ලලිත්+අනුෂ_හිරේ
පසුගිය ජනාධිපතිවරණය සමයේදී සිල් රෙදි බෙදා දීමේ වැඩසටහනක් සඳහා ශ්‍රි ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් ලබා ගෙන එම මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනා ලැබ පැවැත්වූ නඩු විභායකින් අද (07) වරදකරුවන් බවට පත් කෙරුණු හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනුෂ පැල්පිට ට මේ වන විට දඬුවම් නියම කර තිබෙනවා.
ඒ අනුව වරදකරුවන් දෙදෙනාට වසර 03 බැගින් සිරදඬුවම් සහ රුපියල් ලක්ෂ 10 බැගින් දඩ නියම කර තිබෙනවා.
ඉකුත් ජනාධිපතිවර සමයේදී එක් අපේක්ෂකයෙකුට වාසි වන පරිදි සිල්රෙදි බෙදා දීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මුදල් සාපරාධි පරිහණය කළ බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබුණා.
විත්ති පාර්ශ්වය නඩුවේදී ප්‍රකාශ කළේ අදාළ මුදල් ජනාධිපති වැය ශීර්ෂයෙන් ලබාගැනීමට මුලින් අපේක්ෂා කෙරුණත් එහි මුදල් නොමැතිවීම නිසා අදාළ මුදල් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ගිණුමෙන් ලබාගත් බවයි.
නමුත් ඒ සඳහා විධිමත් පටිපාටීන් අනුගමනය කර නැතැයි නඩුවේදී පෙනී ගිය බව විනිසුරුවරයා පැවසුවා.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අරමුණුවලටද මෙලෙස සිල්රෙදි බෙදාදීම නොගැලපෙන්නක් බවයි විනිසුරුවරයා කියාසිටියේ.
ලංකාදීප