙන අය 2-3 ආශ්‍රය කරන්න.
තමුන්ට දැනට තියෙන දේවල් වලින් සතුටු වෙන්න.
අළුතෙන් දේවල් ඉගෙන ගන්න. ක්‍රීඩාවක් සතියකට සැරයක්වත් කරන්න.