
ලී බඩු ගැන පොඩි හරි දැනුමක් තියෙන කෙනෙක් නම් කත්රිනා සෙට් කිව්ව ගමන් මොකක් ගැනද මේ කියන්නේ කියලා දන්නවා...
නමුත් නොදන්න අයත් ගොඩක් ඉන්නවා. ඒ අයටත් දැනගන්න මේ මොකක්ද කියලා අපි දැනගමු....
මුලින්ම කියන්න ඕනේ මේ සෙටිය විසිත්ත කාමර සදහාම හදන එකක්...
සාමාන්‍ය මට්ටමේ පුද්ගලයොන්ගෙන් තමයි මේ සැටියට විශාල ඉල්ලුමක් තියෙන්නේ...
පහසු මිලට ලබාගැනීමට පුලුවන් නිසාත් කල් පැවැත්ම ඇති නිසාත් මෙහි ඉල්ලුමේ අඩුවක් නම් නෑ.
මුලික වශයෙන් මෙහි කොටස් 4යි.. තුන් දෙනෙක් ඉදගන්න සැටිය, දෙන්නෙක් ඉදගන්න සැටිය, එක්කෙනෙක් ඉදගන්න සැටිය සහ ස්ටූල් එක..
ඊට අමතරව කත්රිනා සෙට්ස් කියන කාන්ඩය යටතේ ඩිසයින් 30ක් 40ක් තිබෙනවා..
මේ සැටියක් ඔබ මිලදී ගැනීමට පෙර සැලකිය යුතු කරුනු ගනනාවක්ම තියෙනවා...
ප්‍රදානම දෙය ලීයේ වර්ගය.. අනිවර්යෙන්ම මේ සැටියක් ගන්නවනම් තේක්ක සැටියක්ම ගන්න...
නැත්තන් වෙන ලී වලින් හදපුවා අරන් ගුල්ලෝ ගැහුවා කියලනම් කියන්න එපා..
ඉලගට මේ සැටියේ ස්ප්‍රේ එක... ඒකනම් මැට් හෝ ශයින් ලෙස කරගන්න පුලුවන්.. මැට් එක තමයි හොද කල් පැවැත්ම වැඩියි.. පාට පිච්චෙන්නේ, අඩුවෙන්නේ නෑ..
ස්ප්‍රේ එක කරනකොට අනිවාර්යෙන්ම ලැකර් ස්ප්‍රේ එක කරගන්න.. ඒක වතුරට ඔරොත්තු දෙනවා.. පොලිශ් දාලා ස්ප්‍රේ එක කලොත් වතුර හැලුනම ඒ තැන් සුදුපාට වෙන්න පුලුවන්..
පොලිශ් වල පාටත් ඉක්මනට පිච්චෙනවා. පොලිශ්වලා කාලය දැන් ඉවරයි..
ඊලගට කුශන් එකට දමා ඇති රබර් කොට්ට හෝ ශීට් මොනවද කියලා දැනගන්න ඕනා.. හුගක් ලීබඩු ශොප්ස් වල 99% දාන්නේ බාල රබර් එකක්.
එකෙන් කරපු සැටියක් ගත්තොත් උපරිම මාස 6 තමයි... ඒ නිසා මේ රබර් එක ගැන සැලකිලිමත් වෙන්න...
බය නැතුව අහන්න මේ සැටියෙ කුශන් එකට දාලා තියෙන්නේ හොද රබර් එකද බාල රබර් එකද කියලා...
ඒත් ඉතින් හොද එක කියලා කියන ශොප්ස් 99% කම දාන්නේ බාල රබර් එකම තමයි...
ඉලගට කුශන් රෙද්ද. ඒකනම් වර්ග ගනනාවකින් තියෙනවා..
ඒකනම් එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නෑ.. රෙදි වර්ගය අනුව සැටියේ මිල වෙනස් වෙනවා...
ඉලගට දැනගන්න ඕනා කුශන් එක ගසා තියෙන අපි ඉදගන්න බක්කිය ලී වලින්ද දාලා තියෙන්නේ බෝඩ් වලින්ද කියලා...
මේ බක්කියනම් අනිවාර්යෙන්ම ලී වලින් දාලා තියෙන්න ඕනා. ගොඩක් වෙලාවට දාන්නේ ඇල්බීසියා ලීය..
ඒ ලීය හොදයි බක්කියට අවුලක් නෑ..
බෝඩ් වලින් දාපු බක්කියක් තියෙන සැටිනම් ගන්න එපා.. වතුර ටිකක් හැලුන ගමන් බක්කිය කඩලා යනවා...
ඉලගට පිට ඇන්ද තියෙන කුශන් එක.. ඒකනම් බෝඩ් එකක් උඩ තමයි කුශන් කරන්නේ.
ඒකට වෙන විකල්ප නෑ.. මමනම් ඒ බෝඩ් එක සීලර් කරනවා.. එහෙම නැතුව නිකන්ම තිබුනොත් ඒ බෝඩ් එකට පුස් අල්ලනවා...
සීලර් නොකලොත් කාලයක් ගියාම මේ ඇන්දට තට්ටුවක් දැම්මොත් දුමක් වගේ බෝඩ් එකේ බැදුනු පුස් පෙනේවි.
අනිත් දේ තමයි සැටි එකේ යටට අනිවාර්යෙන්ම රෙද්දක් ගහලද බලන්න ඕනා. ගොඩක් අය මේ චපටා රෙද්ද ගහන්නේ නෑ..
ඒ රෙද්ද ගහලා තිබුනේ නැත්තන් සැටිය ඇතුල හුනන්ට, මකුනන්ට නිවහනක් වෙයි..
ඔය උඩ විස්තර කල විදියේ සැටියක් අවම අවුරුදු 10ක් වත් පාවිච්චි කරන්න පුලුවන්..
ඊලගට මිල..
උඩ දාලා තියෙන සැටියක මොරටුවේ තොග මිල රු: 30000/= ඉදන් ඉහලට තමයි තියෙන්නේ.
වර්ගය අනුව මිල වෙනස් උපරිමය 45000/= වෙනකන් තියෙනවා...
උඩ සුදුසුකම් නැති සැටියක් නම් තොග මිල 30000/= ට අඩුවෙන් ගන්න පුලුවන්.. ඒත් කල් පැවැත්ම අඩුයි.
මොරටුවෙන් ලී බඩු ගන්නවනම් ලීබඩු ශොප්ස් තියෙන පාරවල් 2ක් තියෙනවා.
සිල්ලර මිල ගනන් වලට සොයිසා පාරෙත්, තොග මිල ගනන් වලට ශ්‍රි ප්‍රේමරතන මාවතෙත් තියෙනවා...
සිල්ලර මිල 45000 වන සැටියම තොග මිල 35000ට ගන්න පුලුවන්.. තෝරා ගැනීම ඔබ අතේ...



වැදගත් කියලා හිතෙනවනම් ෆේස්බුක් පේජ් එකට ලයික් එකක් දාන්න

https://www.facebook.com/nipunfurnituremoratuwa
Last edited: