ලොකු_පොඩි_සැමට...!
ලොකු පොඩි සැමට...!
පිටකොටුව නොරිස් පාරේ කරච්චලය දැන් ඉවරයි. පදික වේදිකාව නිදහස්. දැන් අපි නිදහසේ කනක් ඇහිලා පාරේ යනවා යයි කියා බොහෝ දෙනා සතුටු වෙති.
එහෙත් එදා කාලයේ පිටකොටුවේ පාර අයිනේ බඩු විකිණීම බලා ඉඳීමත් හරි සතුටකි.
අප මේ කියන්නට යන්නේ එක් තරුණ වෙළෙන්දෙකු කාන්තාවන්ගේ බ්රෙසියර් හෙවත් තනපට අලෙවි කළ ආකාරයයි.
බ්රෙසියර්, බ්රා, තනපට ආදිය නවීන නම් ය. ඒ කාලයේ කීවේ බොඩිය කියලාය. අදත් අපේ ගම්වල කාන්තාවෝ බ්රා වෙනුවට බොඩි අඳිති. දැන් ඉතින් අර බ්රෙසියර් විකුණන කොලුවා බ්රෙසියර්, බ්රෙසියර් කියා කෑ ගසන්නේ නැත. ලැජ්ජාව නිසාදැයි අප ඇසුවේ නැත. ඔහු බ්රෙසියර් අතේ කරේ එල්ලාගෙන “සිලින්කෝ, සිලින්කෝ” කියා මොර දෙන්නේය.
කට තියාගෙන ඉන්න බැරි මනුස්සයෙක් “මොකද හලෝ සිලින්කෝ කියල බ්රෙසියර් විකුණන්නේ” කියලා ප්රශ්න කළා.
”සිලින්කෝ - සිලින්කෝ - සිලින්කෝ ඉන්ෂුවරන්ස් - ලොකු පොඩි සැමට රැකවරණ” බ්රෙසියර් වෙළෙන්දා පිළිතුරු දුන්නේය.
ප්රශ්නය ඇසූ එකා පැත්ත පළාතේ නැත.
රෝස පාට බ්රෂ් එක කාගෙද ?
බාත්රූම් එකේ සිට එළියට ආ පුංචි සමන් ‘කාගේද මේ රෝස පාට බුරුසුව‘ කාටත් ඇසෙන සේ ඇසීය.
මව ටිකක් සැකමුසුව පිළිතුරු දෙමින් ‘ඒක මගේ, ඔයා ඒක ටොයිලට් එකට දැම්මද’ කියා ඇසුවාය.
‘අද නෙවෙයි ඊයේ’ සමන් පිළිතුරු දුන්නේය.
සැමියාට එරෙහිව බිරිඳ
සැතපුම් ගණනාවක් දුර රිය පැදවුවද එහි සිටින යුවල අතර කිසිම කතාබහක් නැත. පෙර සිදු වූ සාකච්ඡාවක් කෙළවර වී තිබුණේ වාදයකින් නිසාවෙනි. දෙන්නාගෙන් එක් කෙනෙක්වත් බාල්දු වීමට කැමති වූයේ නැත. හරකුන්, එළුවන්, ඌරන්ගෙන් පිරුණු සත්ව ගොවිපලක් පසු කරද්දී සැමියා උපහාසාත්මකව බිරිඳගෙන් මෙසේ ඇසුවේය. ‘ඒ ඔයාගේ නෑයෝ ද ?’‘ඔව්’ බිරිඳ පිළිතුරු දුන්නාය. ‘බැන්දයින් පස්සෙ ඇතිවෙච්චි නෑදෑයෝ’
හොඳනම් රෙප් එකකුත් දීලා යන්න................