ලිංගික උත්තේජක ඖෂධ

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    ලිංගික උත්තේජක ඖෂධ

    මේක අපේ එළකිරි අය්යලට නම් ගොඩක් වැදගත් වෙය් .නිතරම නූල් වැටෙනවා මේවා ගැන අහලා :P:P

    ලිංගික උත්තේජක ඖෂධ ගැන දැන ගත යුතුම දේ...

    262tzef.jpg

    ‘‘ලිංගික උත්තේජක ඖෂධ’’ අද වන විට අපේ රටේ බාල, මහළු භේදයකින් තොරව සීඝ‍්‍රයෙන් අළෙවි වන ඖෂධ කාණ්ඩයක් බවට පත් වී තිබේ.

    ඔසුසැල් වල සේවකයන් ප‍්‍රකාශ කරන පරිදි මේ දිනවල වැඩියෙන්ම අළෙවි වන ඖෂධය බවට පත් වී ඇත්තේද ලිංගික උත්තේජක ඖෂධයි.

    නමුත් හිතු මතේ මෙම ඖෂධ භාවිතයේ ඔබ නොසිතන ආකාරයේ ගැටළු ඇති බව ඔබ දන්නවාද?
    උත්තේජක ඖෂධ අවදානම් සහගත විය හැකි අවස්ථා
    මේ ඖෂධ වලට අසාත්මිකතා ඇති වන්නේ නම්.

    හෘද රෝගීන් (විශේෂයෙන්ම හෘද රෝග වල මුල් අවස්ථාවේදී නයිටේ‍්‍රට් ඛාණ්ඩයේ, වේදනාව නැවතීමට භාවිතා කරන ඖෂධ ගන්නේ නම් එවැනි අය හිතුමතේට මේ ඖෂධ ගත හොත් ඔවුන්ගේ රුධිර පීඩනය ඉහළ යාම මඟින් බරපතල ගැටලූ මතු විය හැක).

    එමෙන්ම සමහර අධි රුධිර පීඩනයට ලබා දෙන ඖෂධ ප‍්‍රතිජීවක ඖෂධ, අපස්මාරය රෝගීන්ට ඒ සඳහා ලබා දෙන ඖෂධ වැනි ඇතැම් හඳුනාගත් විශේෂිත ඖෂධ ලබා ගන්නා අය. (ඖෂධ අතර අන්තර් ප‍්‍රතික‍්‍රියා සිදු වී බරපතල ගැටලූ මතු වූ අවස්ථා අපේ රටේත් බහුලය).

    ආමශයික තුවාල, වකුගඩු, අක්මා රෝග වලින් පෙළෙන අය, අධි රුධිර පීඩනයෙන් පෙළෙන අය, ඇතැම් අක්‍ෂි රෝගවලින් පෙළෙන අය ආදී ලෙස අවදානම් කණ්ඩායම් රැසක් ඇති නිසා වෛද්‍ය උපදෙස් මත මේ ඖෂධ ලබාගත යුතුම නම් ලබා ගැනීම සිදු කළ යුතුය.

    හිතුමතේට ලිංගික උත්තේජක ගැනීමෙන් ඇතිවන අතුරු ප‍්‍රතිඵල

    මොහොතක සතුටක් වෙනුවෙන්, කිසිදු වග විභාගයකින් තොරව හිතුමතේට ලිංගික උත්තේජක ඖෂධ ගතහොත් ඇතිවන අතුරු ඵල:yes:

    පපුවේ දැවිල්ල
    හිසරදය
    පාචනය
    සිරුරේ උෂ්ණත්වය ඉහළ යාම
    නාසයෙන් ලේ ගැලිම
    නිදා ගැනීමේ අපහසුතා (නිදි ගැටලූ)
    දෙඅත්, දෙපා වල සිදුවන හිරිවැටිම්
    මාංශ පේශි වේදනා
    වර්ණ දෘෂ්‍යතා ආබාධ(සෑම දෙයක්ම නිල් පාටට පෙනීම, නිල් කොළ මාරු වී පෙනීම වැනි)
    ආලේපනයට සංවේදී වීමේ ගැටලූ

    මේ සඳහන් කළේ මෙහි සාමානය අතුරු ඵල පමණි.
    වඩාත් අනතුරුදායක සංකූලතා
    (වහාම වෛද්‍යවරයෙකු හමු විය යුතු අවස්ථා)

    ඇතැමෙකුට හදිසියේම පෙනීම වඩාත් බරපතල ලෙස දුර්වල වීම
    හොඳින් ඇසුණූ කන් දෙකේ හදිසියේම ඇසීම අඩු වීම
    සමහර අයගේ ප‍්‍රාණවත් වූ ලිංගේන්ද්‍රිය පැය 3-4 ක් ගත වන තුරුම ප‍්‍රාණවත් වී තිබීම
    අධික කරකැවිල්ල
    ක්ලාන්තය ගතිය නිරතුරුව තිබීම
    පපුවේ වේදනාව
    හුස්ම ගැනීමේ අපහසුතාවය
    මුත‍්‍රා දැවිල්ල
    ශරීරය පුරා පළු දැමීම (දද ස්වරූපයෙන්)

    මේ තත්ත්වයන් එකක් හෝ දක්නට ලැබුණොත් වහාම වෛද්‍ය ප‍්‍රතිකාර ගත යුතුය. එසේ නොවූවහොත් මාරාන්තික බවට පත් වීමේ අවස්ථා එළඹීමේ අවදානමක් ඇත.:no::no:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,516
    113
    ලංකාවේ ගොඩක් බයියෝ හිතාගෙන ඉන්නේ මේ මලා ජරා පෙති ගහලා හනුමා දර පලනව වගේ ගහගෙන ගහගෙන ගියාම තමයි ගෑනුන්ව සතුටු කරන්න පුලුවන් කියලා. ලිංගික අධ්‍යාපනයක් නැති ගමේ බයියන්ට නම් ඔය පෙති හොඳා. පුදුමයක් නෙම් ඉතින් මහින්දය මේච්චර රට කාල කාල පැරදිලා ගියාට පස්සේත් ආයෙත් එකවම ඕනෙ කියල නාහෙන් අඬන ගමේ බයියෝ ඉන්න රටක්නේ මේක
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    ලංකාවේ ගොඩක් බයියෝ හිතාගෙන ඉන්නේ මේ මලා ජරා පෙති ගහලා හනුමා දර පලනව වගේ ගහගෙන ගහගෙන ගියාම තමයි ගෑනුන්ව සතුටු කරන්න පුලුවන් කියලා. ලිංගික අධ්‍යාපනයක් නැති ගමේ බයියන්ට නම් ඔය පෙති හොඳා. පුදුමයක් නෙම් ඉතින් මහින්දය මේච්චර රට කාල කාල පැරදිලා ගියාට පස්සේත් ආයෙත් එකවම ඕනෙ කියල නාහෙන් අඬන ගමේ බයියෝ ඉන්න රටක්නේ මේක
    මැක්කගෙ රචනාව වගේ. කොහෙන්ගියත් අන්තිමට මහින්ද තමයි වැරදි. මේවගේ උන් ඉන්න රටක් කවදා ගොඩ යයිද මන්ද.
     
    Sheree

    Member
    Jul 17, 2007
    119
    14
    0
    thanks for post.
    මේවා දැන් ඉස්කෝලවල ළමයිලු වැඩියෙන්ම ගන්නේ. දිවයිනේ ද කොහෙද හොඳ article එකක් ගියා.
    අනේ නොදැනුවත්කමින් මේ ළමයි පොඩි කාලේ ඉදන්ම ලෙඩ හදා ගන්නවා
    anith aya nam ithin kamaththen ne!!
     
    Peter Quinn

    Active member
  • Jan 17, 2015
    472
    36
    28
    රටකින් එහා

    සිරා කතාව