ලෑලි බංකුව

MAHAWELI

Member
Mar 3, 2015
300
20
0
ගෙදර
නංගිලාගෙ කොන්දෙ ඇදය

දිනකට පැය පහක් වසර 05 ක් පුරා වැරදි ඉරියව් වලින් ලෑලී බංකුවල වාඩි වී සිටින දරුවන් කොඳු ඇට පෙළ ඇති වන ‘පැති කුදේ‘ නමැති රෝගයට භාජනය වෙතියි ළමයින් ගැන සමීක්ෂණයක් කරන මහාචාර්ය සාගර කරුණාතිලක මහතා පවසයි. ඔහු කොඳු ඇට පෙළේ ආබාධ ගැන විශේෂඥ වෛද්‍යවරයෙකි.
එක දිගටම ටියුෂන් පන්තිවල වැරදි ඉරියව් වලින් වාඩිවී සිටිමත් අධික ලෙස බර පොත් බෑග් කරේ එල්ලා ගෙන යෑමත් කැල්සියම් ඇති ආහාර නොගැනිමත්. යුරියා වැනි ද්‍රව්‍ය යෙදු එළවළු (කෘමිනාශක) යෙදු පළතුරු වැනි ආහාර කෑමට ගැනීමත් නිසා කොන්දේ ඇදයන් සිදු වන බව සාගර කරුණාතිලක මහතා පවසයි.
පාසල් දරුවන් අතරින් ගැහැණු දරුවන්ට මෙම කොඳු ඇදය හැදීම ඉහළ ගොස් ඇති බවත් වෛද්‍යවරයා කියයි.
 
Last edited:

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
api hoda welwata clz eke echchra wela inne nah
biggrin.gif
 
pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    ලෑලි බංකුව කොන්දට මාරකයක්
    2015 මාර්තු මස 27 13:43:09 | . , කේ. ඩී. දේවපි‍්‍රය

    fb.png
    දිනකට පැය පහක් වසර 05 ක් පුරා වැරදි ඉරියව් වලින් ලෑලී බංකුවල වාඩි වී සිටින දරුවන් කොඳු ඇට පෙළ ඇති වන ‘පැති කුදේ‘ නමැති රෝගයට භාජනය වෙතියි ළමයින් ගැන සමීක්ෂණයක් කරන මහාචාර්ය සාගර කරුණාතිලක මහතා පවසයි. ඔහු කොඳු ඇට පෙළේ ආබාධ ගැන විශේෂඥ වෛද්‍යවරයෙකි.
    හෙළ වෙදකම හා සම්බන්ධ වෙමින් කොඳු ඇට පෙළ රෝගවලට ප‍්‍රතිකාර සිදු කරන සාගර කරුණාතිලක මහතා සඳහන් කරනුයේ මේ වනවිට ඔහුගෙන් ප‍්‍රතිකාර ගැනිමට පැමිණෙන රෝගින් අතරින් පාසල් යන දරුවන් රැසකට මෙම කොඳු ඇට පෙ‍ළේ ඇදවීම දක්නට ඇති බවයි.
    එක දිගටම ටියුෂන් පන්තිවල වැරදි ඉරියව් වලින් වාඩිවී සිටිමත් අධික ලෙස බර පොත් බෑග් කරේ එල්ලා ගෙන යෑමත් කැල්සියම් ඇති ආහාර නොගැනිමත්. යුරියා වැනි ද්‍රව්‍ය යෙදු එළවළු (කෘමිනාශක) යෙදු පළතුරු වැනි ආහාර කෑමට ගැනීමත් නිසා කොන්දේ ඇදයන් සිදු වන බව සාගර කරුණාතිලක මහතා පවසයි.
    පාසල් දරුවන් අතරින් ගැහැණු දරුවන්ට මෙම කොඳු ඇදය හැදීම ඉහළ ගොස් ඇති බවත් වෛද්‍යවරයා කියයි.
    ‘‘මෙම රෝගයට ලක් වු දරුවන් ගේ දෙමාපියන් විශාල මුදලක් වැය කර විවිධ වෛද්‍යවරුන් වෙත ගොස් මුදල් වියදම් කර පලක් නොමැතිව පීඩා විදින අය සිටිනවා. දරුවන්ට නිසි අයුරින් කැල්සියම් ඇති හාල් මැස්සන්, කතුරු මුරුංගා. කොස් පොළොස්, පළා වර්ග ආහාරයට නොගැනීමත් නිවැරදි අයුරින් නිදා නොගැනීම, පරිගණක භාවිතයේ දි වැරදි ඉරියව්වෙන් ඉඳගැනීම, ව්‍යායාම් ආදි කි‍්‍රයාකරකම් වල නිරත නොවිම වැනි කි‍්‍රයා නිසා මේ වැනි ආබාධවලට දරුවන් හා වැඩිහිටියන් ලක්වෙමින් පවතිනවා. ව්‍යායාම් වැනි ශරිරයට අවශ්‍ය දේවල් දිනපතාම සිදු කළ යුතුය. දරුවන් අමතර පංති වලට යොමු කිරිමේ දී පුටුවක් රැුගෙන ගොස් තම දරුවාට වාඩි වී සිටිමට සැලැස්සවීමෙන් අනාගතේ තම දරුවන්ට සිදු වන මෙම කොඳු ඇදවිමේ රෝගයෙන් මිදීමට හැකි වෙනවා‘‘ යැයි වෛද්‍ය කරුණාතිලක මහතා පැවසීය.
    කොන්දේ ස්නායු තෙරපීමකට ලක්වීමෙන් අභ්‍යන්තර ග‍්‍රන්ථි වලටද දැඩි ලෙස බලපා හදවත, පෙනහලූ, අක්මාව, මොළය, වකුගඩු ආදි ඉන්ද්‍රියයන් මෙම රෝගය නිසා අඩපණවිමට හැකි බවද වෛද්‍ය කරුණාතිලක මහතා අවධාරණය කරයි.

    http://www.lankadeepa.lk/index.php/articles/305537