ඔය වගේ එකෙකුට හරියන්න විදිහක් නෑ සහෝ.. බුදු දහම සත්‍යනම්.. ඔය ගිනිදර ඕකට අනිවාරයයෙන්ම පත්තුවෙන්න ඕනෙ.. ජීවිතය කියන්නෙ සල්ලි නෙමේ .. සල්ලි කියන්නෙ ජීවිතයේදී ඕනෙ වෙන තවත් එක දෙයක් විතරයි කියලයි මම හිතන්නෙ..
පර බල්ලෙක්....
ගොනා බැඳි කරත්තය වගේ කරමය අපේ පසුපස එනවා.
කෙල්ල පෙර ආත්ම වල පවු කරලා ඇති.
ඕකම මතු ආත්මයක කොල්ලටත් වෙනවා ඒක ඉර හඳ වගේ සිකුරුයි
මම නම් හිතුවේම එහෙමයි ,, 



ඔය වගේ අප්සට් ජොකියෝ ඉන්නවා තමයි 
,කෙල්ලොත් එහෙමයි කොල්ලොත් එහෙමයි මම දන්න ඔහොම කෙල්ලෙකුත් ඉන්නවා කොල්ලෙකුත් ඉන්නවා 
වැඩි දුරක් යන්න ඕනෙ නෑ. අපේ ගෙදරට ගෙවල් 4ක් 5ක් එහයින් ගෙයක ඔය වගේ සිද්දියක් වුනා.
අපේ මාමා කෙනෙක්. එයාට ගොඩක් සල්ලි තිබ්බා ඉස්සර ඉඳන්ම. ව්‍යාපාර තමයි කලේ.
මෙයාට කෙල්ලෙක් සෙට් වෙලා තියනවා ඔය බිස්නස් වැඩ අතරෙදි. කෙල්ල බොහොම දුප්පත් පවුලක කෙනෙක්.
ඔහොම කල් යද්දි කෙල්ල විශ්වවිද්‍යාලයට තේරිලා. (දෙන්නගෙ වයස් පරතරේ අවුරුදු 8ක් වගේ. ඒ වෙනකොට ඒ මාමා හොඳ සල්ලි කාරයෙක්). කොහොමහරි කෙල්ලට විශ්වවිද්‍යාලයට යන්නත් මේ මාමා තමා උදවු කරලා තියෙන්නෙ. ඒ ඔක්කොම වියහියදම් දරලා අන්තිමට කෙල්ල ලෝයර් කෙනෙක් කරන්න මේ මාමා ගොඩක් කැප කිරීම් කලා.
දෙන්නා කසාද බැඳලා ළමයි දෙන්නෙකුත් හැදුවා.
එයාලා නගරාසන්නව ගෙයක් හදාගෙන ඒකෙ පදිංචි වුනා.
ඔහොම කල් යද්දි මොකක්ද වැඩිදුර අධ්‍යාපනයකටද (මට හරියට මීටර් නෑ මොකක්ද කියලා) ඒ නැන්දට වත්කම් පෙන්නන්න අවශ්‍යතාවයක් ඇවිල්ලා තියනවා. ඉතිං මේ මාමා එයාගෙ සියලු දේපල වත්කම්ථ ව්‍යාපාර ඔක්කොම නැන්දගෙ නමට පවරලා තියනවා.
දැං මාස දෙකක් විතර ඇති මෙයා ආයෙත් ගමට ඇවිල්ලා. ඉස්සර තිබ්බ වාහන මොකුත් නෑ.
ටිකක් හොයලා බලද්දි තමයි දැනගත්තෙ වෙලා තියන දේ.
අර නැන්දා වෙන කසාදයක් කරගෙන මෙයාව දික්කසාද කරලා. ළමයි දෙන්නගෙ භාරකාරත්වය තියෙන්නෙත් නැන්දටලු.
දැං මෙයාට මාසෙකට පොඩි ගානක් දෙනවලු වියදම් වලට.
