ඊයේ මම නුවරඑළියේ තියන ලවර්ස් ලීප් දිය ඇල්ල බලන්න ගියා. මේ දවස් වල නුවරඑළියට පායනවා හොඳටම. හොඳම කාලේ නුවර එළිය අවට ඇවිදින්න බලන්න යන්න. ඔන්න ඉතින් ලවස්ර් ලීප් බලන්න ගිය ගමන තමයි මේ.
දිය ඇල්ල බලන්න යන්නේ ඕනේ නුවරඑළිය උඩුපුස්සැල්ලාව පාරේ 2km ගියාම හාවා එළිය හරියේ. එතැනින් තියනවා ලවර්ස්ලීප් ඉන් කියලා බෝඩ් එකක් ගහලා. එතනට දිය ඇල්ල පේනවා. ඒ පාරේ වහනෙකට යන්න පුළුවන්. උඩටම ගියාම පොඩි හන්දියක් හම්බුවෙනවා. එතැනින් වාහනේ නවත්තලා පයින් යන්න ඕනේ. යන්න ඕනේ අඩි පාර ටික දුරක් කොන්ක්‍රීට් දාලා තියනවා. එතැනින් තේ වත්ත මැදින් තමයි ඇල්ල බලන්න යන්න ඕනේ. පොඩ්ඩක් කන්ද තියනවා නගින්න.
මේ ඇල්ලේ උස 30m , අඩි 98. නම පට බැඳුණේ දඩයමේ ගිය රජ කුමාරයෙක් අතරමන් උනාට පස්සේ මේ අවට ජීවත් උන ලස්සන ගැහැණු ළමයෙක් හමු උනා. පසුව මේ දෙන්න වෙන් කරන්න බැරි තරමටම ආදරෙන් බැඳුනා.




මේක නොරිස්සපු කුමාරයාගේ තාත්තා එයාගේ හේවායෝ දාලා මෙයාලව හෙව්වා. අන්තිමට මෙයාලා මේ දිය අල්ල ළඟට ඇවිත් වෙන කොහෙවත් යන්න බැරි නිසා දෙන්නම අත් අල්ලාගෙන මේ ඇල්ලෙන් වැටිලා මැරුනලු.





හවස් වෙලාවේ මේ ඇල්ල බලන්න යන්න එපා කියලා ගම්මු කියනවා.

පහල පාරට පේන ඇල්ල
ඇල්ලට යන මැප් එක
මේ බෝඩ් එක තියන තැනින් ඇතුලට යන්න ඕනේ
මේ හන්දිය වෙනකන් වාහනයක් ගෙනියන්න පුළුවන්. ඊට පස්සේ උඩට තියන පාරෙන් ගිහින් දකුණට හැරිලා කෙලින්ම යන්න ඕනේ.
එහෙනං හැමෝටම සුභ දවසක්.

,rep +
ස්තූතියි බෙදා ගත්තට...



nahhhhh.....
ehenam yannama one 