ලී කොටයට කවන බුදු ගුණ.....!
මේක දෙරණ නිව්ස් එකෙන් ගත්තේ. එළකිරි එකේ අයත් එක්ක බෙදා ගන්න හිතුන.
බුද්ධ ප්‍රතිමා නෙළීම ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල සුලබ සිද්ධියකි. නමුත් ප්‍රමාණයෙන් විශාල ලී කොටයක එවැනි නිර්මාණයක් කිරීමද එතරම් පහසු කරුණක් නොවේ.
ඒ සඳහා කෙතරම් සන්සුන් මනසක් තිබිය යුතුද යන්න මෙය බැලූ බැල්මට ඔබට වටහා ගත හැකිය. පොළොන්නරුව සිරිසඟබෝ ගම්මානයේ පදිංචි 23 හැවිරිදි නලීන් වසන්ත තරුණයා සන්සුන් මනසින් දෑතේ හැකියාවෙන් කරන මෙම අපූරු නිමැවුමට දැනට මාස 3ක් පමණ ගතව තිබේ. එය සම්පූර්ණයෙන් නිර්මාණය කර අවසන් කිරීමට තවත් ටික දිනක් ගතවනු ඇතැයි ද අප වාර්තාකරු කියයි. 
හොඳින් වැඩුණු මාර ගසක අඩි 10ක් උස අඩි 6ක් පළල ලී කොටයක් මෙම උදාර කර්තව්‍යය සඳහා නලීන් වසන්ත තරුණයා යොදාගෙන තිබේ. මෙම නිර්මාණය දෙස බැලූ බැල්මට පෙනෙන්නේ කැටයම් නිර්මාණ ශිල්පියෙකු මෙවැන්නක් කිරීමට කෙතරම් සංයමයක් තිබිය යුතු ද යන්නයි.
රළු ලී කොටයකට බුදුගුණය, කරුණාව විදහා දැක්වීමට දරන උත්සහය කෙතරම් අගනේද යන්න මෙය දකින ඔබට නිතැතින්ම වැටහෙනු ඇත.
මොහු විසින් මෙම ප්‍රතිමාවට අමතරව තවත් ප්‍රතිමා කිහිපයක්ම නිර්මාණය කිරීමට පියවරගෙන ඇති බව අප වාර්තාකරු පැවසීය. මෙවැනි තරුණ කලා ශිල්පියෙකු පොළොන්නරුව සිරිසඟබෝ ගම්මානයට පමණක් නොව රටට ද වටිනා සම්පතක් ලෙස හැඳින්වීම වරදක් නොවේ.

මේක දෙරණ නිව්ස් එකෙන් ගත්තේ. එළකිරි එකේ අයත් එක්ක බෙදා ගන්න හිතුන.
බුද්ධ ප්‍රතිමා නෙළීම ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල සුලබ සිද්ධියකි. නමුත් ප්‍රමාණයෙන් විශාල ලී කොටයක එවැනි නිර්මාණයක් කිරීමද එතරම් පහසු කරුණක් නොවේ.
ඒ සඳහා කෙතරම් සන්සුන් මනසක් තිබිය යුතුද යන්න මෙය බැලූ බැල්මට ඔබට වටහා ගත හැකිය. පොළොන්නරුව සිරිසඟබෝ ගම්මානයේ පදිංචි 23 හැවිරිදි නලීන් වසන්ත තරුණයා සන්සුන් මනසින් දෑතේ හැකියාවෙන් කරන මෙම අපූරු නිමැවුමට දැනට මාස 3ක් පමණ ගතව තිබේ. එය සම්පූර්ණයෙන් නිර්මාණය කර අවසන් කිරීමට තවත් ටික දිනක් ගතවනු ඇතැයි ද අප වාර්තාකරු කියයි. 
හොඳින් වැඩුණු මාර ගසක අඩි 10ක් උස අඩි 6ක් පළල ලී කොටයක් මෙම උදාර කර්තව්‍යය සඳහා නලීන් වසන්ත තරුණයා යොදාගෙන තිබේ. මෙම නිර්මාණය දෙස බැලූ බැල්මට පෙනෙන්නේ කැටයම් නිර්මාණ ශිල්පියෙකු මෙවැන්නක් කිරීමට කෙතරම් සංයමයක් තිබිය යුතු ද යන්නයි.
රළු ලී කොටයකට බුදුගුණය, කරුණාව විදහා දැක්වීමට දරන උත්සහය කෙතරම් අගනේද යන්න මෙය දකින ඔබට නිතැතින්ම වැටහෙනු ඇත. මොහු විසින් මෙම ප්‍රතිමාවට අමතරව තවත් ප්‍රතිමා කිහිපයක්ම නිර්මාණය කිරීමට පියවරගෙන ඇති බව අප වාර්තාකරු පැවසීය. මෙවැනි තරුණ කලා ශිල්පියෙකු පොළොන්නරුව සිරිසඟබෝ ගම්මානයට පමණක් නොව රටට ද වටිනා සම්පතක් ලෙස හැඳින්වීම වරදක් නොවේ.