"ශ්‍රී ලංකාවේ ලිබරල් කඳවුර සංවිධානය වෙලා මදි. වෙළෙඳපොළ ආර්ථිකයක් ගැන කතා කරන්න, නිදහස ගැන කතා කරන්න පිරිසක් නෑ. ඒත් වම බොහෝම සංවිධානාත්මකයි. පක්ෂ විදියට, කඳවුරු විදියට.
ඒ නිසා රට ගෝලීය ආර්ථිකය එක්ක මුහු කරන්න බෑ. මේ රටේ ආර්ථික අර්බුදයට විශාල හේතුවක් ඒක." - මෙහෙම කියලා තිබුනේ මෙහෙට ආපු ආයෝජකයෙක් වගේම ආර්ථික විද්‍යා විශ්ලේෂකයෙක්. ඒ 2016 දී මුස්තාපා ජෙෆර්ජී මහත්මයා හමුවීමෙන් පසු. පසුගිය දා ඇඩ්වොකාටා ආයතනයේ තිබුණ සමාලෝචන උළෙලකට ගිය වෙලාවේ ඔහුගේ කතාවේ ඒ බව කියැවුනා. එයට ප්‍රතිචාර දක්වමින් ජෙෆර්ජී මහත්මයා ඇතුළු තවත් 6 දෙනෙක් එක්ව ඇඩ්වොකාටා ආයතනය පිහිටුවා ගත් බවත්, එය ප්‍රධාන ප්‍රතිපත්ති නිර්මාපකයෙකු හෙවත් Think Tank එකක් බවට පත් කරමින් ලංකාවේ ලිබරල් වෙළෙඳපොළ ආර්ථිකයක් නිර්මාණය කරන්න දැනුම හා කරුණු සමාජ ගත කළ බවත් ඔහු කීවා.
ශ්‍රී ලංකාවේ වම කොච්චර සංවිධානාත්මකයි ද කිව්වොත් ඔවුන්ට ඇති තරම් පක්ෂ තිබෙනවා. ජවිපේ, පෙරටුගාමී, නිදහස් පක්ෂය, පොහොට්ටුව, විමල්ලා , වාසුලා, දිනේෂ් ලා ගේ මහින්දලා ගේ ඉඳල ඔක්කොම වම ගැන තමයි කතාව උනේ. හැබැයි ඒකට අනික් පැත්තට හිටියේ ඒජාපය විතරක් උනත් දේශපාලනිකව ලිබරල් මතය සමාජය තුල සම්මත කරවන්න ප්‍රමාණවත් සංවිධානාත්මක වැඩ කොටසක් ඔවුන් ඉටු කර තිබුනේ නෑ. ඒ දේශපාලන කඳවුරත් බහුතර සොරුන් හා දූෂිතයන්ගෙන් පිරී තිබුණා පමණයි.
වමේ අනික් ප්‍රබල බල කොටුව උනේ ශිෂ්‍ය දේශපාලනය. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල තුල වමේ ආධිපත්‍යය බොහෝ ඈතට විහිදෙනවා. ජවිපෙ විසින් අන්තරේ පාලනය කිරීමත් එක්ක විශ්ව විද්‍යාල වමට අවශ්‍ය මානව සම්පත නිර්මාණය කරන මැෂින් වගේ උනා. දැන් අන්තරේ පාලනය කරන පෙරටුගාමී පක්ෂය අන්තගාමී වාමාංශික දේශපාලන ව්‍යාපාරයක්. ඒ තුලින් විශ්වවිද්‍යාලය තුල අනාගත වාමාංශික නායකයින් නිර්මාණය කරනවා.
හැබැයි නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයක් තුල ලිබරල් අදහස් ජනගත කරන්න , ඒකට අවශ්‍ය මානව සම්පත නිර්මාණය කර ගන්න පාසලැක් තිබුනේ නෑ. පක්ෂයකට සම්බන්ධ නොවී, අලුතින් දේශපාලනයට එන තාරුණ්‍යයට දේශපාලනය අධ්‍යනය කරන්න, දේශපාලනයට මුහු වෙන්න, අවශ්‍ය කරන අඩිතාලමක් දා ගන්න තැනක් තිබුනේ නෑ. ඒ නිසා ඒ මුල් අදියර විශාල ලෙස අඩුවක්ව පැවතියා. ඒ අඩුව සපුරා ගන්න ශ්‍රී ලංකාවේ අලුතින්ම ඇති වී තිබෙන ව්‍යාපාරය ලෙස ලිබරල් තරුණ ව්‍යාපාරය හඳුන්වන්න පුළුවන්. Liberal Youth Movement එක ලෙස හඳුන්වන ඔවුන් මේ වන විට ඔවුන්ගේ වෙබ් පිටුවත් මුදා හැරලා. අලුත් අදහස් කතා කරන අලුත් තාරුණ්‍යයකින් එය පිරී තිබුනා.
රටට අවශ්‍ය අනාගත නායකයින් නිර්මාණය කර ගන්න මේ වගේ තිඹිරිගෙයවල් අපිට ගොඩක් ඕනේ. ඒ නිසා මේ වගේ ව්‍යාපාර වලට අතහිත දෙන්න, අනුග්‍රහය දෙන්න දෙපාරක් හිතන්න එපා. මේක රටේ වැදගත් අවශ්‍යතාවයක්.
ඒ වගේම වෙළෙඳපොළ ආර්ථිකයක් නිර්මාණය කරන්න ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන කඳවුරු නිර්මාණය වීමත් ඉතා වැදගත්.
ලිබරල් තරුණ ව්‍යාපාරයේ වත්මන් සභාපතිනි නාමිනී පණ්ඩිත ඇතුළු කණ්ඩායමට සුභ පැතුම්.
Liberal Youth Movement
පැතුම් කර්නර්
හරිත පෙරමුණ