ලේ දන් දෙමු
අද කියන්න යන්නේ ලේ දන් දීමෙන් අපට ලැබෙන වාසි ගැන. කවුරුත් ලේ දන් දෙන්නේ තමන්ට වාසියක් බලාගෙන නෙමේ කාගේ හරි ජිවිතයක් බේරගන්නනේ. ඒ උනත් ලේ දන් දීමෙන් අපිට වගේම රුධිරය ලබාගන්න කෙනාටත් සෙතක් තමා වෙන්නේ එහෙනම් බලමු මොනාද අපිට ලැබෙන වැසි කියල
1. රුධිරයේ ඇති යකඩ ප්‍රමාණය පාලනය කරයි
ඔබ බියද රුධිරය දන් දීම නිසා ඔබේ යකඩ ප්‍රමාණය අඩු වී රක්තහීනතාවය සහ ප්‍රතිශක්තිය අඩුවීම වැනි රෝග වලට ඔබ ගොදුරු වෙයි කියා. එක රුධිර දන්දිමකින් අපගේ රුධිරයේ මුළු යකඩ ප්‍රමාණයෙන් ග්‍රෑම් 1/4 පමණ අඩු වෙනවා. ලේ දන් දීම නිසා අතිරික්ත යකඩ ඔබේ ශරීරය ඉවත් කිරීම සඳහා උපකාරී වීම ශ්රේෂ්ඨතම ප්රතිලාභයන්ගෙන් එකකි. ඔසප් වීම නිසා කාන්තාවන්ට අඩුවෙන් හෘදයාබාධ ඇති වේ. මෙයට හේතුව හෝමෝන තත්වයන් නිසා නොව රුධිරය පිටවීම නිසා යකඩ ප්‍රමාණය අඩුවීමයි.
2. හෘදයාබාධ අඩුකරයි
නිතිපතා ලේ පරිත්යාග කිරීම විශේෂයෙන් පිරිමි ජනගහනයට,ශරීරය තුල යකඩ මට්ටම් පවත්වා ගැනීමට උපකාරිවෙ. මෙය හෘද රෝග අඩු කිරීම සඳහා වැදගත්වේ. යකඩ ශරීරයේ නිසි ක්රියාකාරීත්වය සඳහා අත්යවශ්ය අංගයක් වුවද, අධික යකඩ ගොඩනැඟීම අධික ඔක්සිකාරක හානි වලට හේතු විය හැකිය. ඔක්සිකාරක හානි ඔබව කඩිනම් වයසට යෑම, හෘදයාබාධ ඇතිකරයි.
3. කැලරි දහනය කරයි
ලේ දන්දීමේන් ඔබේ දේහයේ කැලරි 650 අඩුකිරීමට උපකාරී වේ. මෙය ඔබේ ශරීරයේ බර පාලනය කිරීම සඳහා ඔබට ආධාර කරයි. කෙසේ වෙතත්, ලේ මාසයකට වරක් මාස දෙකක් හෝ මාස තුන කට වරක් ඔබට ආරක්ෂිතව ලේ පරිත්යාගය කර හැක. මෙය ඔබේ සෞඛ්ය තත්ත්වය සහ ඔබේ ලේ හිමොග්ලොබින් සහ යකඩ මට්ටම් මත රඳා පවතිනු ඇත.
4. රුධිර සංසරණය පහසු කරයි
ඔබ මානසික ආතතිය, කාංසාව, රුධිර කොලෙස්ටරෝල් ප්රමාණය, ඉහළ යූරික් අම්ලය මට්ටම්, ඉහළ සීනි ආහාර, දුම් පානය ඔබේ රුධිරයට් කරන බලපෑම දන්නවාද?
මේවා නිසා ඔබේ රුධිරයේ පීඩනය වැඩිවේ ලේ කැටියක් සිරවුවහොත් ඔබට ආඝාත වුනත් සැදෙන්න පුළුවන්. ඉතින් ලේ දන් දීම නිසා ධමනි වල ඇතිවම අවහිරතාවයන් ගොඩක් දුරට මග හරවගන්න පුළුවන් මේ නිසා සයිල වලට හොදින් ඔක්සිජන් ලැබෙනවා වගේම ඔබේ රුධිරය කාර්යක්ෂමව සංසරණය වී ඔබව හෘදයාබාධ වලට ලක්වීමද අඩුකරයි
5. පුර්ණ සෞක්‍ය පරීක්ෂාවක් නොමිලේම කරගන්න පුළුවන්
ලේ දන්දීමට පෙර ඔබ්ගේ සෞක්‍ය පරීක්ෂාවට ලක්කරනවා මෙමගින් ඔබට බෝනොවන රෝග 13ක් බෝවන ඒඩ්ස්, හෙපටයිටිස් B හා C, බටහිර නයිල් වෛරසය වැනි රෝග, සිපිලිස් වැනි රෝග ගැන ඔවුන් අවදානය ලක්කරනවා මේ නිසා ඔබට ඉක්මනින්ම ඔබට රෝගයක් වැළදීමට අසන්න දැයි දැනගැනීමට පුළුවන්.
6. ආයු වඩවයි
පරහිතකාමී හේතු සදහා ඉදිරිපත් වන අය, එනම් තමන්ට වඩා අන් අයට උපකාර කිරීම නිසා තවදුරටත් වැඩි ආත්ම ශක්තියක් ඇති නිසා ඔවුන් අන් අයට වඩා ජීවත් වන බව පෙනී යයි.
Hobbit_එකේ_ගෝනා
http://www.elakiri.com/forum/showthread.php?p=17886341
මහා නෂ්ට වීම
http://www.elakiri.com/forum/showthr...7#post17877287
වාහනෙන් දුම් දානවද?
http://www.elakiri.com/forum/showthr...5#post17881555
ත්‍රෙඩ් එකේ අරමුණ රුධිරය දන්දීමෙන් ලැබෙන ප්‍රතිලාබ සහ රුධිරය දන් දීමේ පිරිස වැඩිකිරීම http://www.elakiri.com/forum/showthread.php?p=17886341
මහා නෂ්ට වීම
http://www.elakiri.com/forum/showthr...7#post17877287
වාහනෙන් දුම් දානවද?
http://www.elakiri.com/forum/showthr...5#post17881555
වැරදි ඇතොත් නිවරදි කරන මෙන් කරුණාකර ඉල්ලා සිටිමි
උපුටා ගැනීමක් නොවේ




