ලොරි talk Mitsubishi vs Isuzu

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    සෑහෙන ගොඩක් උන් ලොරි ටෝක් දීලා. නොදන්න දන්න සේරමලා. මට ප්‍රශ්ණයක් තියෙනවා දන්න එකෙක් කියහන්කො.

    ඇයි බ්‍රෑන්ඩ් නිව් එව්වා ඇසෙම්බල් කියන්නේ? එව්වගේ පොතේ මැලේසියන්/තායිවාන් කියලද එන්නේ (බ්‍රෑන්ඩ් නිව් ලොරියක් තියෙන එකෙක් විතරක් උත්තර දියන් ඕකට ). ඇයි බ්‍රෑන්ඩ් නිව් එකේ චැසි හයිය නෑ කියන්නේ? එයා බෑග් අනිවාර්‍ය සීන් එකක් ලඟදි කිව්ව නේ. එතකොට බ්‍රෑන්ඩ් නිව් එව්වට එහෙම ප්‍රශ්ණ නැතෙයි?

    සේරටම වඩා.., ඇයි සෙකන්ඩ් හෑන්ඩ් බ්‍රෑන්ඩ් නිව් එව්වා මාකට් නැත්තේ?

    ඉසුසු මිට්සුබිෂි ලොරි වල නම් ඇසෙම්බල් කතාවක් නෑ. දෙකම හදන්නේ ජපානේ. ලංකාවට ගෙන්නන්නෙත් ජපානෙන්. පොතේ තියෙන්නේ නිෂ්පාදිත රට ජැපෑන් කියල.

    බ්‍රෑන්ඩ් නිව් වල චැසි සම්බන්දව නම් පොඩි අවුලක් තියෙනව. චැසි කැඩුන ලොරි දෙකක් මම දැකල තියෙනවා. දෙකම අඩි 14.5. අඩි 10.5 ට නම් චැසි වල අවුලක් නෑ මම දන්නා තරමට.


    බ්‍රෑන්ඩ් නිව් එකේ චැසි හයිය නෑ කියලා එහෙනම් අද අහගනින්. උඹ එක්කො ජපන් ඉසුසුවක් එක්ක බ්‍රෑන්ඩ් නිව් එකක් කම්පෙයා කරලා නෑ. නැත්තම් ඔය දෙකේ වෙනස දන්නේ නෑ. මෙහෙ උන් දන්නේ මැනුවල් පොම්පයි දුනුයි ඔප්ශන් නැති එකයි විතරයි. වී අදින්න එහෙම බ්‍රෑන්ඩ් නිව් ගත්ත එකෙක් ඉන්නව නම් අහලා බලපන් ලොරියට කොච්චර ලෝඩ් එක දානවද කියලා. අනික මාකට් එක. එව්වා ඉතින් කිව්වට බෑ අරන්ම බලහන්. ආයෙ දෙන්න යද්දි මතක් වෙයි එතකොට මේ කිව්ව එක. ;) ජපන්නු හොඳ වාහන හදාගෙන එහෙ දුවනවා. මෙහෙ සිංහලුන්ට එක එක රටවල් වලින් ඇසෙම්බල් කෑලි ගෙන්නලා අමුණලා දෙනව. රෙවෝඩ් සීරීස් එකේ එක ලොරියක් ජපානෙ දුවනව නම් පොඩ්ඩක් සාක්ෂි ඇතුව පෙන්නහන්කො බලන්න. :baffled:

    උබ කියන කතාවේ ඇත්තකුත් තියෙනවා. බ්‍රෑන්ඩ් නිව් වල කැබින් එකේ තහඩුවෙත් ගේජ් එකේ වෙනසක් තියෙනවා.
    හැබැයි එන්ජින් වලනම් කිසිම අවුලක් මට දැනිල නෑ. මොනවා උනත් බඩු අලුත් නෙ. සීරෝ මයිලේජ්. කිලෝ මීටර් ලක්ෂෙකට වොරන්ටි තියෙනවා. :love:

    ඔය බර අදින කතාව ගැනත් කියන්නම්කො
    මගේ තිබුන ලොරියක් 2007 බ්‍රෑන්ඩ් නිව් කැන්ටර් අඩි 14.5.
    එකේ තිබුනේ 4D32 කියන එන්ජිම. මේක ගොඩක් පරණ එන්ජිමක්.
    1990 විතර JDM කැන්ටර් වලට තමා මේක ආවෙ. :baffled:
    BF195536_faeb4b.jpg


    ඉතින් 2007 හදන බ්‍රෑන්ඩ් නිව් කැන්ටර් එකේ තියෙන 4D32 එන්ජිම ගැන මිනිස්සු හිතන්නෙත් අර අවුරුදු 25 ක් විතර දුවල දෙතුන් පාර බෝර් කරපු එන්ජින් වල අද තත්වේ ගැන හිතල. කියන්නේ 4D32 අදින්නේ නෑ කියල. ඒත් මගේ ලොරිය 7000kg ගහල සෙකන්ඩ් එකේ පිකප් කරනවා. :D

    2007 අවුරුද්දේ JDM වලට ආවෙ 4M51 වගේ එන්ජින්. මේවල පවර් එක වැඩි බව ඇත්ත. ඒත් ලොකුම අවුල මේවල තෙල් වැඩ කරන්නේ නෑ. නෑ කියන්නේ නෑ ම තමයි :no:
    4D32 එකෙන් බාගයයි මේකෙ තෙල් කරන්නේ.
    ඔය එමිෂන් වගේ සීන් නිසා එන සෙන්සර් කෑලි කොහොමත් ලංකාවට හරියන්නෙම නෑ.
    අලුත් 2017 බ්‍රෑන්ඩ් නිව් වලට එන්නේ 4D34.

    බ්‍රෑන්ඩ් නිව් වල මාර්කට් එක JDM වලට වඩා අඩුයි. :yes:
    මේකට එක හේතුවක් වාහනේ රෙජිස්ටර් නම්බර් එක. මගෙ 2007 ලොරියේ තිබුනේ LG නම්බර් එකක්. ඒත් JDM 2007 ලොරියේ නොම්මරේ ගොඩක් වෙලාවට 2010 - 2012 වගේ නම්බර් එකක් නිසා ලංකාවේ වාහන මර්කෙට් එක හැදිලා තියෙන විදිහට JDM එකේ මිල වැඩි වෙනවා.
    :baffled:
    ඔප්ෂන් එහෙමත් මේකට බලපානවා.

    කොහොම උනත් වාහනේ ගන්නකොටත් අඩුවට ගන්න නිසා ලොකු අවුලක් නෑ.

    බ්‍රෑන්ඩ් නිව් ලොරියක් තියෙන කෙනෙක් ගෙන්ම අහපු නිසා ප්රුෆ් එකට ෆෝටෝ එකකුත් දාන්නම් :P

    GljXtA9.jpg


    iqP1X6e.jpg


    කොහොම උනත් අසාමාන්‍ය බරක් පටවන්නේ නැත්තන්. අවුරුදු පහකට ලීස් එකක් දාල බරෑන්ඩ් නිව් එකක් ම ගනිල්ලා. JDM ලොරියක මේන්ටේන් කෝස්ට් එකෙන් බාගෙකට 300,000km + දුවන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. :yes:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    බ්‍රෑන්ඩ් නිව් එකේ චැසි හයිය නෑ කියලා එහෙනම් අද අහගනින්. උඹ එක්කො ජපන් ඉසුසුවක් එක්ක බ්‍රෑන්ඩ් නිව් එකක් කම්පෙයා කරලා නෑ. නැත්තම් ඔය දෙකේ වෙනස දන්නේ නෑ. මෙහෙ උන් දන්නේ මැනුවල් පොම්පයි දුනුයි ඔප්ශන් නැති එකයි විතරයි. වී අදින්න එහෙම බ්‍රෑන්ඩ් නිව් ගත්ත එකෙක් ඉන්නව නම් අහලා බලපන් ලොරියට කොච්චර ලෝඩ් එක දානවද කියලා. අනික මාකට් එක. එව්වා ඉතින් කිව්වට බෑ අරන්ම බලහන්. ආයෙ දෙන්න යද්දි මතක් වෙයි එතකොට මේ කිව්ව එක. ;) ජපන්නු හොඳ වාහන හදාගෙන එහෙ දුවනවා. මෙහෙ සිංහලුන්ට එක එක රටවල් වලින් ඇසෙම්බල් කෑලි ගෙන්නලා අමුණලා දෙනව. රෙවෝඩ් සීරීස් එකේ එක ලොරියක් ජපානෙ දුවනව නම් පොඩ්ඩක් සාක්ෂි ඇතුව පෙන්නහන්කො බලන්න. :baffled:


    ඉසුසු ගැන නම් මම දන්නේ නෑ ! MITSUBISHI ගත්ත කිප දෙනෙක්(company drivers ල) කිව්වේ එහෙම අව්ලක් නෑ කියල :baffled:
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ටොන් 15න් එහා නම් ඉතින් මේ කතන්දර වෙනස් වෙනවා නේ....ටාටා LAL තමය් අපිට නම්..:yes: