ලොකු දේවල්.

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අපිට එක එක දේවල් වල තරම අඩි අගල් වලින් කිව්වට එච්චර වැටහීමක් නෑ. ගොඩක් හොදට තේරුම් ගන්න පුලුවන් වෙනත් දෙයක් එක්ක සන්සන්දනය කරල කීවොත් තමයි. පහුගියදාක ඩේවිඩ් ෆ්රීමන් කියන නිර්මාණ ශිල්පියා එක එක දේවල් අපිට හුරුපුරුදු දේවල් එක්ක සන්සන්දනය කරල අපූරු නිර්මාණ කිහිපයක් එලිදක්වල තියෙනව. මේ තියෙන්නෙ ඒවා සරල සිංහල පැහැදිලි කිරීමක් සමග. මේවා ගොඩක් සන්සන්දනය කර්ලා තියෙන්නෙ ඇමරිකාවෙ තියෙන දේවල් එක්ක. ලංකාවෙ එහෙම දෙයක් නැති නිසාත් මෙම සන්සන්දනය රසවත් නිසාත් තමයි පරිවර්තනය කලේ.:yes:

    2cykvtv.jpg


    1. ඩයොනීසිස් කියන්නෙ ඇපලෝ ග්රාහක වලල්ලෙ තියෙන කිලෝ මීටර් 1.5 පලල ඇස්ටොරොයිඩයක්. මෙහි තිබෙන අධික වටිනාකමක් සහිත මූලද්රව්ය නිසා එහි වටිනාකම ඇමරිකන් ඩොලර් 2,600,000,000,000 ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.මෙම ඇස්ටරොයිඩය ඇමරිකාවේ ගොල්ඩන් ගේට් පාලම ලගින් තිබුවහොත් එහි ප්රමාණය පාලමේ ආධාරක කණු දෙක ඉක්මවා යන්නේ නෑ.:eek:

    vemccm.jpg


    2. මල තරුවක් කියන්නේ තවම සංකල්පයක්. (මල තරුවක් කියන්නෙ තරුවක ආයුකාලය ඉවර වෙලා තරුවක් හැකිලිලා හැකිලිලා අන්තිමට ඉතුරු වන ශක්තියක් නැති සුදු පැහැති හෝ කලු පැහැති ගෝලාකාර ව්යුහය.) මෙවන් මල තරුවක් ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්රාන්තයට උඩින් තිබ්බොත් පලල ෆ්ලොරිඩා ප්රාන්තය.:shocked:

    xnhfk0.jpg


    3. 3. ලෝකයේ දිගම තෙල් නැව තමයි සීවයිස් ජයන්ට් (මුහුදු යෝධයා) කියන්නෙ. මේ නැව අඩි 1504ක් දිගයි. මේ නැව ඇමරිකාවෙ නිව්යෝර්ක් වල තියෙන සෙන්ට්රල් පාක් උද්යානයේ ජලාශයේ දැම්මොත් දෙපැත්තෙන් අඩි 350 ගානෙ ඉතුරු වෙනව:yes:
    .
    30u7el5.jpg


    4. මීර් පතල කියන්නෙ රුසියාවෙ තියෙන ගැබුරුම පතලක්.එය අඩි 1722 ක් ගැබුරුයි. ඇමරිකාවෙ තියෙන දෙවනියට උසම ගොඩනැගිල්ල වන සියර්ස් ගොඩනැගිල්ල මේ පතලෙ හිටෙව්වොත් පේන්නෙ මෙහෙමයි. මුදුනෙන් අඩි 7ක් විතරයි උඩට එන්නෙ.;)

    2mx1g04.jpg


    5. ප්රාග් අයිතිහාසික යුගයේ වායුගෝලයේ තිබුනු වැඩි ඔක්ශ්ජන් ප්රතිශතය නිසා කෘමි සතුන් දැනට වඩා ඉතා විශාලයි. පුල්මොනොකෝපියස් ක්රික්ටොන්සිස් කියන්නෙ ඒ වගේ ප්රාග් එතිහාසික විශාල ගෝනුස්සෙක්. මේ තියෙන්නෙ ඒ ගෝනුස්සා බලලුන් සමග සන්සන්දනය කිරීමක්.:shocked::shocked::shocked:

    2hgelj9.jpg


    6. බී 2 වර්ගයේ බෝම්බ හෙලන යානා දැනට ලෝකයේ තියෙන අති නවීනතම, අධික වටිනාකමින් යුක්ත ගුවන් යානයක්. මෙම යාන්වා ඉතා විශාලයි. මෙහි තටු දෙක අතර පරතර අඩි 172 ක්. එය සාමාන්ය ෆුට්බූල් ක්රීඩාංගනයකට වඩා අඩි 24ක් පලලයි.:cool:

    idvc0g.jpg


    7. ලෝකප්රසිද්ධ ටයිටැනික් නවුකාව එය නිම කල දින වල්දී ලෝකයේ තිබුනු විශාලම නව්කා අතරින් එකක්. ඒ කාලෙත් එක්ක බලද්දි දැන් කාලෙ නැව් ප්රමානය අතින් සහ තාක්ශනය අතින් ඉදිරියෙන් ඉන්නෙ. ටයිටැනික් නැවේ මුලු දිග අඩි 882 යි අගල් 9ක් . ඇමරිකානු නාවික හමුදාවේ යූ.එස්.එස්. රොනල්ඩ් රේගන් ගුවන් යාන ප්රවාහක නැව අඩි 1092ක් දිගයි. ටයිටැනික් නැව රොනල්ඩ් රේගන් නැවේ තට්ටුව මත තිබ්බා නම් ඔය විදියටයි පෙනෙන්නෙ.අඩි 210ක් ඉතුරුත් වෙනවා.;)

    311qult.jpg


    8. බර්ජ් කලීෆා කියන්නෙ ලෝකෙ දැනට තියෙන උසම ගොඩනැගිල්ල. ඩුබායි වල තමා තියෙන්නෙ. අඩි 2722 ක් උසයි. එය ලෝක වෙලද මද්යස්තාන කුලුනට වඩ අඩි 100කුත්, එම්පයර් එස්ටේට් බිල්ඩිමට වඩා අඩි 1300කුත් උසයි. බර්ජ් කලීෆා ගොඩනැගිල්ල නිව්යෝක් ටවුන් එක මැද්දෙ හිටෙව්වනම් ඔය වගේ තමා පේන්න.
    1t0qk5.jpg

    9. එම් 1 කියන්නේ නාසා ආයතනය විසින් 1950 දී අභ්යාවකාශ වැඩසටහන වෙනුවෙන් නිශ්පාදනය කරපු රොකට් මෝටරයක්. මෙහි සාමාන්ය පලල අඩි 14ක්. ඒ කියන්නෙ පොඩි කාර් එකක් ගේමක් නැතුව මේ මෝටරේකින් වහන්න පුලුවන් තව දෙපැත්තෙන් අඩි දෙක දෙක ඉතුරු වෙන්න.:lol:

    2z9e3wi.jpg


    10. පිටසක්වල ජීවය පිලිබදව කුතුහලයෙන් යුතු මිනිසා දවසෙන් දවස විශාල රේඩියෝ දුරේක්ශ නිපදවනවා. දැනට විශාලම එක තියෙන්නෙ චීනයේ ගුවැංශු ප්රාන්තයේ.මෙහි පරිධිය අඩි 1600කට මදක් වැඩියි.ඒම දුරේක්ශය ඇමරිකාවේ ලාස් වේගාස් ටවුන් එක මැද්දෙන් තිබ්බොත් ඔය වගේ තමා පේන්නේ. ගොඩනැගිලි ගනනාවක් වැසී යනවා.:yes::yes:

    මූලාශ්රය:http://www.huffingtonpost.com/entry...tar_us_57ec0509e4b024a52d2c3aa7?ir=Good+News&
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    1t0qk5.jpg



    මෙතනින් නේද රොකට් එකේ ගින්දර පිටවෙන්නෙ ?
    මේක ගැන තව විස්තර ටිකක් කියපල්ලකො :)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ෆොටෝස් ටික නම් දැකල තිබ්බ ඒත් ලස්සනට පරිවර්තනය කාලාට ස්තුති :) +16