ලොකුම කුඩ්ඩෙක් කුඩු ගැන කියන කතාව

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ලොකුම කුඩ්ඩෙක් කුඩු ගැන කියන කතාව

    ඇමැති ජෝන් - පාතාලය ගැන
    ඩිලාන්ගෙන් ප්‍රශ්න කිරීම යුගයේ හොඳම විහිළුවයි
    - නිමල් ලාන්සා (එජනිස)

    කටුනායක - ආනන්ද නිශ්ශංක

    පරණ පිනකට පිං ඇමැතිකමක්‌ ලැබුණ ජෝන් අමරතුංග අද ඩිලාන් පෙරේරා මහතාගෙන් පාතාලය පිළිබඳ ප්‍රශ්න කිරීම යුගයේ හොඳම විහිළුව යෑයි ගම්පහ දිස්‌ත්‍රික්‌ එජනිස අපේක්‍ෂක නිමල් ලාන්සා මහතා සඳහන් කළේය.

    කටාන ආසනයේ එජනිස පක්‍ෂ ක්‍රියාකාරීන්ගේ හමුවක්‌ අමතමින් ඉකුත් 02 වැනිදා මේ බව ප්‍රකාශ කළ නිමල් ලාන්සා මහතා එහිදී මෙසේ ද පැවැසීය.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්‌ඩුව කාලේ පාතාලකාරයෝ ඔක්‌කොම රටින් පැනලයි හිටියේ. ආරක්‍ෂක ලේකම් විදිහට එදා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ක්‍රියාත්මක කරවපු මෙහෙයුම්වලට බය වෙලයි පාතාලයෝ රට පැනලා ගියේ.

    ඒත් මහජන බලයක්‌ නැතුව පිහිටුවා ගත්ත යහපාලන පිං ආණ්‌ඩුව ආපු දා ඉඳන් පාතාලය ආයෙත් හිස ඔසවන්න ගත්තා. යහපාලන ආණ්‌ඩුව කළේ පාතාලකාරයෝ ළඟට අරගෙන ඔලුව අතගාලා පෝෂණය කරන එකයි.

    අද පොලිසිය භාර ඇමැති ජෝන් අමරතුංග කතා කරන්නේ අඩ නින්දෙන් ඇහැරිලා වගෙයි. පාතාලය කියන වචනය ඇහුවෙත් අද වගෙයි ඇමැති ජෝන් හැසිරෙන්නේ.

    මේ පොලිස්‌ ජෝන් ඇතුළු එක්‌සත් ජාතික පක්‍ෂයේ දේශපාලනඥයොම තමයි ඉතිහාසයේ ඉඳලම පාතාලය පෝෂණය කළේ.

    සොත්ති උපාලිලා, ගෝනවල සුනිල්ලා, තුම්මුල්ලේ පද්මෙලා වගේ පාතාලකාරයො එජාප තොටිල්ලෙ නැලවුණ හැටි මේ රටේ ජනතාවට අමතක නැහැ.

    මේ රටට මත් කුඩුයි පාතාලයයි හඳුන්වලා දුන්නේ එක්‌සත් ජාතික පක්‍ෂය.

    මේ වෙනකොට ජෝන් අමරතුංගගේ ඡන්ද ව්‍යපාරය කරන්නෙත් රටේ නම ගිය පාතාල අපරාධකාරයෝ එකතුවෙලා හදාගත්ත කල්ලියක්‌.

    පොලිස්‌ ජෝන්ගේ ගෙදරම තමයි මේ දවස්‌වල ඒ වැඩි පිරිසක්‌ පදිංචි වෙලා ඉන්නේ.

    පොලිස්‌ ජෝන්ලා කරපු ආරාධනා මත තමයි පසුගිය කාලේ රට පැනලා හිටපු පාතාලකාරයෝ ආයෙත් ලංකාවට ඇවිත් තමන්ගේ සුපුරුදු වැඩ පෙන්වමින් ඉන්නේ.

    බ්ලුමෙන්ඩල් සිද්ධිය ඒකට හොඳම උදාහරණයක්‌. පාතාලෙ වපුරන ජෝන්ලා හිටපු ඇමැති ඩිලාන් පෙරේරා මහතාගෙන් පාතාලය ගැන ප්‍රශ්න කරනවට වඩා එජාපයේම ඉන්න දේශපාලනඥයන්ගෙන්ම ඒ පිළිබඳ ප්‍රශ්න කළා නම් පාතාලයේ අලගිය මුලගිය තැන් ඔක්‌කොම දැනගන්aන පුළුවන් යෑයි ද නිමල් ලාන්සා මහතා අවධාරණය කළේය. මෙම අවස්‌ථාවට පළාත් සභා මන්ත්‍රී ආනන්ද හරිස්‌චන්ද්‍ර මහතා ඇතුළු පක්‍ෂ ක්‍රියාකාරීන් රැසක්‌ සහභාගි වී සිටියහ.


    http://www.divaina.com/2015/08/05/news08.html

    ලොකුම කුඩ්ඩෙක් කුඩු ගැන කියන කතාව .පව් බන්.මොන පක්ෂෙන් කුඩු ගෙනාවත් වැරදියි .ඒවුනාට මුන් කිසි ලැජ්ජාවක් නැතුව කියන විදිය.
     
    • Like
    Reactions: chathu05

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සොත්ති උපාලිලා, ගෝනවල සුනිල්ලා, තුම්මුල්ලේ පද්මෙලා වගේ පාතාලකාරයො එජාප තොටිල්ලෙ නැලවුණ හැටි මේ රටේ ජනතාවට අමතක නැහැ.
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,081
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    සොත්ති උපාලිලා, ගෝනවල සුනිල්ලා, තුම්මුල්ලේ පද්මෙලා වගේ පාතාලකාරයො එජාප තොටිල්ලෙ නැලවුණ හැටි මේ රටේ ජනතාවට අමතක නැහැ.
    x2
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    සොත්ති උපාලිලා, ගෝනවල සුනිල්ලා, තුම්මුල්ලේ පද්මෙලා වගේ පාතාලකාරයො එජාප තොටිල්ලෙ නැලවුණ හැටි මේ රටේ ජනතාවට අමතක නැහැ.
    x3
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඇයි බන් රවියා කිව්වේ අහිංසක සම්පත් ආමි සම්පත් ලෙස හදුන්වන එක වැරදියි කියලා.
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඇයි බන් රවියා කිව්වේ අහිංසක සම්පත් ආමි සම්පත් ලෙස හදුන්වන එක වැරදියි කියලා.

    මුන් ඔක්කොම එකයි බන්.අර ජෙප්පන්ටත් දීලා බලන්න ඕනේ ,ඕන මගුලක් කියලා