ලී බඩු බිස්නස්

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,268
    3,963
    113
    ඕක ගන්නවනම්ම විතරයි බන් කරන්න ගන්නේ 50% ඇඩ්වාන්ස් එකක් අරන්. . ඔයින් එකකට ලොකු කාලයක් යනවා ඒකයි අව්ල. .
    View attachment 107469
    [/QUOTE]

    මේකේ ඇද විට්ටම පට්ට ලොකුවට තියන එකේ වාසිය මොකක්ද බන් ? වටිනාකම වැඩියෙන් පෙන්වන එකද ?? අපරාදේ නේ බන් නිකම් ලල් එකේ වැඩ වලට ගස් නාස්ති කරන එක .
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,890
    1
    3,628
    113
    Moratuwa

    මේකේ ඇද විට්ටම පට්ට ලොකුවට තියන එකේ වාසිය මොකක්ද බන් ? වටිනාකම වැඩියෙන් පෙන්වන එකද ?? අපරාදේ නේ බන් නිකම් ලල් එකේ වැඩ වලට ගස් නාස්ති කරන එක .
    [/QUOTE]

    එහෙම වාසියක් නෑ පෙනුම තියෙනවා. . තේක්කනම් ලී බඩු හදන්නම වවන නිසා අව්ලකුත් නෑ. .
     

    KOBEYYA

    Junior member
  • May 29, 2015
    37
    6
    8
    අහ් මේ මොරටුමුල්ල පොලිසිය ඉස්සරහ එක. . ගිහින් ගාන අහලා බලන්න ඊට අඩුවෙන් කරලා දෙන්නම්. . ඕක ගන්නවනම්ම විතරයි බන් කරන්න ගන්නේ 50% ඇඩ්වාන්ස් එකක් අරන්. . ඔයින් එකකට ලොකු කාලයක් යනවා ඒකයි අව්ල. .
    එහෙමද, FB message එකක් දැම්ම ගාන අහල. මචං උඹට ගානක් කියන්න බැයිද මේකට?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,890
    1
    3,628
    113
    Moratuwa
    එහෙමද, FB message එකක් දැම්ම ගාන අහල. මචං උඹට ගානක් කියන්න බැයිද මේකට?

    මේ වෙලේනම් ඕක කරලා දෙන්න විදියක් නෑ බන්. . තිබ්බ ස්ටොක් සේරම ඉවරයි. . මේ ටිකේ ඒ ටික පුරවගන්න ඕනා. .
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    37,944
    1
    50,957
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    @XibitZ ඔය මොරටුවෙ ලී බඩු හදන අය ලී ගන්නෙ කොහෙන්ද? ලොකු ලී මෝල් වලින්ද? ගාණ අඩුවට තේක්ක ලී ගන්න පුලුවන් කොහෙන්ද?
     

    HmNRazor

    Well-known member
  • මේකට හෙන දිග කතාවක් කියන්න වෙනවා. . සරලව කියන්නම්. .
    ලක්සරි අයිටම් වල කොටස් දෙකයි. . පලමු කොටස ලක්ශයක් කොස්ට් වෙන එක 1යි 20ට විකුනන කොටස. . දෙවන කොටස 1යි 20ට තියෙන එක අරන් 2යි 40ට විකුනන කොටස. .

    ලක්සරි අයිටම් විකුනන අයගෙන් 99%ක්ම දෙවෙනි කොටසට අයිති අය. . එයාලා භාණ්ඩ නිශ්පාදනයක් කරන්නේ නෑ. . අන්න එයාලා නිශ්පාදකයා වෙත පාරිබෝගිකයන්ව නොයවන්න විවිද උපක්ක්‍රම බාවිතා කරනවා. . මොරටුවේ තියෙන්නේ බාල භාණ්ඩ කියන මතයත් එයාලම හදන එකක් එහෙම කියන ගමන් එයාලා බඩු ගන්නෙත් මොරටුවෙන්මයි. . ඔය දෙවන කොටස මොරටුවෙත් ඉන්නවා සොයිසාපාර පටන්ගත්ත තැන ඉදන් ඉන්නේ ඒ අය තමයි. . බොරු කියන්න ඕනේ නෑ මමත් ඒ දෙවන කොටසට ලීබඩු දෙනවා මොරටුවෙත් මොරටුවෙන් පිටත්. . එගොල්ලන්ට දෙන්නෙත් නොම්බර දෙක. . සමහර වෙලාවට ස්ප්‍රේ එකේ ෆිනිශින් එක වැඩි වෙනවා, ලෙයේ ගණකම වෙනස් වෙනවා, කුශන් රෙදි වගේ යොදවන අමුදව්ය වල කොලිටි එක වෙනස් වෙනවා. .

    නොම්බර දෙකේ අයිටම් එකයි ලක්සරි අයිටම් එකයි අතර වෙනස මෙහෙමයි. . තේක්ක ලීයේ එලේට ගුල්ලෝ ගහන්නේ නෑ. . ඕනම ලක්සරි අයිටම් එකක එල ටිකක් ගෑවිලා තියෙනවා. . මොකද එහෙම එල අයින් කර කර ලීබඩු හදන්න ගියොත් ලී වලින් ලොකු ප්‍රමානයක් අපතේ යනවා. . නොම්බර දෙකේදි ලීය උපරිම පිරිමහගන්නවා අනවශ්ය විදියට කපලා අයින් කරන්නේ නෑ එල ටිකක් වැඩිවෙන්න පුලුවන්. .
    අනිත්දේ බාවිතා කරන අමුද්‍රව්ය හොදම ඒවා යොදවනවා. . උදාහරනෙකට රු 380 ඉදන් කුශන් රෙදි තියෙනවා 2000 විතර වෙනකන්. . ලක්සරි ඒවට 1500 වගේ වෙන රෙදි යොදාගන්නවා. . නොම්බර දෙකට 550 වගේ රෙදි යොදාගන්නවා. . ස්ප්‍රේ එකෙත් ප්‍රදාන වර්ග දෙකක් තියෙනවා න්.සී , පී.යූ කියලා. . ඔය ලක්සරි අයිටම් වලින් 99ක්ම යන්නෙ න්.සී වලින්, නොම්බර දෙක යන්නෙත් න්.සී වලින්. . පී.යූ කරන්නෙම නැති තරන්. . නොම්බර දෙක ගොඩක් වෙලාවට සීලර් කෝඩ් 2යි ස්ප්‍රේ ෆිනිශින් එකට. . ලක්සරි එකේ සීලර් කෝඩ් 3ක් 4ක් වගේ වදිනවා. .
    ඔහොම විවිද වෙනස් කම් තියෙනවා එකින් එක කියන්න වෙලාවක් නෑ. .

    ඔය ලක්සරි කොලිටි කිය කිය විකුනන ඒවා ගොඩක් නොම්බර දෙකේ අයිටම්. . රබර් ලීයේන් කරපු අයිටමුත් ලක්සරි කිය කිය විකුනන්නේ. . මමනම් කියන්නේ නොම්බර දෙක අයිටම් හොදටම ඇති. . (නොම්බර දෙක කියන්නේ නොම්බර 3, 4 දර කබල් වලට නෙවේ) ඕනනම් ස්ප්‍රේ එකේ කොලිටි එක වැඩිකරගන්න, කුශන් රෙදිවල ගාන වැඩි කරගන්න, ලීයේ ගණකම වැඩිකරගන්න වගේ වැඩකට ඇති දෙයක් වැඩිකරන් ඒකට යන සාදාරන ගානක් දීලා කරගන්න එක වාසියි. . බොරුවට එක එකාගේ මාකටින් වලට අහුවෙලා තමන් අමාරුවෙන් අම්බකරනදේ නිකන් පුදන්න එපා. . මගේ කමෙන්ට් එක වැදගත් වෙන්නේ අමාරුවෙන් ගේමක් ගහන අයට. . උතුරන්න සල්ලි තියෙන අය නොම්බර දෙකේ අයිටම් එක ලක්සරි නෙවේ සුපර් ලක්සරි කියලා ගත්තත් මටනම් අව්ලක් නෑ. .

    මන් ලගනම් ලක්සරි කියන ජාතියේ බඩු නෑ. . අරගත්තම කරදරයක් නැතුව කාලයක් පාවිච්චි කරන්න පුලුවන්, ගනන් අඩු මම වගේ සාමන්ය එකෙක්ට ගැලපෙන බඩු විතරයි තියෙන්නේ. .

    මම හිතාන හිටියේ ඔය පිටරටින් ගෙන්නලා විකුනන්න තියන ඒවා (පහල වගේ) ලක්ශරි කියලා ඉස්තූතී පැහැදිලි කලාට

    82c8af639fb0f46320ebe8728362c788.jpg
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,104
    113
    oya wage ewa aran wikuna ganna amaru nedda ban? salli tika nikan yata karala eeta passe tikak kal giyama aul neda oya lee badu wage badu? design parana unama....
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,890
    1
    3,628
    113
    Moratuwa
    @XibitZ ඔය මොරටුවෙ ලී බඩු හදන අය ලී ගන්නෙ කොහෙන්ද? ලොකු ලී මෝල් වලින්ද? ගාණ අඩුවට තේක්ක ලී ගන්න පුලුවන් කොහෙන්ද?

    රාජ්ය දැව සංස්තාවෙනුත් ගන්නවා. . ඩිපෝ වලට ගිහින් ගන්නවා. .
    ගොඩක්ම ගන්නේ මිනිස්සු වවපුවා. . ගස් අරන් කොටන් පිටින් ගෙනත් විකුනන බිස්නස් එක වෙනම තියෙනවා මෙහෙ. . කොටන් පිටින් ලී විකුනන බිස්නස් කරන ලොකු පිරිසක් ඉන්නවා. . ඒගොල්ලෝ ගෙනල්ලත් විකුනනවා තව ලංකාව වටෙන්ම කොටන් පිටින් ගෙනත් එයාලට විකුනන පිරිසකුත් ඉන්නවා. .

    මම හිතාන හිටියේ ඔය පිටරටින් ගෙන්නලා විකුනන්න තියන ඒවා (පහල වගේ) ලක්ශරි කියලා ඉස්තූතී පැහැදිලි කලාට

    View attachment 107876

    ලොකු ටැක්ස් ගෙවලා අදික ලාබ තියන් විකුනන්නේ. . ලොකු ගනන් වෙනවා. .

    oya wage ewa aran wikuna ganna amaru nedda ban? salli tika nikan yata karala eeta passe tikak kal giyama aul neda oya lee badu wage badu? design parana unama....

    එහෙම වෙන්නේ නෑ බන්. . බඩුවක් මාස්කට දෙකකට වඩා තියෙන්නේ නෑ. . අපේ නම් සති 2ක් තියෙන්නෙත් නැති තරන්. . එහෙම ඩිසයින් පරන වෙන්නේ නෑ. . මාසෙන් මාසෙට අලුත් ඩිසයින් එන්නේ නෑ. .

    View attachment 107898View attachment 107899View attachment 107897

    mata mee wage door ekk hadaganna ooone machanla kiiyak yaida wadeeta ban THEEKKA LIIYEN

    උලුහව්, දොර, ජනෙල් හදන කෙනෙක්ගෙන් අහලා බලන්න වෙනවා. .
     

    Handuna

    Active member
  • May 20, 2020
    132
    97
    28
    තේක්ක 3/2/1 කත්‍රිනා සෙටිය. කීයක් වෙනවද?