මෙහෙම පැත්තකුත් තියෙනවනේ..
සමහරු ඉන්නවා කිසිම මුදලක් නෑ අතේ... යැපෙන්නේ තවම දෙමව්පියන්ගෙන් නැත්නම් job කට්ටක් කරන යාළුවන්ගෙන්.. ඒ වුනාට කෙල්ල බලන්න යන්නේ කාගෙන් හරි ඉල්ල ගත්තු කාර් එකක..ඇඳගෙන යන්නේ ගොඩක් වටිනා ඩෙනිමක් සහ ටී එකක්..දාගෙන යන්නේ ඉස්තරම්ම brand name fragrance එකක්...
ඉතින් කෙල්ල ඔය වගේ දවසට ලොකු තෑග්ගක් බලාපොරොත්තු වෙන එකේ අසාධාරණයක් නෑ..මොකද කෙල්ලත් ගජ රාමෙට සිහින ලෝකේ ඉන්නේ පොහොසත් කුමාරයෙක් ගැන හිත හිතා පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහින් තමන්ගේ යාළුවන්ට පුරාජේරු කිය කියානේ..
විකිනෙන හා විකුනන ඔය ආදරය සම්පූර්ණයෙන්ම තම තමන් රවටා ගැනීමක්...
සැබෑ කියා ගන්නා මුදල් මතම යැපෙනා ආදරවන්තයින්ට වඩා සිටිය යුත්තේ බුද්ධිමත් අව්‍යාජ දෙදෙනා ගැන අවබෝධයෙන් සැදි මුදලට යට නොවන පෙම්වතුනුයි..
මට හිතා ගන්න පුළුවන් ඔය කියන පෙම්වතුන්ගේ දවසට කොච්චර නම් මුදල් කන්දරාවක් කොල කෑලිවලට...මල් පොකුරු වලට හා අනෙකුත් සරුව පිත්තල හීනවලට එදාට නාස්ති වෙනවද කියල??
අනේ එදා වේල කන්න නැති ගෙදරින් එලියට දාපු අසරණ තාත්තා කෙනෙකුට..දරුවට පොවා ගන්න කිරි පැකට් එකක් ගන්න බැරි අම්මා කෙනෙකුට ඔය කියන පෙම්වතුන් දෙන්නම අතින් මොනව හරි යමක් බෙදා දුන්නොත් ඒක කොච්චර නම් අගේ ඇති පිංකමක් වෙයිද..
එහෙම උපකාරයකට සම්මාදම් වුනාම ඒ මුහුණුවල ඇඳෙන අහිංසක සතුටු සිනාවම ඇති නේද චිරාත් කාලයක් එම පෙම්වතුන් යුවලට ආදරෙන් බැඳිල ඉන්න...
තවත් හොඳ නිර්මානයක්..දිගටම ලියන්න මල්ලියා..ඔබට ජය..