ලිංගිකව සම්ප්‍රේෂණය වන හර්පීස්

cns11

Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    ලිංගිකව සම්ප්‍රේෂණය වන හර්පීස්

    ලිංගිකව සම්ප්‍රේෂණය වන ‘හර්පීස්’ ගැන ඔබ දැනගත යුතු සියල්ල මෙන්න



    හර්පීස් ආසාදනය පිරිමින්ගේ ශිෂ්ණය හා ගැහැණුන්ගේ යෝනි ප්‍රදේශය හා ඒ ආශ්‍රිත සමෙහි හටගන්නා ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයකි. රෝගය වැළදුන සමහරුන්ට රෝග ලක්ෂණ නොපෙන්වුවත් රෝගය තව කෙනෙකුට බෝකිරීමේ හැකියාව ඇත. වෛරස සදහා ඇති විශේෂ ප්‍රතිජීවක ඖෂධ මගින් රෝග ලක්ෂණ පාලනය කළ හැක.



    රෝග කාරකය‍
    හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරසය

    ශරීරය තුල ක්‍රියාත්මක වන අයුරු

    ලිංගික හර්පීස් රෝගය ඇති පුද්ගලයකු සමග ඇතිවන අනාරක්ෂිත ලිංගික ඇසුරකින් වෛරසය ආසාදනය විය හැක. එනම්, යෝනි, ගුද හෝ මුඛ මාර්ග ආශ්‍රිතව සිදුවේ. මුඛය, ලිංගේන්ද්‍ර හා ගුදය ආවරණය කෙරෙන මෘදු සම වෛරස ඇතුල්වීම පහසු කරයි. වෛරසය ඇතුල්වූ පසු එය සිරුර තුළ පවතින අතර සමහර අවස්ථාවලදී නැවත නැවත රෝග ලක්ෂණ මතු කළ හැක.

    රෝග ලක්ෂණ

    අනාරක්ෂිත ලිංගික ඇසුරකට පසු දින 2 – 7 අතර කාලයක් රෝග ලක්සණ මතුවිය හැක. සමහරුන්ට රෝග ලක්ෂණ කිසිවක් ඇති නොවන මුත් තව කෙනෙකුට රෝගය පැතිරීමේ හැකියාව ඇත. රෝග ලක්ෂණ ලිංගාශ්‍රිතව ඇතිවන දැවිල්ලක සිට ඉතා වේදනාත්මක කුඩා දිය බුබුළු ලෙස දැකිය හැක. මෙම දිය බුබුළු යෝනි ප්‍රදේශයේ හා පිරිමින්ගේ ශිෂ්ණයේ දැකිය හැකියි. මෙම දිය බුබුළු පිපිරී ගොස් කුඩා රතු තුවාල හට ගනී. මේවා ඉතාමත් වේදනාකාරීව සති 2-3 ක් පමණ මෙසේ පැවතිය හැක. ටික කලකින් මෙම රෝග ලක්ෂණ නැවත මතුවිය හැකි අතර පළමුවර තරම් බරපතල නොවේ. මද උණ ගතිය, ඇගපත වේදනාව සමග දුර්වල ගතියක් රෝගියාට දැනේ. එකළග තුවාල කීපයක් පවා හටගත හැක.මේවා ලිංගාශ්‍රිතව පමණක් නොව ගුදය ආශ්‍රිතව හා මුඛයේද දැකිය හැක. සමහර විට ඉකිලිවලවසා ගැටිති ඉදිමී ගෙඩි ලෙස දැකිය හැක. බොහෝ වි‍ට කාන්තාවන්ට මූත්‍රා කිරීමේදී දැවිල්ලක් හටගනී.

    සංකූලතා

    නිතර නිතර මෙම රෝග ලක්ෂණ මතුවිය හැකි අතර රෝග ලක්ෂණ නැති කාලයේ පවා ලිංගික සහකරුවන්ට රෝගය බෝකළ හැක.
    ගර්භනී මවකට දරු ප්‍රසූතිය සමයේ රෝග ලක්ෂණ පැවතුනහොත් තම දරුවා ආසාදනය කිරීමේ හැකියාව ඇත. එවිට දරුවාගේ මොළයට පවා විෂබීජ ගොස් බරපතල ස්නායු ආබාධ පවා ඇතිවිය හැක.

    ප්‍රතිකාර

    ඉහත රෝග ලක්ෂණ මතුවුවහොත් රෝගය ඇතැයි සැක සහිත නම් ඉක්මණින් සුදුසුකම්ලත් වෛද්‍යවරයකු හමුවීම හෝ ලිංගික රෝග සායනයකට යොමු වීම වැදගත්ය. වෛරස සදහා ඇති ප්‍රතිජීවක ඖෂධ නිසි පරිදී ගත යුතුය. තුවාලවලින් ගන්නා ස්‍රාව / සාම්පල පරීක්ෂා කිරීමෙන් රෝගය තහවුරු කළ හැක. අධික වේදනාව මග හරවා ගැනීමට වේදනා නාශක අවශ්‍ය වේ. තුවාල ලුණු මිශ්‍ර ජලයෙන් දිනකට කිහිපවරක් සෝදා පිරිසිදු කළ යුතුය. බොහෝ විට රෝගියාගේ ලිංගික සහකරු / සහකාරියන් සායන වෙත යොමු කිරීම අත්‍යාවශ්‍ය වේ.

    රෝගය වළක්වා ගැනීම

    විශ්වාසවන්ත එක් සහකරු / සහකාරියකට පමණක් ලිංගික සබදතා සීමා කිරීම හා අනාරක්ෂිත ලිංගික සබදතාවලදී නිසි පරිදි කොන්ඩම් භාවිතය අත්‍යාවශ්‍ය වේ. නමුත් කොන්ඩම්වලින් ආවරණය නොවන තුවාල ඇත්නම් (එනම්, ගුදය වටා ඇති තුවාල) රෝගය බෝවීම සිදුවිය හැක.

    හර්පීස් සැදුණු විට දැකිය හැකි ලක්ෂණ පහත වීඩියෝවෙන් වඩාත් සවිස්තරව ඉදිරිපත් කරනවා.




    Source - http://www.loveandsex.lk
     
    Last edited:
    දේශීය ඖෂධ වලින් සාර්ථකව නිට්ටාවටම සුවකළ හැකි රක්තවාත ගණයට වැටෙන රෝගී තත්වයකි.

    පහල විඩියෝ එකේ තියෙන්නෙ හර්පීස් තත්වය ඉන්දියාවේ සුව කළ අවස්ථාවක්. හැබැයි ඔයිට වඩා දියුණු ප්‍රතිකාර ලංකාවේ මේ රෝගයට ඕනෑ තරම් තියෙනවා.


     
    Last edited:
    • Like
    Reactions: cns11

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඉදිරියේ රාළ;20101125 said:
    දේශීය ඖෂධ වලින් සාර්ථකව නිට්ටාවටම සුවකළ හැකි රක්තවාත ගණයට වැටෙන රෝගී තත්වයකි.

    පහල විඩියෝ එකේ තියෙන්නෙ හර්පීස් තත්වය ඉන්දියාවේ සුව කළ අවස්ථාවක්.හැබැයි ඔයිට වඩා දියුණු ප්‍රතිකාර ලංකාවේ මේ රෝගයට ඕනෑ තරම් තියෙනවා.



    සිරාවට? :dull:
     

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    ඉදිරියේ රාළ;20101321 said:
    ඔව්, ඕක සත පහකටවත් ගණන් ගන්නෙ නැති කැස්සක් වගේ ආබාධයක්. හැබැයි හොඳ වෙන්න මාස 4ක් 5ක් යනවා.
    :shocked::shocked:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඉදිරියේ රාළ;20101321 said:
    ඔව්, ඕක සත පහකටවත් ගණන් ගන්නෙ නැති කැස්සක් වගේ ආබාධයක්. හැබැයි හොඳ වෙන්න මාස 4ක් 5ක් යනවා.

    එහෙනම් එල...මොකක් කියලද මේක හඳුන්වන්නේ? :eek:
     
    එහෙනම් එල...මොකක් කියලද මේක හඳුන්වන්නේ? :eek:

    එහෙම විශේෂ නමක් නම් දන්නෙ නෑ. සමහර විට ආයුර්වේදෙන් නම් නම් දාල ඇති. ඒත් ලංකාවේ පැවත එන වෙදකම් වල නම් ඕකට කියන්නෙ "රක්තයා පිටදාල" කියලයි.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඉදිරියේ රාළ;20103078 said:
    එහෙම විශේෂ නමක් නම් දන්නෙ නෑ. සමහර විට ආයුර්වේදෙන් නම් නම් දාල ඇති. ඒත් ලංකාවේ පැවත එන වෙදකම් වල නම් ඕකට කියන්නෙ "රක්තයා පිටදාල" කියලයි.

    ඒ මචන් අපි අර සාමන්යෙන් හඳුන්වන උෂ්ණ බිබිලි නේද? මේක මේ එකද? ඉංග්‍රීසියෙන් නම් cold sores කියල කියන්නේ..? හර්පීස් ඊට වඩා දරුණු නැද්ද ? :eek:
     
    ඒ මචන් අපි අර සාමන්යෙන් හඳුන්වන උෂ්ණ බිබිලි නේද? මේක මේ එකද? ඉංග්‍රීසියෙන් නම් cold sores කියල කියන්නේ..? හර්පීස් ඊට වඩා දරුණු නැද්ද ? :eek:

    ඒ ඉතිං රක්තයා පිටදැමීමේ ශීඝ්‍රතාවය අනූව තමා. උෂ්ණ බිබිලි කියන්නෙ අඩු ශීඝ්‍රතාවය. හර්පීස් කියන්නෙ වැඩි ශීඝ්‍රතාවය,
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    විනාඩි ගණනක සැපතට ජීවිතේ බිල්ලට දාන්න එපා යකුනේ