ලස්සන කතාවක්...
(මේක මම ඕ ලෙවල් කරන කාලේ චිත්‍ර ගුරුවරයෙක් කියපු පුංචි කතාවක්...
)
ඕන්න දවසක් ලෝක පූජිත චිත්‍ර ශිල්පියෙක් තමන් ඇඳපු චිත්‍රයක් දිහා බකංනිලාගේ බලාගෙන ඉන්නවා... එතුමාව හමුවෙන්න එනවා ලෝක පූජිත චිත්‍ර විචාරකයෙක්... ඔහුත් එක්ක තව සාමාන්‍ය ඒත් ලෝකය දිහා නිරුවත් ඇහෙන් (යථා ස්වභාවයෙන්) බලන්න පුුරුදු වෙච්චි මිනිහෙක් එනවා...
විචාරකයා : මොකෝ ඔබතුමා චිත්‍රය දිහා බලාගෙන ලොකු කල්පනාවක...?
ශිල්පියා : නෑ... මේ බලන්නකෝ....
(කතාව කියන්න ඉඩ නොදි විචාරකයා කතා කරන්න පටන් ගනියි...
)
විචාරකයා : ෂා.... අපූරු චිත්‍රයක්.... ම්.. පොඞ්ඩක් ඉන්න... මේ වගේ චිත්‍රයක් මම කවදාවත් දැකල නෑ... බලන්නකෝ මේ පින්සල් පාරවල්... ජීවිතයේ මුඛ්‍යාර්ථය පින්සලයෙන් ගම්‍ය කරන්න තරම් ඔබතුමා මුහුකුරා ගිහිල්ලා... බලන්නකෝ මේ කලූ රේඛා පර්යාවලෝකනය වෙමින් වර්තමානය තෙක් ගලාගෙන එන ආකාරය.... ආහ්... මේ බලන්න ජීවිතය කෙළවර වෙන කොට කුටුම්භ ප්‍රාණියෙක් ජීවිතය හා මරණය අතර දෝලනය වෙන ආකාරය රක්ත වර්ණ හා නීල වර්ණ සුසංයෝගයෙන් පෙන්වලා තියෙන ආකාරය....
(දන්නා සියලූම වචන භාවිතා කරමින් දිගින් දිගටම විචාරකයා විචාරයි..)
සාමාන්‍ය මිනිසා : කෝ බලන්න... අනේ මට නම් එහෙමට දෙයක් පේන්න නෑ.... මට නම් පෙන්නේ කාන්තා නිරුවත් සිරුරක් අඳින්න ගිහිල්ල අපේ ඇදුරුතුමා අනාගෙන වගේ...
විචාරකයා : අහකට... අහකට... උඹල වගේ හාල්පරුවන්ට මේ වගේ ගැඹුරු නිර්මාණයක අර්ථය තේරුම් ගන්න අමාරුයි.... ඒකට තියෙන ඕන විශේෂ ප්රාගුණ්යයක්, වණපොත් කරපු දැනුමක්.... ජීවිතය මතුපිටින් අත නොගා අභ්‍යන්තරයෙන් පැන එන්නා වූ ආකල්පමය සංදර්භය තුළ පිහිනා යාමක්.... ඒකට තමයි ජීවිත පරිඥානය කියන්නේ....
සාමාන්‍ය මිනිසා : අනේ මන්දා... මට නම් වණපොත් කිරිම කෙසේ වෙතත් චිත්‍රය නම් වණ කරගෙන වගේ තමයි පේන්නේ...
විචාරකයා : (චිත්‍ර ශිල්පියා දෙසට හැරී...) සමාවෙන්න ඔබතුමාගෙ හිත පෑරුණා නම්.... අල්ප ඥාණය ඇති නිඝණ්ඨයින් එකත්පස කරගෙන යාමේ ආදීනව තමයි මේ....
ශිල්පියා : නෑ... නෑ... මගේ හිත රිදුනේ නෑ... මේ මිනිහා හරි... මම මහන්සියෙන් ඇඳගෙන ආපු චිත්‍රයට සායම් දීසිය පෙරලූනා.... වැඬේ කචල් වුණා....

ඒ කතාවට මම මෙහෙම පසුවදනක් එකතු කරන්නම්.... කලාව යනු එක්ටැම් ගෙවල්වල තනිව එක්තරා රාමුවක, එක්තරා ගුරුකුලයක සිරව රස විඳිය නොහැක්කක්... ලෝකයේ කිසිම කලා නිර්මාණයක් එවැනි අදහසකින් නිර්මාණය නොකළ බව සත්‍යයකි... ඔබ කලාව රස විඳින්නේ නම් ඔබ පැළඳ සිටින බහුශ්‍රැත භාවය පසෙක ලා නිරුවත් දෑසින්, නිරුවත් මනසින් ඒ දෙස බලන්න... ඒ තුළින් පෙන්වන අර්ථයෙන් ඔබේ ඇස් සරසා ගන්නා... මනස සරසා ගන්න.... කලාව බිහිව ඇත්තේ පෛතගරස් ප්‍රමේයයන් අතර නන්නත්තාර වූවන්ට වින්දනයක් ලබා දීමට මිසක සමීකරණ විසදීමට නොවේ...
(මේක මම ඕ ලෙවල් කරන කාලේ චිත්‍ර ගුරුවරයෙක් කියපු පුංචි කතාවක්...
)ඕන්න දවසක් ලෝක පූජිත චිත්‍ර ශිල්පියෙක් තමන් ඇඳපු චිත්‍රයක් දිහා බකංනිලාගේ බලාගෙන ඉන්නවා... එතුමාව හමුවෙන්න එනවා ලෝක පූජිත චිත්‍ර විචාරකයෙක්... ඔහුත් එක්ක තව සාමාන්‍ය ඒත් ලෝකය දිහා නිරුවත් ඇහෙන් (යථා ස්වභාවයෙන්) බලන්න පුුරුදු වෙච්චි මිනිහෙක් එනවා...
විචාරකයා : මොකෝ ඔබතුමා චිත්‍රය දිහා බලාගෙන ලොකු කල්පනාවක...?
ශිල්පියා : නෑ... මේ බලන්නකෝ....
(කතාව කියන්න ඉඩ නොදි විචාරකයා කතා කරන්න පටන් ගනියි...
)විචාරකයා : ෂා.... අපූරු චිත්‍රයක්.... ම්.. පොඞ්ඩක් ඉන්න... මේ වගේ චිත්‍රයක් මම කවදාවත් දැකල නෑ... බලන්නකෝ මේ පින්සල් පාරවල්... ජීවිතයේ මුඛ්‍යාර්ථය පින්සලයෙන් ගම්‍ය කරන්න තරම් ඔබතුමා මුහුකුරා ගිහිල්ලා... බලන්නකෝ මේ කලූ රේඛා පර්යාවලෝකනය වෙමින් වර්තමානය තෙක් ගලාගෙන එන ආකාරය.... ආහ්... මේ බලන්න ජීවිතය කෙළවර වෙන කොට කුටුම්භ ප්‍රාණියෙක් ජීවිතය හා මරණය අතර දෝලනය වෙන ආකාරය රක්ත වර්ණ හා නීල වර්ණ සුසංයෝගයෙන් පෙන්වලා තියෙන ආකාරය....
(දන්නා සියලූම වචන භාවිතා කරමින් දිගින් දිගටම විචාරකයා විචාරයි..)සාමාන්‍ය මිනිසා : කෝ බලන්න... අනේ මට නම් එහෙමට දෙයක් පේන්න නෑ.... මට නම් පෙන්නේ කාන්තා නිරුවත් සිරුරක් අඳින්න ගිහිල්ල අපේ ඇදුරුතුමා අනාගෙන වගේ...

Last edited: