ලසා අයියගේ පිහිටෙන් ගොඩගිය සුපිරි කොල්ලෙක්.
ගොඩ දෙනෙක් මම දිහා බැලුවොත් කියයි මූ නම් වාසනාවන්තයි කියලා. එහෙම නැත්නම් සුපිරි වැඩ්ඩෙක් කියයි...
මම online කියන ෆෙල්ඩ් එකට එන්නෙ පාසල් වයසින්ම. මොකද මට අනිත් අයට වගේ අධ්‍යාපනය ගැන විතරල් හිත යොමු කරන්න උනේ නැහැ. ගෙදර හිටියේ මමයි සීයයි කිරිඅම්මියි. කුලී වැඩ කරලා ගෙදර ගේන සොච්චමෙන් හරියට කාලා බීලා ඉන්නවත් මදි. ඒත් එක්කම OL වලට කිට්ටු වෙද්දි class යන්න වගේම තවත් දේවල් නිසා මුදල් කියන ප්රශ්නය ටිකක් ලොකුවට දැනෙන්න ගත්තා. ඒත් එක්කම මගේ emoney ඇම්මත් වැඩි උනා. ඒ කාලේ මට ඕන උනේ වියදම් පියවා ගන්න වගේම , හොදට ඉගෙන ගන්න.
මම පලවෙනි $0.01 මගේ paypal ගිණුමට ගන්න මාස 6ක් විතර කට්ට කෑවා. මට තිබුනේ පොඩි phone එකක්. පස්සෙ Rs4000කට වගේ LG L3 එකක් ගත්තා.(2g signal වලින් internet ගියේ) ඒ පටන් ගැන්මෙන් ආව මගේ ගමනේ වැටුනු තැන් , වට්ටවපු තැන් අනන්තයි. හැබයි කවදාවත් කාටවත් බරක් වෙන්න මට ඕන උනේ නැහැ.
ගොවිතැන් කලා, ගාමට් ගියා, අත්වැඩට ගියා (කොන්ක්‍රීට් වැඩ) හැබැයි කවදාවත් කරපු කිසිම දෙයක් අමාරුයි කියලා අතාඅරියෙ නැහැ. හැමදේම කලේ ආසාවෙන් උත්සහයෙන්. ඒවගේම ඒ මොන දේ කලත් ඉතිරි කාලයෙන් හීනෙ පස්සෙ යන්න අමතක කලෙත් නැහැ.
කාලයත් එක්ක මගෙම මුදල් වලින් ගෙවල් වල අයටත් වියදම් කරලා මගෙත් වියදම් කවර් කරගන්න පුලුවන් උනා. හැබැයි මුල් කාලේ වියදම් කරන්නෙ කොහොමද කියන එක නොදැන සෑහෙන අමාරුවක වැටුනා. මගේ ජීවිතේ තනිකරම ඉස්සරහට යන්නෙ මගේ අත්දැකීම් වලින්මයි. කවදාවත් කිසිම දෙයක් බැහැ කියයි යනවට වඩා මම ආස කලේ උත්සහා කරන්න
.
ඒ වගේම මේ යන ගමනට සෑහෙන දෙනෙක්ගෙම් උදව් ලැබුනා. හැබැයි ඒ මොනාහෝ නොදන්න තැනකට නොදන්න දේකට උදව්වක් විදියට විතරයි. ගොඩක් අය හිතන්නෙ අපි ගොඩ යන්න ඕන තව එකෙක්ගෙ උදව්වෙන් කියලා. ඇත්තටම අපිට ගොඩ යන්න ඕන කරන්නෙ උවමනාව විතරයි.